• Term Financing - Main Visual

කාලීන මුදල් සම්පාදනය (හවුල්කාරීත්වයන් පදනම් කරගත්)

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

ව්‍යාපාරික සන්දර්භයක් තුළදී මෙමගින් අදහස් වන්නේ, Musharaka සංකල්පය යටතේ, ලාභය හා අලාභය සියලුම හවුල්කරුවන් විසින් බෙදාගනු ලබන හවුල් ව්‍යාපාරයකි. Musharaka යන්නෙන් සියලුම හවුල්කරුවන් ලාභය හෝ පාඩුව තමන් අතර බෙදාගන්නා හවුල්කාරීත්වයක්/ හවුල් ව්‍යාපාරයක් අදහස් වේ. 

කාලීන මූල්‍ය සම්පාදන ක්‍රම

කාලීන මූල්‍ය සම්පාදන ක්‍රම
දේශීය Musharaka (Local Musharaka) : කිසියම් ගනුදෙනුකරුවෙකුට තම සමස්ත ව්‍යාපාරයටම අමානා බැංකුව වෙතින් මුදල් ලබාගැනීමට අවශ්‍ය නම් දේශීය Musharaka ක්‍රමය භාවිතා කළ හැක. 

ගනුදෙනු Musharaka (Transaction Musharaka) : සමාගමක විශේෂ වූ ගනුදෙනු සඳහා පමණක් ගනුදෙනු Musharaka ක්‍රමය භාවිතා කළ හැක. 

සේවාවේ විශේෂාංග

සේවාවේ විශේෂාංග
    • Musharaka ගනුදෙනුව සඳහා බැංකුවත් ගනුදෙනුකරුත් යන දෙපාර්ශ්වයම ප්‍රාග්ධන දායකත්වය ලබාදෙයි. 
    • ගිවිසුම ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ලාභය බෙදී යන අනුපාතය පිළිබඳව එකඟතාවකට පැමිණිය යුතු ය. 
    • බැංකුව ගිවිසුමෙහි නිහඬ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන අතර ප්‍රධාන සක්‍රීය හවුල්කරු වන්නේ ගනුදෙනුකරුවා ය. බැංකුවේ නියෝජිතයෙකු ව්‍යාපාරයේ කටයුතු නිරීක්ෂණය කරනු ඇත. 
    • ව්‍යාපාරයට ඇතිවන ඕනෑම ආකාරය අව්‍යාජ අලාභයන්, ලාභය බෙදී යාම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟ වූ අනුපාතයට අනුව, බැංකුව සහ ගනුදෙනුකරු විසින් දරාගනු ලැබිය යුතු ය. 
    • ගනුදෙනුකරුගේ නොසැලකිල්ල නිසා ඇතිවන අලාභයන් වේ නම් ඒවා ගනුදෙනුකරු විසින් දරනු ලැබිය යුතු වේ. 

Click here to view the Key Fact Document

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo