• Amãna Bank PLC Vehicle Financing - Main Visual

    හිතේ ඇති ගානට ලීස් එකක්

වාහන මූල්‍ය පහසුකම

3 3 1 1

ගණනය කර අයදුම් කරන්න

වාහන මූල්‍ය පහසුකම කැල්කියුලේටරය සහ ඔන්ලයින් අයදුම්පත්‍රය

රථවාහන මූල්‍ය පහසුකම් සම්බන්ධ ඔබගේ ඉල්ලීමට අදාළ ඉදිරි කටයුතු සඳහා පහත සඳහන් තොරතුරු අප වෙත ලබාදෙන්න. 

පහත සඳහන් තොරතුරු ලබාදීමෙන් අනතුරුව, ඔබට සහය වීම සඳහා අපගේ සම්බන්ධතා කළමනාකාරවරයෙකු ඔබ අමතනු ඇත. 

වාහන මූල්‍ය පහසුකම ප්රතිලාභ

වාහන මූල්‍ය පහසුකම ප්රතිලාභ

ඔබේ වාහන මූල්‍ය අවශ්‍යතාවය සඳහා ඉතා අනර්ඝ මූල්‍ය ක‍්‍රමයක් වන ”ඉජාරා” සංකල්පය මත ඔබට අමානා බැංකුවෙන් ලීසිං පහසුකම ලබාගත හැක. ඉජාරා සංකල්පය අනුව අප ඔබට අවශ්‍ය වාහනය මිලදීගෙන කුලී පදනම මත වාහනයේ සම්පූර්ණ පරිහරණ අයිතිය ඔබට ලබා දෙන්නෙමු. එසේ එකඟ වූ කුලී කාලසීමාව අවසානයේදී වාහනයේ පූර්ණ අයිතිය ත්‍යාගයක් ලෙස ඔබට හිමිවනු ඇත.

එහෙයින් ඔබටම කියා වාහනයක් කුලී පදනමක් හා සමාන වාරිකයකට පහසුවෙන් ඔබේම කරගන්න.

ප‍්‍රතිලාභ සහ විශේෂාංග

  • අවම වාරිකය
  • වසර 7ක් දක්වා මුල්‍ය පහසුකම්
  • පැය 24න් අනුමැතිය
  • අතපසුවීමේ ගාස්තු නොමැත
  • සැඟවුනු ගාස්තු කිසිවක් නොමැත
  • පවුලේ සාමාජිකයන්  සමග එක්ව අයදුම් කල හැක

අවශ්‍ය ලියකියවිලි

  • ජාතික හැඳුනුම්පත
  • ආදායම් සනාථ කිරීමේ ලියවිලි හා විදුලි/ ජල බිල්පතක පිටපතක්
  • වාහන තක්සේරු වාර්තාව හා ලියාපදිංචි කල වාහනයක් නම් ලියාපදිංචි සහතිකයේ පිටපතක්
  • සැපයුම්කරුගේ කුවිතාන්සියේ මුල් පිටපත
  • සම්පූර්ණ කරන ලද ඉජාරා අයදුම්පත‍්‍රය

Click here to view the Key Fact Document

වාහන මූල්‍ය පහසුකම ක්‍රියාත්මක වන්නේ කෙසේද?

වාහන මූල්‍ය පහසුකම ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මෙම වීඩියෝව අමානා බැංකුවේ වාහන මූල්‍ය පහසුකම ක්‍රියාත්මක වන්නේ කෙසේද පිළිබඳව පැහැදිලි කරයි.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo