අමානා බැංකුව යනු ශ්රී ලංකාව තුළ තම සියලුම බැංකුකරණ කටයුතු ඉස්ලාමික බැංකුකරණ මූලධර්ම අනුව, පොලිය පදනම් කරගත් ගනුදෙනු වලින් මුළුමනින්ම ඉවත් වී සිදුකිරීම සඳහා බලපත්ර හිමි එකම වාණිජ බැංකුවයි. පාරිභෝගික බැංකු සේවා, කුඩා හා මධ්යම පරිමාණ ව්යාපාර බැංකු සේවා, ආයතිනක බැංකුකරණ සේවා, භාණ්ඩාගාර සේවා සහ වෙළඳ මූල්ය සේවා යන සමස්ත පරාසය ආවරණය කරන සේවාවන් රාශියක් අමානා බැංකුව වෙතින් ලබාගත හැකි වේ.
දියුණුවට මංපෙත් විවර කරමින් ජීවිත පෝෂණය කිරීමේ මෙහෙවර පෙරදැරිව අමානා බැංකුව ශාඛා 32 ක් සහ ATM යන්ත්ර 4,000 කට වැඩි සංඛ්යාවක් ඔස්සේ ගනුදෙනුකරුවන් 300,000 කට අධික පිරිසකට සේවාවන් සලසන අතර, ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණය, අන්තර්ජාලය ඔස්සේ ගිණුම් විවෘත කිරීමේ පහසුකම, VISA ඩෙබිට් කාඩ්පත් සහ SMS Alerts සේවාව, 365 Day Banking සේවාව, සෙනසුරාදා බැංකු සේවාවන් ලබාදීම, දවසේ වැඩි කාලයක් බැංකු විවෘත තැබීම, පැය 24 පුරා ක්රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්ර, ස්වයං-බැංකු සේවා මධ්යස්ථාන සහ කාන්තාවන් සඳහා වෙනම බැංකුකරණ ඒකක වැනි පහසුකම් හා සේවාවන් රාශියක්ද ක්රියාවට නංවා ඇත.
‘Global Finance Magazine’ මගින් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර පවත්වන ලද 18 වන ‘ලොව විශිෂ්ටතම බැංකු’ සම්මාන උළෙලේදී වසරේ නැගී එන ඉස්ලාමික බැංකුව සම්මානය හිමිකර ගැනීමට අමානා බැංකුව සමත් විය. එමෙන්ම ප්රථම වරට ‘දකුණු ආසියා ඉස්ලාමික මූල්ය සම්මේලනයේ’ සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම ඉස්ලාමික මූල්ය ආයතනය’ සම්මානය හිමිකර ගැනීමටද අමානා බැංකුවට හැකියාව ලැබිණි. ෆිච් රේටිංස් මගින් අමානා බැංකුව වෙත ජාතික දීර්ඝකාලීන ශ්රේණියක් ලෙස ‘BB+(lka) with a RWN Outlook’ ශ්රේණිය පිරිනමා තිබේ.
We use cookies that help to increase the performance of our website to serve you better, to provide social media features and to analyse our traffic. Click accept to give your consent to accept cookies and go directly to the site or click on more information to see detailed descriptions of the Privacy Policy
