• Amana Bank Teen Savings

    Smart for Teens Secure for Parents!

අමානා බැංකු ටීන් සේවින්ග්ස්

Apply Now

4 3 2 1

අමානා බැංකු ටීන් සේවින්ග්ස් Apply Now

අමානා බැංකු ටීන් සේවින්ග්ස්

ඔබගේ තරුණ දරුවාගේ මූල්‍ය ස්වාධීනත්වයට පළමු පියවර තැබීමට සහය වන්න. මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීමට, තම සිහින සඳහා සුරක්ෂිතව ඉතිරි කිරීමට සහ ශක්තිමත් මූල්‍ය අනාගතයක් ගොඩනැගීමට අවශ්‍ය උපකරණ ඔවුන්ට සපයන්න. බුද්ධිමත් වියදම් කිරීම, නීතිමය හා සාධාරණ තීරණ ගැනීම සහ සාධාරණත්වයේ වටිනාකම ඔවුන්ට ඉගැන්වීමට ඔබට හැකිය. ඉතිරි කිරීම සහ ගනුදෙනු පහසුකම් එකට එක් කරගත් මෙම ගිණුම මඟින්, ඔබගේ නිරීක්ෂණය යටතේ ඔබගේ දරුවාට බජට් කිරීම, ඉතිරි කිරීම සහ බුද්ධිමත් ලෙස වියදම් කිරීම ඉගෙන ගත හැක.

අමානා බැංකු ටීන් සේවින්ග්ස් – ටීන් සඳහා බුද්ධිමත්, දෙමාපියන් සඳහා ආරක්ෂිත!

සුදුසුකම්

  • වයස අවුරුදු 13 සිට 18 ට අඩු ශ්‍රී ලාංකික පුරවැසියන්

වාසි

  • පෙර සකස් කළ ගනුදෙනු සීමා සහිත, සාප්පු කිරීම හා ATM භාවිතයට හැකි ඩෙබිට් කාඩ්පත
  • බිල් ගෙවීම් හා මුදල් මාරු සඳහා පෙර සකස් කළ සීමා සහිත ඔන්ලයින් බැංකු පහසුකම
  • ඩෙබිට් කාඩ් සහ ඔන්ලයින් ගනුදෙනු සඳහා දෙමාපියන්ගේ ජංගම දුරකථනයට SMS ඇඟවීම්
  • ඊ-ස්ටේට්මන්ට් (E-Statement) පහසුකම
  • මාසිකව ලාභ ගෙවීම්
  • දරුවාගේ පවතින Kids Savings සහ Term Investment ගිණුම් වල ලාභය ටීන් සේවින්ග්ස් ගිණුමට මාරු කිරීමේ හැකියාව
  • GCE O/L සහ A/L විභාගවල උසස් ප්‍රතිඵල ලබා ගන්නා සිසුන්ට මුදල් ත්‍යාග
  • ස්ථිර නියෝග (Standing Order) පහසුකම ලබා ගැනීමේ හැකියාව

අවශ්‍ය ලේඛන

  • දරුවාගේ උපන් සහතිකය හෝ (වයස 16 සහ ඉහළ නම්) ජාතික හැඳුනුම්පත
  • දෙමාපියන්ගේ හෝ භාරකරුගේ ජාතික හැඳුනුම්පත, ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය
  • අවම ආරම්භක තැන්පතුව රු. 1,500/-

Click here to view the Key Fact Document

අමානා බැංකු ටීන් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්

අමානා බැංකු ටීන් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්

අමානා ටීන් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් යනු තරුණයින් සඳහා විශේෂයෙන් නිර්මාණය කළ, ඔවුන්ගේ අනාගතය සඳහා බුද්ධිමත් හා ආරක්ෂිත ආයෝජන විසඳුමකි. උසස් අධ්‍යාපනය, සිහින ව්‍යාපෘති හෝ දිගුකාලීන ඉලක්ක සඳහා ඉතිරි කිරීම සඳහා මෙය ඉතා සුදුසුය. මෙම සැලසුම මඟින් ලාභ බෙදාහැරීමේ ක්‍රමය යටතේ ඔබගේ මුදල් වර්ධනය වී, කාලයත් සමඟ වැදගත් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වේ.

Flexi Term Investment නිෂ්පාදනය මෙන්ම, අමානා ටීන් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් මඟින්ද ඕනෑම අවස්ථාවක මුදල් තැන්පත් කිරීමේ හැකියාව සලසයි. අදම ආයෝජනය ආරම්භ කර, ඔබගේ දරුවාගේ දීප්තිමත් හා ආරක්ෂිත අනාගතයට පියවරක් තබන්න.

සුදුසුකම් සහ විශේෂාංග

සුදුසුකම්

  • ආරම්භක අවම තැන්පතුව රු. 50,000/-
  • උපරිම වයස අවුරුදු 17 දක්වා ඇති ඕනෑම අමානා ටීන් ගිණුම් හිමියෙකු
  • ක්‍රියාත්මක ස්ථිර නියෝගයක් සහිත අමානා ටීන් සේවින්ග්ස් ගිණුමක් තිබිය යුතුය

විශේෂාංග

  • කවුන්ටර් තැන්පතු, මුදල් තැන්පත් යන්ත්‍ර, මුදල් මාරු හෝ රෙමිටන්ස් මඟින් ඕනෑම වේලාවක අමතර මුදල් තැන්පත් කිරීම
  • ඉහළ ලාභ බෙදාහැරීමක් ලබා ගැනීම
  • මාසිකව ලැබෙන ලාභය නැවත ආයෝජනය කිරීම හෝ ටීන් සේවින්ග්ස් ගිණුමට මාරු කිරීම
  • දරුවා වයස 18ට ළඟා වූ විට පමණක් මෙම ටර්ම් ඉන්වෙස්ට්මන්ට් කාලය අවසන් වේ

Apply Now

I want to apply

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo