• BusinessPlus 01

    Experience The Advantage Enjoy The Privileges

  • BusinessPlus 02

    Experience The Advantage Enjoy The Privileges

  • BusinessPlus 03

    Experience The Advantage Enjoy The Privileges

  • BusinessPlus 04

    Experience The Advantage Enjoy The Privileges

  • BusinessPlus 05

    Experience The Advantage Enjoy The Privileges

Amana bank Business Plus

Experience the Advantage Enjoy the Privilege

අමානා බෑන්ක් බිස්නස් ප්ලස්

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

වෙනස දකින්න. ප්‍රතිලාභ අත්විඳින්න

ව්‍යාපාරයක හිමිකරුවෙකු ලෙස, ඔබේ ව්‍යාපාරයේ වර්ධනයට වැඩි කාලයක් යෙදවිය හැකි ආකාරයේ මානසික සැහැල්ලුවක් ඔබට ලබාදෙන ව්‍යාපාරික බැංකුකරණ සබැඳියාවක් ඔබට හිමිවිය යුතුම ය. 

අමානා බැංකුවේ ‘බිස්නස් ප්ලස්’ වෙතට ඔබ සාදරයෙන් පිළිගනිමු! 

ඔබට ලැබෙන ප්‍රතිලාභ

ඔබට ලැබෙන ප්‍රතිලාභ

Helping you to invest more Time in Growing your Business

ඔබ වෙනුවෙන් සේවාවන් සැලසීමට සම්බන්ධතා කළමනාකරුවෙක් 

ඔබ වෙනුවෙන් අනියුක්ත කෙරෙන අපගේ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරු ඔබගේ සියලුම බැංකු සේවා අවශ්‍යතා සඳහා ඔබට සහය වනු ඇති අතර, දුරකථන ඇමතුමක් ලබාදුන් සැණින් ඔබට අවශ්‍ය සේවාවන් සැලසීම සඳහා පියවර ගනු ඇත. 

දොරකඩ බැංකුකරණය 

දෛනික තැන්පතු සඳහා  බැංකු ශාඛා වෙත යාම අවශ්‍ය නැත. අපගේ  දොරකඩ බැංකුකරණ සේවාව මගින් ඔබේ කාර්යාලයේ සිටම ඔබේ ගිණුමට මුදල් හා චෙක්පත් බැරකිරීමට ඔබට අවස්ථාව හිමි වේ. 

අන්තර්ජාල බැංකුකරණය සහ කෙටි පණිවුඩ ඇඟවීම් සේවාව 

අපගේ සුරක්ෂිත අන්තර්ජාල බැංකු සේවා පදනම සහ කෙටි පණිවුඩ ඇඟවීම් සේවාව හරහා ඔබගේ බැංකු ගනුදෙනු සම්බන්ධ විස්තර ඕනෑම මොහොතක, ඕනෑම ස්ථානයක සිට පරීක්ෂා කර, අවශ්‍ය පියවර ගතහැකි වේ.  

වැටුප් ගෙවීම් විසඳුම් 

ඔබේ ව්‍යාපාරයේ දියුණුවට යෙදවිය යුතු කාලය කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය ගැන සිතීම සඳහා වැයකළ යුතු නොවේ. අපගේ වැටුප් ගෙවීමේ සේවාව ඔස්සේ එම ක්‍රියාවලිය ඔබ වෙනුවෙන් සිදුකිරීමට අප සූදානම්. 

විශේෂ මිලගණන්

විශේෂ මිලගණන්

අමානා බැංකුවේ ‘බිස්නස් ප්ලස්’ සේවාව තුළදී ඔබට පහත සඳහන් සේවාවන් නොමිලේ හෝ වට්ටම් යටතේ හිමි වේ. 

  • වෙළඳ සේවාවන් (ආනයන/අපනයන) සඳහා වට්ටම් අනුපාත
  • ඇපකර ලිපි සඳහා වට්ටම් අනුපාත
  • මුදල් හුවමාරු, ශේෂය තහවුරු කිරීම් සහ ගිණුම් ප්‍රකාශ සඳහා වට්ටම්
  • චෙක් පොත් සහ බැංකුකරුගේ චෙක්පත් නිකුත් කිරීම නොමිලේ 

සුදුසුකම්

සුදුසුකම්

බිස්නස් ප්ලස් සිල්වර් 

ඔබේ ව්‍යාපාරික ගිණුමේ රු. 250,000 ක දළ ශේෂයක් පවත්වාගැනීම 

ප්‍රතිලාභ*

  •  නොමිලේ සන්නාමය සඳහන් චෙක් පොත්: මසකට චෙක්පොත් 2 ක් (චෙක්පත් 25 බැගින් අඩංගු)
  • RTGS ගනුදෙනු සඳහා 25% ක වට්ටමක්
  • පහත සඳහන් සේවාවන් සඳහා 10% ක වට්ටමක් 
                     o  ආනයන ණයවර ලිපි නිකුත් කිරීම 
                     o  ආනයන වෙළඳ එකතු කිරීම් 
                     o   ඇපකර ලිපි 
  • තවත් ප්‍රතිලාභ රාශියක් 

බිස්නස් ප්ලස් ගෝල්ඩ් 

ඔබේ ව්‍යාපාරික ගිණුමේ රු. 2,000,000 ක දළ ශේෂයක් පවත්වාගැනීම. 

ප්‍රතිලාභ*

  • නොමිලේ සන්නාමය සඳහන් චෙක් පොත්: මසකට චෙක්පොත් 4 ක් (චෙක්පත් 25 බැගින් අඩංගු)
  • RTGS ගනුදෙනු සඳහා 50% ක වට්ටමක්
  • පහත සඳහන් සේවාවන් සඳහා 25% ක වට්ටමක්
            o   ආනයන ණයවර ලිපි නිකුත් කිරීම 
            o   ආනයන වෙළඳ එකතු කිරීම් 
            o   ඇපකර ලිපි
  • තවත් ප්‍රතිලාභ රාශියක් 

අප හා සම්බන්ධ වන්න

අප හා සම්බන්ධ වන්න
අපගේ විශේෂ ක්ෂණික ඇමතුම් අංකය වන 011 7 756 756 අමතන්න. නැතිනම් [email protected] විද්‍යුත් ලිපිනය හරහා විමසන්න.

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo