• Working Capital Financing - Main Visual

කාරක ප්‍රාග්ධන සම්පාදනය

4 3 2 1

නිමි භාණ්ඩ

නිමි භාණ්ඩ
නිමි භාණ්ඩ සඳහා කාරක ප්‍රාග්ධන සම්පාදනය (Tijara) යනු, නිමි භාණ්ඩ පසුව ගෙවීමේ (ක්‍රෙඩිට්) පදනම යටතේ අලෙවි කරන ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන විකිණුම් හා නියෝජිතායතන පදනම් කරගත් මූල්‍ය සේවාවකි (Sale & Agency based financing). එමගින් ගනුදෙනුකරුවන්ට තම නිමි භාණ්ඩ තොග අලෙවි කර, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගෙන, මුදලට භාණ්ඩ විකිණීමේදී ලැබෙන ප්‍රතිලාභ වලට සමාන ප්‍රතිලාභ අත්විඳිය හැකි වේ. 

මෙම සංකල්පය යටතේ බැංකුව විසින් ගනුදෙනුකරු වෙතින් නිමි භාණ්ඩ මිලදීගෙන, එම භාණ්ඩ පසුව මුදල් ගෙවීමේ පදනම යටතේ සාමාන්‍ය වෙළඳපොළේ විකිණීම සඳහා තම නියෝජිතයා ලෙස අදාළ ගනුදෙනුකරු පත්කරයි. Tijara මූල්‍ය සම්පාදන ක්‍රමය දේශීය විකුණුම් සහ අපනයන සඳහා භාවිතා කළ හැක. 

සේවාවේ විශේෂාංග 

  • පසුව ගෙවීමේ හෝ එසැණින් මුදල් ගෙවීමේ පදනම මත අලෙවියට සූදානම් කර ඇති, ගනුදෙනුකරුගේ භාණ්ඩ තොග එකතුවේ වැඩි කාලයක් පවතින භාණ්ඩ සඳහා කාරක ප්‍රාග්ධන මූල්‍ය සම්පාදන (නිමි භාණ්ඩ) ගිවිසුමක් පිළියෙල කෙරේ. 
  • ගිවිසුමට අදාළ මිල ගිවිසුම සම්පූර්ණ කිරීමෙන් පසුව දැනගැනීමට හැකි වේ. 
  • භාණ්ඩ භාරදුන් සැණින් ගිවිසුමට අදාළ මිල ගෙවනු ලැබේ. 

නිම නොකළ කටයුතු සඳහා මුදල් සම්පාදනය 

නිම නොකළ කටයුතු සඳහා මුදල් සම්පාදනය 
නිම නොකළ කටයුතු සඳහා කාරක ප්‍රාග්ධන සම්පාදනය (Istisna) යනු, නිෂ්පාදනය හෝ ඉදිකිරීම් අවසන් කර නොමැති දේවල් සඳහා, ඒවා නිෂ්පාදන කිරීමෙන් හෝ ඉදිකිරීමෙන් පසු නිෂ්පාදකයා හෝ ඉදිකරන්නා විසින් බැංකුව වෙත ලබාදෙන බවට වන ප්‍රතිඥාව මත අත්සන් කරනු ලබන විකිණුම් ගිවිසුමකි. නිෂ්පාදනය කළ හෝ ඉදිකළ දෙය බැංකුව විසින් පසුව ගනුදෙනුකරු වෙත භාරදෙනු ලැබේ. 

සේවාවේ ස්වභාවය  

    • Istisna ගිවිසුමක් අත්සන් කළ හැක්කේ, ශ්‍රමය භාවිතා වන නිෂ්පාදන හෝ ඉදිකිරීම් ක්‍රියාවලියක් හරහා ස්වාභාවික තත්ත්වයෙන් වෙනස් කිරීමකට ලක්වන අමුද්‍රව්‍ය සඳහා පමණි. මීට විෂය වන දෙය සෑම විටම, නිෂ්පාදනය කළ යුතුව පවතින කිසියම් දෙයකි. 
    • නිෂ්පාදනය කළ යුතු දෙය සහ ඊට අදාළ වර්ගය, ස්වභාවය, තත්ත්වය හා ප්‍රමාණය යන කාරණා නිෂ්පාදකයා වෙත දැනුම් දී, නිෂ්පාදනය/ඉදිකිරීම සඳහා මුදල් සපයා දී ඇත්නම්, නිෂ්පාදකයා එම නිෂ්පාදනය හෝ ඉදිකිරීම සම්පූර්ණ කිරීම සඳහා බැඳී සිටින අතර, ඒකපාර්ශ්විකව ගිවිසුම අවලංගු කළ නොහැක. 

Click here to view the Key Fact Document

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo