• Amãna Bank PLC Our Model - Main Visual

දැනුම් කේන්ද්‍රය

4 3 2 1

අපගේ බැංකු සේවා ආකෘතිය

අපගේ බැංකු සේවා ආකෘතිය

දළ විශ්ලේෂණයක්

බැංකුකරණය සම්බන්ධයෙන් අමානා බැංකුව විසින් අනුගමනය කරනු ලබන්නේ වෙනස් ආකාරයක ප්‍රවේශයකි. අපගේ මූලධර්ම වලට අනුකූලව, අපගේ ගනුදෙනුකරුවන් කෙරෙහි දක්වන ගෞරවය හා මනුෂ්‍යත්වය මෙන්ම ස්ථාවරත්වය හා සුවිශේෂීත්වය යන ගුණාංග මූලික කරගනිමින් අපි බැංකුකරණය සඳහා නව මාවතක් තෝරාගෙන ඇත්තෙමු.

අප කටයුතු කරන ආකාරයේ විශේෂත්වය වන්නේ, අපේ ගනුදෙනු හුදෙක් මුදල් (ණය ගැනීම හා ණය දීම) වලට සීමා නොකර, ඒවා අනෙකුත් ප්‍රධාන ආර්ථික කටයුතු වන වාණිජ සේවා, ලීසිං සහ ආයෝජන වැනි අංශ සමග ඒකාබද්ධ කර ක්‍රියාවට නැංවීමයි. මේ සුවිශේෂී ප්‍රවේශය නිසා, පෞද්ගලික මට්ටමින් හා ආයතනික පමණක් පමණක් නොව ජාතික මට්ටමින්ද අපගේ මූල්‍ය ශික්ෂණය ආරක්ෂා කර ගැනීමට අපට හැකිවී ඇති අතර, එය අපගේ සමස්ත මූල්‍ය ස්ථාවරත්වය යහපත් ලෙස පවත්වා ගැනීමටද උපකාරී වී තිබේ. අපගේ ව්‍යාපාර ආකෘතිය නිසා, ප්‍රතිලාභ ඉපැයුම් සඳහා පදනමක් ලෙස මූල්‍ය අවශික්ෂණය නොව මූල්‍ය ශික්ෂණය භාවිතා කිරීමට අපට හැකියාව ලැබී ඇත.

අපි කිසිවිටෙකත්, කොතෙක් ලාභ ඉපයීමට හැකි වුවත්, සමාජයට හානිකර වන මත්පැන්, සූදු හෝ දුම්කොළ වැනි කර්මාන්ත වලට සම්බන්ධ නොවන අතර, ඔබගේ ආයෝජනයන් ඒ සඳහා යොමුකිරීමද සිදු නොකරන්නෙමු. අපගේ පරමාර්ථය වන්නේ රටේ ජනතාවගේ දියුණුවට මංපෙත් විවර කරන අතරම ඔවුන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමයි.

සාම්ප්‍රදායික බැංකුකරණය සහ, අපගේ ආකෘතිය වන පොලිය පදනම් කර නොගත් සහභාගීත්ව බැංකුකරණය අතර ප්‍රධාන වෙනස්කම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අධ්‍යාපනික වීඩියෝ එකතුවක් නිකුත් කිරීමට අප පියවර ගෙන ඇත. අප ලබාදෙන ජනතා හිතවාදී සේවාවන් හා බැංකු සේවා විසඳුම් සම්බන්ධ වැදගත් තොරතුරු ඇතුළත් එම වීඩියෝ එකතුව පහතින් දක්වා තිබේ.

Our Model Video

  • Islamic Banking vs Traditional Banking

    ගොඩාක් සැටිස් ඒගොල්ලන්ගේ සර්විස් එක ගැන - සුරංග සම්පත්

    Is Islamic Banking any different from Conventional Banking? Watch this video to enlighten yourself

අපගේ බැංකුකරණ ආකෘතිය වටහා ගැනීම

  • Trade Based Financing

    වෙළඳ කටයුතු පදනම් කරගත් මූල්‍ය සම්පාදනය

    වෙළඳාම පදනම් කරගත් මූල්‍ය පහසුකම (මුරාබහා) ක්‍රියාත්මක වන්නේ කෙසේද?

  • Vehicle Financing

    රථවාහන සඳහා මූල්‍ය සම්පාදනය (ෆිනෑන්ස්)

    වාහන මූල්‍ය පහසුකම ක්‍රියාත්මක වන්නේ කෙසේද? (ඉජාරා)

  • Home Financing

    Home Financing

    නිවාස මූල්‍ය පහසුකම ක්‍රියාත්මක වන්නේ කෙසේද?((Diminishing Musharakah)

  • Savings and Investment Accounts

    ඉතිරිකිරීම් හා කාලීන ආයෝජන ගිණුම්

    ඉස්ලාමීය බැංකුවක ඉතිරිකිරීමේ හා කාලීන ආයෝජන ගිණුම් ක්‍රියාත්මක වන්නේ කෙසේද?

  • Gold Safekeeping

    රන් භාණ්ඩ ආරක්ෂණ පහසුකම

    රන් භාණ්ඩ ආරක්ෂණ පහසුකම ක්‍රියාත්මක වන්නේ කෙසේද?

  • Emergency Cash

    Emergency Cash

    How does Emergency Cash Work?

ඔබ අමානා බැංකුව තෝරාගත යුත්තේ ඇයි?

ඔබ අමානා බැංකුව තෝරාගත යුත්තේ ඇයි?
  • මානුෂ හිතවාදී බැංකුකරණය

    • අප ගනුදෙනුකරුවන් මුහුණ දෙන දුෂ්කරතා තුළින් ලාභ උපයන බැංකුවක් නොවේ. අපි පොලිය, ප්‍රමාද ගාස්තු හෝ දඩ මුදල් අය නොකරන්නෙමු.
    • අප සෑම විටම වගකීම්සහගත සහ ආචාරධාර්මික බැංකුකරණ ක්‍රමවේදයන් අනුගමනය කරන අතර, මූල්‍ය සාර්ථකත්වය තරමටම අවංකභාවයටද ප්‍රමුඛත්වය දෙන්නෙමු.
    • අපගේ ගනුදෙනුකරුවන්ට හිමි වන ප්‍රතිලාභ, බැංකුවේ ආයෝජන කාර්යසාධනය අනුව වර්ධනය වේ.
    • අපගේ ගනුදෙනුකරුවන් ලබාගත් මූල්‍ය පහසුකම් නියමිත කාලසීමාවට පෙර ගෙවා අවසන් කිරීමේදී අප විසින් දඩ මුදල් අයකරනු නොලැබේ.
  • පොලිය පදනම් කර නොගත් බැංකු සේවා ක්ෂේත්‍රයේ නායකත්වය

    • ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම ඉස්ලාමීය බැංකුකරණ මූලධර්ම අනුව ක්‍රියාත්මක වන එකම බලපත්‍රලාභී පරිපූර්ණ සේවා වාණිජ බැංකුව අමානා බැංකුවයි.
    • පාරිභෝගික, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, ආයතනික, ආයෝජන සහ වෙළඳ මූල්‍ය ඇතුළු සියලු කාණ්ඩවලට අයත් මූල්‍ය සේවාවන් පිරිනමන, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු සහ පුරෝගාමියෙකු වන බැංකුවකි.
    • මුස්ලිම් සුළුතරයක් සහිත රටක ඉස්ලාමීය බැංකුකරණය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ලොවටම ආදර්ශයක් ලබා දුන් බැංකුවක් ලෙස කීර්තියක් දිනා ඇත.
  • අමානා බැංකුවේ ශක්තිය

    • Asian Banker විසින් ලොව ඉස්ලාමීය බැංකු 500 කට අධික සංඛ්‍යාවක් අතරින් වඩාත්ම ශක්තිමත් බංකු 25 අතරට නම්කරන ලදි.
    • AAA- ශ්‍රේණිය හිමි බහුපාර්ශ්වීය කොටස් හිමිකරුවෙකුගේ (Islamic Development Bank Group) පිටුබලය ලබන ශ්‍රී ලංකාවේ එකම බැංකුවයි.
    • ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන බැංකුවක් ලෙස සැලකෙන අතර, මේ වන විට තැන්පතු රු. බිලියන 150 ඉක්මවා ඇත.
    • BBB- (Fitch Ratings) සහ BBB+ (LRA Ratings) වශයෙන් ආයෝජන මට්ටමේ ණය ශ්‍රේණි දෙකක් හිමි කරගෙන තිබේ.
    • දිගින් දිගටම ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරගනිමින් රු. බිලියන 2.7 කට අධික බදු පෙර ලාභයක් වාර්තා කර ඇති අතර, එම සාර්ථකත්වය ඔස්සේ අඛණ්ඩව වසර 7 ක් පුරා ලාභාංශ ගෙවා ඇත.
  • ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන විශිෂ්ට සේවාවක්

    • Prestige, Vantage, ExpatGold සහ Business Plus යන කාණ්ඩ යටතේ ප්‍රමුඛතා බැංකු සේවාවන්ද සමගින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට අනුව පාරිභෝගික සම්බන්ධතා කටයුතු කළමනාකරණය කෙරේ.
    • කාන්තාවන්ගේ පහසුව හා පෞද්ගලිකත්වය තහවුරු වන ආකාරයට වෙනම කාන්තා ඒකක පිහිටුවා ඇති ශ්‍රී ලංකාවේ එකම බැංකුවයි.
    • විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වෙනම බැංකු සේවා විසඳුමක් හඳුන්වා දී ඇත.
    • ශ්‍රී ලංකාව තුළ අංක ඇතුළත් කිරීම වෙනුවට සෘජුවම කාර්ය මණ්ඩලය සමග ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දෙන එකම ඇමතුම් මධ්‍යස්ථානය සහිත බැංකුවයි.
    • එක් ඇමතුමක් ලබාදුන් පසුව ඉදිරි ඇමතුම් සඳහා ගනුදෙනුකරු කැමති භාෂාව මතක තබාගන්නා සුවිශේෂී ඇමතුම් මධ්‍යස්ථාන අත්දැකීමක්.
  • සේවාවන් ලබාගැනීමේ පහසුව

    • තැන්පතු සේවා ස්ථාන 1,000 කට අධික සංඛ්‍යාවක් සහිත ශ්‍රී ලංකාවේ විශාලතම ස්වයංක්‍රීය තැන්පතු සේවා ජාලය
    • මුදල් තැන්පත් කිරීම, ආපසු ගැනීම සහ චෙක්පත් තැන්පත් කිරීම යන සේවාවන් ලබාදෙන විශාලතම ස්වයං-බැංකුකරණ සේවා ජාලය .

Customer Stories

Customer Stories
  • Amana bank Testimonial

    ගොඩාක් සැටිස් ඒගොල්ලන්ගේ සර්විස් එක ගැන - සුරංග සම්පත්

  • Amana bank Testimonial

    මේ බැංකුව ඇත්තටම මනුෂ්‍යත්වය හඳුනන බැංකුවක් කියල කිව්වොත් නිවැරදියි කියල මං හිතනවා - මංගල දූල්වල

  • Amana bank Testimonial

    ඉපැයීමේ හැකියාව අහිමි වූ ඉල්ලියාස්ට තම නිවාස මූල්‍ය පහසුකම සඳහා බැංකුව ලබා දුන් විසඳුම

  • Amana bank Testimonial

    ලීසිං එකක් අරන් වාහනේ කන්ඩෙම්න් වෙන්නම හැප්පුනොත් ඔබට ලාභයක්ද? අලාභයක්ද?

Interview on Non Interest Banking model

Interview
  • Amana bank Interview with Hari tv

    Amana බැංකුව Customer කෙනෙක්ගේ දුකෙන් ලාභ ලබන බැංකුවක් නෙමෙයි | Hari tv

Enhance Your Financial Knowledge.

Sign up with your name and email to explore exclusive insights and refreshing learning experience through an innovative and unparalleled platform with latest learning resources from our Knowledge Centre.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo