• Expat Gold 01
  • Expat Gold 02
  • Expat Gold 03

Gold Gold Gold

අමානා බෑන්ක් එක්ස්පැට් ගෝල්ඩ්

Apply Now

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

විදේශ රටවල සිට බැංකු කටයුතු සිදුකිරීම දැන් ඉතාමත් පහසුයි! 

ඉහළ වැටුපක්, සුවිශේෂී රැකියාවක් සහ සුරක්ෂිත අනාගතයක්... මේ, විදේශ රටක රැකියාවක නියුතු කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභ අතරින් කිහිපයකි. 

කෙසේ වුවත්, විදේශ රටක ජීවත් වීම යනු පහසු දෙයක් නොවේ. විශේෂයෙන්ම ඔබේ ආදරණීයයන්ගෙන් ඈත් වී ජීවත් වීම අතිශය දුෂ්කර බව අපි දනිමු. 

මෙලෙස පවුලේ අයගෙන් වෙන්වී, කාර්යබහුල ජීවන රටාවකට මැදිවී සිටින ඔබට, මූල්‍ය අවශ්‍යතාවන් සඳහා කාලීන අත්වැලක් සහ සැලකිල්ලක් අත්‍යවශ්‍ය ය. ඔබගේ මූල්‍ය අවශ්‍යතා පිළිබඳව සැලකිල්ලෙන් සොයාබලන, ඒ වෙනුවෙන් කැපවුණු, ඔබ තරමටම සැලකිල්ලෙන් ඒ කටයුතු ඉටුකරන මූල්‍ය හවුල්කරුවෙකු ඔබේ මවු රටේ සිටිය යුත්තේ ඒ නිසා බව අපි විශ්වාස කරන්නෙමු. 

ඔබ ගැන විශේෂ අවධානයකින් යුතුව, සුවිශේෂී වරප්‍රසාද සහ විශිෂ්ට සේවාවක්ද සමගින් අප ‘අමානා බෑන්ක් එක්ස්පැට් ගෝල්ඩ්’ හඳුන්වා දී ඇත්තේ ඔබටම ආවේණික වූ හා විවිධාකාර වූ බැංකුකරණ අවශ්‍යතාවන් ඔබ සිටින රටේ සිටම සපුරා ගැනීමට හැකිවන පරිද්දෙනි. 

ඔබටම වෙන් වූ වරප්‍රසාද

ඔබටම වෙන් වූ වරප්‍රසාද
විදේශ රටක සිට බැංකු සේවා ලබාගන්නා ඔබගේ අවශ්‍යතා අපි හොඳින් හඳුනන්නෙමු. ඒ නිසාම, ඔබගේ ජීවන රටාවට ගැළපෙන පරිදි විශේෂ වරප්‍රසාද රාශියක් පිරිනැමීමට අපට හැකියාව ලැබී ඇත. 

  • ඔබට පහසුවත් සිතේ සැහැල්ලුවත් හිමිවන ආකාරයට, පෞද්ගලිකව ඔබ හා ගනුදෙනුකරන, වෙනම පාරිභෝගික සම්බන්ධතා නිලධාරියෙක් 
  • ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථා වලදී අමානා බැංකුවේ සියලුම ශාඛා වලදී ප්‍රමුඛතාව 
  • ශ්‍රී ලංකාවේ ජීවිතය සම්බන්ධයෙන් ඔබේ සිහින සැබෑ කරදීම සඳහා, විශේෂ අනුපාත යටතේ ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි  නිවාස මූල්‍ය පහසුකම් සහ අනෙකුත් මූල්‍ය පහසුකම් 
  • ඔබගේ ආදරණීයයන්ට තෑගි දීම සඳහා මුදල් තැන්පත් කළ ළමා ඉතුරුම් වවුචර නොමිලේ* 
  • ජාත්‍යන්තර VISA ඩෙබිට් කාඩ්පතක් නොමිලේ 
  • අමානා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ හෝ ජංගම දුරකථන බැංකුකරණ පහසුකම් ඔස්සේ ඔබ කැමති ස්ථානයක සිට සේවාවන් ලබාගැනීමේ හැකියාව

සාමාජිකත්වය

සාමාජිකත්වය
අමානා බැංකුවේ එක්ස්පැට් ගෝල්ඩ් සාමාජිකයෙකු වීම සඳහා ඔබ කළ යුතු වන්නේ ඇමරිකානු ඩොලර් 10,000 කට වැඩි හෝ, වෙනත් ඕනෑම නම්කළ මුදල් වර්ගයකින් ඊට සමාන මුදලක් සහිත තැන්පතුවක් පවත්වාගෙන යාම පමණි. 

අමානා බැංකුවේ එක්ස්පැට් ගෝල්ඩ් පිළිබඳ වැඩි විස්තර සඳහා [email protected] ඊමේල් ලිපිනයෙන් විමසන්න. නැතිනම් +94 11 7 756 757 අංකය අමතන්න. 

Apply Now

Get Membership

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo