• Import/Local Purchase Financing - Main Visual

ආනයන/ දේශීය මිලදීගැනීම් සඳහා මුදල් සම්පාදනය

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

ආනයන/ දේශීය මිලදීගැනීම් සඳහා මුදල් සම්පාදනය (Murabaha Financing) යනු, ගනුදෙනුකරුගේ ඉල්ලීම මත බැංකුව විසින් තුන්වන පාර්ශ්වයකට අයත් සැපයුම්කරුවෙකු/අලෙවිකරුවෙකු වෙතින් කිසියම් වත්කමක් මිලදීගෙන, එය එකඟ වූ දළ ලාභයක් (වියදම සහ ලාභය) යටතේ, එසැණින් මුදල් ගෙවීමේ හෝ පසුව මුදල් ගෙවීම් පදනම මත ගනුදෙනුකරුට අලෙවි කිරීම සඳහා වන එකඟතාවකි. ගනුදෙනුවක වියදම හඳුනාගත නොහැකි නම් සහ විකිණුම් මිල පමණක් අනාවරණය කර ඇත්නම්, දේශීය හෝ විදේශීය වශයෙන් Musawama සංකල්පය භාවිතා කළ හැක. 

සේවාවේ විශේෂාංග

සේවාවේ විශේෂාංග
    • ආනයන/ දේශීය මිලදීගැනීම් සඳහා මුදල් සම්පාදනය පහත සඳහන් අවශ්‍යතා සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හෝ දීර්ඝකාලීන විසඳුමක් ලෙස භාවිතා වේ. 
      •  අමුද්‍රව්‍ය 
      • භාණ්ඩ තොග
      • උපකරණ 
      • වත්කම් 
      • රථවාහන 
      • හෝ වෙනත් ඕනෑම ආකාරයක වත්කමක් මිලදීගැනීම 
    • ගනුදෙනුකරුට අලෙවි කෙරෙන භාණ්ඩය ස්පර්ශ්‍ය (Tangible) ලෙස පැවතිය යුතු හෝ එය පවත්නා බවට තහවුරු කිරීමක් පැවතිය යුතු අතර, එහි අයිතිය එය අලෙවි කරන්නා සතුව පැවතිය යුතු ය. 
    • භාණ්ඩයේ මිල සම්බන්ධයෙන් බැංකුව, ගැනුම්කරු හා විකිණුම්කරු අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය යුතු ය. 
    • නම්‍යශීලී ගෙවීම් ක්‍රම (කෙටිකාලීන/ දීර්ඝකාලීන)

Click here to view the Key Fact Document

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo