ජීවිතයේ නිම්වළලු පුළුල් කරගනිමින් ඉදිරියටම යන පුද්ගලයන් වෙනුවෙන්ම සැකසූ ඉහළම තලයේ බැංකු හා මූල්‍ය සේවා පදනමකි. අමානා බෑන්ක් වාන්ටේජ්. ඔබේ මූල්‍ය සාර්ථකත්වයේ හවුල්කරුවෙකු බවට පත්වෙමින් ඔබේ පෞද්ගලික දියුණුව වේගවත් කිරීම මෙහි අරමුණ වී ඇත. අපගේ සුවිශේෂී වූ බැංකුකරණ ආකෘතියෙන් පන්නරය ලබමින්, මෙරට පොලිය පදනම් කරගත් සාම්ප්‍රදායික බැංකුකරණයෙන් මුළුමනින්ම වෙනස් වූ එකම පෞද්ගලික බැංකු සේවාව මෙසේ අපි ඔබ වෙත පිරිනමන්නෙමු. ඉතින් තවත් ප්‍රමාද වන්නේ ඇයි? අදම ඔබේ දියුණුවේ හිණිපෙත්තට පිවිසීමේ ගමන ආරම්භ කරන්න.
මූල්‍ය තීරණ ගැනීම යනු පහසු දෙයක් නොවේ. අප ඔබ වෙනුවෙන් අනියුක්ත කරන සම්බන්ධතා කළමනාකරු හරහා, ඔබගේ මූල්‍ය සම්පත් වඩාත් ඵලදායී ලෙස යොදාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔබට මගපෙන්වන අතරම, ඔබගේ වත්කම් වඩාත් හොඳින් කළමනාකරණය කිරීමටත්, වර්ධනය කිරීමටත්, ආරක්ෂා කිරීමටත් අපි පියවර ගන්නෙමු. ඒ අතරවාරයේ, හුදෙක් දුරකථන ඇමතුමක් ලබාදුන් පමණින්, ඔබගේ සියලුම බැංකු සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපගේ සම්බන්ධතා කළමනාකරු නොපිරිහෙළා කටයුතු කරනු ඇත.
වාන්ටෙජ් බැංකුකරණ සේවාව හරහා ඔබගේ මූල්‍ය අවශ්‍යතා සහ ඉලක්ක සඳහා ඉහළම ප්‍රමුඛත්වය හිමි වේ. අපගේ සම්බන්ධතා කළමනාකරු ඔබට වඩාත්ම ගැළපෙන, විශේෂයෙන් සැකසූ මූල්‍ය විසඳුම් හඳුනාගෙන, ඒවා ඔබට ගැළපෙන ආකාරයට සැලසුම් කර ඔබ වෙත ඉදිරිපත් කරනු ඇත. එය ඔබ දියුණුව කරා යන ගමනේ සුවිශේෂී පියවරක් වනු නොඅනුමාන ය.
ඔබට ලැබෙන ප්‍රතිලාභ අතරින් කිහිපයක් :
ඔබේ ඉතුරුම් නැණවත් හා පහසු ලෙස කළමනාකරණය කරගැනීම සඳහා, ඉතුරුම් ගිණුමක සහ කාලීන ආයෝජන ගිණුමක ලක්ෂණ එක්තැන් කළ ගිණුමකි.
මෙමගින් ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ඔබගේ කාලීන ආයෝජනයට අලුතින් මුදල් බැර කළ හැකි වේ. බැංකු ශාඛා වෙත පැමිණීමෙන්, මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර මගින්, ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීමෙන් හෝ ප්‍රේෂණ මගින් මෙලෙස මුදල් බැර කළ හැක.
අමනා බැංකුවේ ඉතිරිකිරීමේ සැලැස්ම මඟින් ඉලක්කගත ඉතිරිකිරීමක් කරා ළඟා වීමට ඔබට පහසුකම් සපයන අතර ඉතිරිකිරීමේ විනය වර්ධනය කිරීමට ඔබට උපකාරී වේ.තවද ඔබට සහ ඔබේ පවුලේ අයට සහ ඔබගේ මූල්‍ය අභිලාෂයන් ලග කරගැනීම සඳහා අප විසින් නොමිලේ ජීවිත රක්ෂණ (තකාෆුල්) ආවරණයක් ලබා දෙන්නෙමු.
අපගේ කාලීන ආයෝජන ගිණුම් නිර්මාණය වී ඇත්තේ ලාභ බෙදාගැනීමේ මූලධර්මය පදනම් කරගෙන ය. අපගේ ආයෝජන එකතුව හරහා උපයාගත් ලාභයෙන් කොටසක් ඔබගේ ආයෝජනය වෙනුවෙන් ගෙවනු ලැබේ. ආයෝජන එකතුවේ ක්‍රියාකාරීත්වය යහපත් වන තරමට ඔබට ලැබෙන ප්‍රතිලාභද ඉහළ යනු ඇත.
රු. මිලියන 2 ට වැඩි කාලීන ආයෝජනයක් පවත්වාගෙන යාමෙන් හෝ මසකට රු. 75,000 කට වැඩි වැටුපක් අමානා බැංකුවේ ගිණුමක් වෙත මාසිකව බැර කිරීමෙන් වාන්ටෙජ් බැංකුකරණ සේවාවේ සුවිශේෂී සාමාජිකත්වය හිමිකරගන්න.
We have received your inquiry and will get back to you in due course.
We use cookies that help to increase the performance of our website to serve you better, to provide social media features and to analyse our traffic. Click accept to give your consent to accept cookies and go directly to the site or click on more information to see detailed descriptions of the Privacy Policy
