• Amãna Bank PLC Gold Safekeeping Facility - Main Visual

    ඔබේ රන් භාණ්ඩ ඔබේ බැංකුවේ සුරක්ෂිතව තබන්න.

රන් භාණ්ඩ ආරක්ෂණ පහසුකම

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

රන් භාණ්ඩ ආරක්ෂණ පහසුකම යනු ඉතා මිත‍්‍රශීලි බැංකු සේවාවකි. ඔබට අත්‍යවශ්‍යම මොහොතක, ඔබ සතු රන් ආභාරණ මත ලබාදෙන ඉතා විශ්වසදායී ආරක්ෂණ පහසුකමකි.

පාරිභෝගිකයකු රන් ආභරණ සේවාව ලබා ගැනීමේදී, එම භාණ්ඩවල සංශුද්ධතාවය සහ බර පරීක්ෂාකර බලා ආරක්ෂණ පහසුකම ලබා දී බැංකුව විසින් ”රන් භාණ්ඩ ආරක්ෂණ සහතික පත‍්‍රයක්” පිරිනමයි. එම පත‍්‍රයේ රන් ආභරණහි විස්තර, ගුණත්වය සහ ප‍්‍රමාණය සදහන් කෙරෙන අතරම එම භාණ්ඩවල වෙළඳපොළ මිල සහ ආරක්ෂණ ගාස්තු විස්තරද සදහන් වේ. ආරක්ෂණ ගාස්තු මාස 12ක කාලයකට අයකරන අතරම, මාස 12 න් පසු සේවාවෙන් නිදහස් වීමට හෝ නව තක්සේරුවක් යටතේ එම සේවාව යලි ආරම්භ කිරිමට හැකියාව ලැබේ.

කෙසේවෙතත් රන් භාණ්ඩ ආරක්ෂණ සහතික පත‍්‍රය නැවත පවරා මාස 12 අවසන් වීමට පෙර රන් ආභරණ නිදහස් කරගැනීමට හැකියාව ලැබෙන අතර එහිදී ආරක්ෂණ ගාස්තු ගණනය වන්නේ ආරක්ෂණ පහසුකම ලබාගත් කාලසීමාව සදහා පමණි. තවද, ආරක්ෂණ සහතික පත‍්‍රය ඇප ලෙස ඉදිරිපත් කර මුල්‍ය පහසුකමක්ද ලබා ගත හැක.

ප්‍රතිලාභ සහ විශේෂාංග

ප්‍රතිලාභ සහ විශේෂාංග
  • තැන්පතු අවශ්‍ය නොවේ
  • තරගකාරී රැඳවුම් ගාස්තු
  • වසරක් දක්වා සුරක්ෂිත කාලසීමාවක්
  • ආරක්ෂිත රත්තරන් සඳහා නොමිලේ තකාෆුල් ආවරණය
  • අමානා බැංකු රන් භාණ්ඩ ආරක්ෂණ සහතිකය ඇප මත හදිසි මුදල් පහසුකමක් ලබාගැනීමේ හැකියාව

Click here to view the Key Fact Document

Gold Safe Keeping facility charges

Gold Safe Keeping facility charges


With Effect from 01st July 2026

Karat Content Value of a Sovereign Applicable Gold safe keeping charges
(for 12 months)
Accounts Holders  Non-Account Holders 
22K Rs. 285,800/- Rs. 25,935/- Rs.  26,932/-
21K Rs. 273,000/- Rs. 24,843/- Rs. 25,798/-
20K Rs. 260,000/- Rs. 23,660/- Rs. 24,570/-
19K Rs. 247,000/- Rs. 22,477/- Rs.23,341/-
18K Rs. 234,000/- Rs. 21,294/- Rs. 22,113/-

රන් භාණ්ඩ ආරක්ෂණ පහසුකම ක්‍රියාත්මක වන්නේ කෙසේද?

රන් භාණ්ඩ ආරක්ෂණ පහසුකම ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මෙම වීඩියෝව අමානා බැංකුවේ රන් භාණ්ඩ ආරක්ෂණ පහසුකම ක්‍රියාත්මක වන්නේ කෙසේද පිළිබඳව පැහැදිලි කරයි.

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo