• Prestige Banking 01
  • Prestige Banking 02
  • Prestige Banking 03
  • Prestige Banking 04
  • Prestige Banking 05

prestige Banking

A New Class of Banking

ප්‍රේස්ටීජ් බැංකුකරණ සේවාව

Apply Now

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

අමානා බැංකුවේ ප්‍රේස්ටීජ් බැංකුකරණ සේවාව යනු අපගේ වටිනාම ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම වෙන්වූ සේවාවකි. තම එදිනෙදා බැංකු සහ මූල්‍ය සේවා අවශ්‍යතා වලදී තමන්ට හොඳින් ගැළපෙන ආකාරයට, විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට මෙම සේවාව හොඳින් ගැළපේ. 

එමෙන්ම ශ්‍රී ලංකාවේ පොලිය පදනම් කර නොගත්, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සඳහා වෙන් වූ එකම බැංකු සේවාව අමානා බැංකුවේ ප්‍රේස්ටීජ් බැංකුකරණ සේවාවයි. මෙය අපගේ ගනුදෙනුකරුවන්ගේ යහපත උදෙසා කැපවෙමින්, සේවාවන් වැඩිදියුණු කරමින්, දිනෙන් දින අප දියුණුව කරා ගමන් කරමින් සිටින බවට මනා සාක්ෂියක්ද වේ. 

ප්‍රතිලාභ

ප්‍රතිලාභ

පාරිභෝගික සම්බන්ධතා කළමණාකරුවෙකුගේ සේවාව 

ඔබ අමානා බැංකුවේ සේවාවන් සඳහා ලියාපදිංචි වූ විට අප සෑම විටම උත්සාහ කරන්නේ ඔබගේ වත්කම් කළමනාකරණය, වර්ධනය සහ ආරක්ෂා කරගැනීම සඳහා විශිෂ්ටතම මට්ටමේ සේවාවක් ඔබට ලබාදීමට ය.  ප්‍රේස්ටීජ් බැංකුකරණ සේවාව හරහා ඔබ වෙනුවෙන් අනියුක්ත කෙරෙන පාරිභෝගික සම්බන්ධතා කළමණාකරු මෙම සේවාවන් ඔබ වෙත සමීප කරවීමට මෙන්ම ඔබට අවශ්‍ය තවත් බොහෝ සේවාවන් සැපයීමට නොපමාව අවශ්‍ය පියවර ගනු ඇත. 

පාරිභෝගික සම්බන්ධතා කළමණාකරු ඔබගේ අවශ්‍යතා ඉටුකර දෙමින්, ඔබට බැංකු හා ආයෝජන උපදෙස් ලබාදීමට කටයුතු කරනු ඇති අතර, ඔබගේ සියලුම ගනුදෙනු ඔබට පහසුම ආකාරයෙන් සිදුකිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීමට සූදානමින් සිටී. 

ශාඛා වලදී ප්‍රමුඛතා සේවාවන් 

කාලය සහ පහසුව ඔබට කෙතරම් වැදගත්ද යන්න අපි දනිමු. ඔබේ කාර්යබහුලත්වය හොඳින් දන්නා බැවින්ම, අපගේ සේවා ස්ථාන සිල්ලෙහිදීම ඔබට ප්‍රමුඛත්වය ලබාදීමට අප පියවර ගෙන ඇත. ඔබ අපගේ ශාඛාවකට පැමිණි විට, සෑම විටම ඔබගේ අවශ්‍යතා සඳහා අපගේ ප්‍රමුඛ අවධානය යොමුකෙරේ. 

අපගේ ප්‍රධාන ශාඛාව තුළ ප්‍රෙස්ටීජ් බැංකුකරණ ගනුදෙනුකරුවන් සඳහා වෙනම ස්ථානයක් වෙන්කර ඇති අතර එහිදී ඔබට පහසුවෙන් හා ඔබේ පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයට සේවාවන් ලබාගත හැකි වේ. 

දුරකථන ඇමතුම් මගින් සේවාව 

ඔබ කාර්යබහුල නම්, අපගේ ශාඛා වෙත පැමිණීමෙන් තොරව වුවද ඔබට සේවාවන් ලබාගත හැකි වේ. ඔබ දුරකථන ඇමතුමක් ලබාදුන් විට, ඔබ වෙතටම පැමිණ සේවාවන් ලබාදීමට අපි සූදානමින් සිටිමු. සේවාවන් රාශියක් සඳහා ඔබට මේ ආකාරයට ඔබේ නිවසේ හෝ කාර්යාලයේ සිටම සේවාවන් ලබාගැනීමේ පහසුකම ලබාදී ඇත. 

විශේෂ සේවාවන්

විශේෂ සේවාවන්
  • මූල්‍ය සම්පාදනය සහ පාරිභෝගික බැංකු සේවාවන් සඳහා විශේෂ අනුපාත
  • සුරක්ෂිත තැන්පතු ලොකර් පහසුකම නොමිලේ (සේවාව පවතී නම්)
  • ගනුදෙනුකරු වෙනුවෙන් විශේෂයෙන් සැකසූ ප්‍රෙස්ටීජ් චෙක් පොතක් 

ඔබේ වැඩි පහසුවට... 

  • ලොව පුරා පළමු පන්තියේ සහ ව්‍යාපාර පන්තියේ ගුවන්තොටුපල විවේකාගාර 1200 කට අධික ගණනකට ප්‍රවේශය(නොමිලේ පිවිසීම්ද ඇතුළත්ව)
  • කොළඹ 3 පිහිටි අපගේ ප්‍රධාන ශාඛාවේ 4 වන මහලේ පිහිටි ‘Prestige Banking Business Lounge’ භාවිතා කිරීමේ හැකියාව 
  • සියලුම අමානා බැංකු ශාඛා වලදී ප්‍රමුඛත්වය 
  • දොරකඩ බැංකුකරණ සේවාව- සේවාවන් රාශියක් ඔබේ නිවසේ හෝ කාර්යාලයේ සිටම ලබාගැනීමේ අවස්ථාව 
  • දිවයින පුරා ATM යන්ත්‍ර 3500 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමේ හැකියාව 
  • අන්තර්ජාල බැංකු සේවාව 
  • ජංගම දුරකථන බැංකු සේවාව
  • ඩෙබිට් කාඩ්පත් මගින්  අන්තර්ජාලය හරහාකිරීමේ හැකියාව

සුදුසුකම්

සුදුසුකම්

වැටුප් නොලබන පුද්ගලයින්

  • රු. 10,000,000 හෝ ඕනෑම විදේශ මුදල් වර්ගයකින් ඊට සමාන වටිනාකමක් සහිත කාලීන ආයෝජනයක් අවම වශයෙන් මාස 3 ක කාලයක් පවත්වා ගැනීම 


වැටුප් ලබන පුද්ගලයන් සඳහා 

  • ගිණුමට බැර වන වැටුප අවම වශයෙන් රු. 350,000 ක් වීම

ප්‍රවර්ධන

ප්‍රවර්ධන
  • GLOBE TROTTING MADE CONVENIENT

    Door to Door Visa සේවාවන් සඳහා වට්ටම් අනුපාත 

අප හා සම්බන්ධ වන්න

අප හා සම්බන්ධ වන්න

Apply Now

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo