• Vantage 01
  • Vantage 02
  • Vantage 03
  • Vantage 04

Vantage Vantage

වාන්ටෙජ් බැංකුකරණ සේවාව

Apply Now

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

ජීවිතයේ නිම්වළලු පුළුල් කරගනිමින් ඉදිරියටම යන පුද්ගලයන් වෙනුවෙන්ම සැකසූ ඉහළම තලයේ බැංකු හා මූල්‍ය සේවා පදනමකි. අමානා බෑන්ක් වාන්ටේජ්. ඔබේ මූල්‍ය සාර්ථකත්වයේ හවුල්කරුවෙකු බවට පත්වෙමින් ඔබේ පෞද්ගලික දියුණුව වේගවත් කිරීම මෙහි අරමුණ වී ඇත. අපගේ සුවිශේෂී වූ බැංකුකරණ ආකෘතියෙන් පන්නරය ලබමින්, මෙරට පොලිය පදනම් කරගත් සාම්ප්‍රදායික බැංකුකරණයෙන් මුළුමනින්ම වෙනස් වූ එකම පෞද්ගලික බැංකු සේවාව මෙසේ අපි ඔබ වෙත පිරිනමන්නෙමු. ඉතින් තවත් ප්‍රමාද වන්නේ ඇයි? අදම ඔබේ දියුණුවේ හිණිපෙත්තට පිවිසීමේ ගමන ආරම්භ කරන්න. 

ඔබට ලැබෙන ප්‍රතිලාභ

ඔබට ලැබෙන ප්‍රතිලාභ

ඔබ වෙනුවෙන් සම්බන්ධතා කළමනාකරුවෙක් 

මූල්‍ය තීරණ ගැනීම යනු පහසු දෙයක් නොවේ. අප ඔබ වෙනුවෙන් අනියුක්ත කරන සම්බන්ධතා කළමනාකරු හරහා, ඔබගේ මූල්‍ය සම්පත් වඩාත් ඵලදායී ලෙස යොදාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔබට මගපෙන්වන අතරම, ඔබගේ වත්කම් වඩාත් හොඳින් කළමනාකරණය කිරීමටත්, වර්ධනය කිරීමටත්, ආරක්ෂා කිරීමටත් අපි පියවර ගන්නෙමු. ඒ අතරවාරයේ, හුදෙක් දුරකථන ඇමතුමක් ලබාදුන් පමණින්, ඔබගේ සියලුම බැංකු සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපගේ සම්බන්ධතා කළමනාකරු නොපිරිහෙළා කටයුතු කරනු ඇත. 

ඔබගේ මූල්‍ය ඉලක්ක වෙනුවෙන්ම සැකසූ විසඳුම් පෙළක් 

වාන්ටෙජ් බැංකුකරණ සේවාව හරහා  ඔබගේ මූල්‍ය අවශ්‍යතා සහ ඉලක්ක සඳහා ඉහළම ප්‍රමුඛත්වය හිමි වේ. අපගේ සම්බන්ධතා කළමනාකරු ඔබට වඩාත්ම ගැළපෙන, විශේෂයෙන් සැකසූ මූල්‍ය විසඳුම් හඳුනාගෙන, ඒවා ඔබට ගැළපෙන ආකාරයට සැලසුම් කර ඔබ වෙත ඉදිරිපත් කරනු ඇත. එය ඔබ දියුණුව කරා යන ගමනේ සුවිශේෂී පියවරක් වනු නොඅනුමාන ය. 

ප්‍රතිලාභ රාශියක්

ප්‍රතිලාභ රාශියක්

ඔබට ලැබෙන ප්‍රතිලාභ අතරින් කිහිපයක් :

  • මූල්‍ය සම්පාදන විසඳුම් සඳහා විශේෂ වරප්‍රසාද 
  • තෝරාගත් ශාඛා වල විශේෂ වූ වාන්ටේජ් මධ්‍යස්ථාන 
  • සුවිශේෂී දීමනා සහිත වාන්ටේජ් කාඩ්පතක් නොමිලේ 
  • ඔබ වෙනුවෙන්ම සැකසූ චෙක් පොතක් 
  • ගනුදෙනු සඳහා නොමිලේ කෙටි පණිවුඩ ඇඟවීම් සේවාව
  • දොරකඩ බැංකුකරණ සේවාව 
  • ජංගම දුරකථන බැංකු සේවාව 
  • අන්තර්ජාල බැංකු සේවාව

නිර්මාණශීලී ආයෝජන විසඳුම්

නිර්මාණශීලී ආයෝජන විසඳුම්

ෆිලේක්සි කාලීන ආයෝජන

ඔබේ ඉතුරුම් නැණවත් හා පහසු ලෙස කළමනාකරණය කරගැනීම සඳහා, ඉතුරුම් ගිණුමක සහ කාලීන ආයෝජන ගිණුමක ලක්ෂණ එක්තැන් කළ ගිණුමකි. 

මෙමගින් ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ඔබගේ කාලීන ආයෝජනයට අලුතින් මුදල් බැර කළ හැකි වේ. බැංකු ශාඛා වෙත පැමිණීමෙන්, මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර මගින්, ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීමෙන් හෝ ප්‍රේෂණ මගින් මෙලෙස මුදල් බැර කළ හැක. 

අමානා ඉතුරුම් සැලැස්ම

අමනා බැංකුවේ ඉතිරිකිරීමේ සැලැස්ම මඟින් ඉලක්කගත ඉතිරිකිරීමක් කරා ළඟා වීමට ඔබට පහසුකම් සපයන අතර ඉතිරිකිරීමේ විනය වර්ධනය කිරීමට ඔබට උපකාරී වේ.තවද ඔබට සහ ඔබේ පවුලේ අයට සහ ඔබගේ  මූල්‍ය අභිලාෂයන් ලග කරගැනීම  සඳහා අප විසින් නොමිලේ ජීවිත රක්ෂණ (තකාෆුල්) ආවරණයක් ලබා දෙන්නෙමු.

කාලීන ආයෝජන ගිණුම්

අපගේ කාලීන ආයෝජන ගිණුම් නිර්මාණය වී ඇත්තේ ලාභ බෙදාගැනීමේ මූලධර්මය පදනම් කරගෙන ය. අපගේ ආයෝජන එකතුව හරහා උපයාගත් ලාභයෙන් කොටසක් ඔබගේ ආයෝජනය වෙනුවෙන් ගෙවනු ලැබේ. ආයෝජන එකතුවේ ක්‍රියාකාරීත්වය යහපත් වන තරමට ඔබට ලැබෙන ප්‍රතිලාභද ඉහළ යනු ඇත. 

මූල්‍ය සම්පාදන විසඳුම්

මූල්‍ය සම්පාදන විසඳුම්
  • වාහන මූල්‍යකරණය සඳහා 
  • මහල් නිවාස මූල්‍යකරණය සඳහා (Apartment Finance)
  • නිවාස මූල්‍යකරණය සඳහා 
  • සූර්ය බලශක්තිය මූල්‍යකරණය සඳහා 
  • ඔබගේ සහ ඔබගේ ආදරණීයයන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා 
  •  පහසු ගෙවීම් සැලසුම් 
  • හදිසියකදී මුදල් 

සුදුසුකම්

සුදුසුකම්

රු. මිලියන 2 ට වැඩි කාලීන ආයෝජනයක් පවත්වාගෙන යාමෙන් හෝ මසකට රු. 75,000 කට වැඩි වැටුපක් අමානා බැංකුවේ ගිණුමක් වෙත මාසිකව බැර කිරීමෙන් වාන්ටෙජ් බැංකුකරණ සේවාවේ සුවිශේෂී සාමාජිකත්වය හිමිකරගන්න.

I Want to Apply

I Want to Apply

Apply Now

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo