අපගේ ව්‍යාපාරික ජංගම ගිණුම සැලසුම් කර ඇත්තේ ඔබගේ පහසුව හා ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ඔබට ඉක්මන් සේවාවක් සැලසීම අරමුණු කරගෙන ය.
සෑම ව්‍යාපාරයකටම විවිධ අවශ්‍යතා ඇත. ඔබේ ව්‍යාපාරය දියුණු වන විට ඔබේ ආයතනික මූල්‍ය අවශ්‍යතා ද වෙනස්වේ. අපගේ ව්‍යාපාර මුල්‍ය විසඳුම් ඔබේ ව්‍යාපාරය මනසේ තබාගෙන නිර්මාණය කර ඇත්තේ එබැවිනි.
අමානා බැංකුවේ වෙළඳ මූල්‍ය සේවාවන් සැලසුම් කර ඇත්තේ ඔබේ දේශීය හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු වලට හොඳින්ම ගැළපෙන, නිර්මාණශීලී සේවාවන් සැපයීම වෙනුවෙන්ම ය
වෙළඳපල ස්වභාවයෙන්ම අස්ථාවර වන නමුත් ඔබේ ව්‍යාපාරය එසේ විය යුතු නැත. අමානා බැංකුවන අප, අවදානම අවම කිරීම සඳහා ඔබේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන විවිධ විසඳුම් සපයන්නෙමු.
ව්‍යාපාරයක හිමිකරුවෙකු ලෙස, ඔබේ ව්‍යාපාරයේ වර්ධනයට වැඩි කාලයක් යෙදවිය හැකි ආකාරයේ මානසික සැහැල්ලුවක් ඔබට ලබාදෙන ව්‍යාපාරික බැංකුකරණ සබැඳියාවක් ඔබට හිමිවිය යුතුම ය.