• Online Bill Payment

අන්තර්ජාලය හරහා බිල්පත් ගෙවීම සඳහා උපදෙස්

දැන් ඔබට අමානා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පහසුකම භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් ඔබේ බිල්පත් ගෙවිය හැකි වේ. 

මෙම සේවාව භාවිතා කළ හැක්කේ දැනටමත් අන්තර්ජාල බැංකුකරණ පහසුකම ලබාගෙන ඇති ගනුදෙනුකරුවන්ට පමණි. අන්තර්ජාල බැංකුකරණ පහසුකම සඳහා ලියාපදිංචි වීමට www.amanabank.lk/register-for-internet-banking.html වෙත පිවිසෙන්න.

අමානා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ ද්වාරය හෝ ජංගම දුරකථන යෙදුම ඔස්සේ පණිවිඩයක් යොමුකිරීම මගින් බිල්පත් ගෙවීම් බැංකුව වෙත ඉදිරිපත් කළ යුතු වේ. 

පියවර අංක 01 

අන්තර්ජාල බැංකුකරණ ද්වාරය 

‘Message’ පිටුව වෙත ගොස් ‘New Message’ තෝරාගන්න. 

ජංගම බැංකුකරණ යෙදුම

නව පණිවිඩයක් ටයිප් කිරීම සඳහා, ප්‍රධාන මෙනුවේ ‘Inbox' වෙත ගොස් ‘Plus'’ ලාංඡනය ක්ලික් කරන්න. 

පියවර අංක 02 

පණිවිඩයේ පහත සඳහන් තොරතුරු ටයිප් කර ‘Send’ කොටස ක්ලික් කරන්න. 

*කරුණාවෙන් සලකන්න - දැනට ඔබට පහත සදහන් තොරතුරු යැවිය හැක්කේ ඉංග්‍රීසියෙන් පමණි 

Message type : Request approval

Subject: : Bill Payment

Message :

A)Bill type

B)Bill A/c number

C)Amount to be paid

D) Amana A/c to Debit

සැලකිය යුතුයි:

  1. අන්තර්ජාලය ඔස්සේ බිල්පත් ගෙවීමේ සේවාව භාවිතා කළ හැකි ආයතන ලැයිස්තුව සඳහා මෙතැන ක්ලික් කරන්න.
  2. ගනුදෙනුවට සම්පූර්ණ කිරීමට පෙර කරුණු තහවුරු කරගැනීම සඳහා අපගේ ඇමතුම් මධ්‍යස්ථානය මගින් ගනුදෙනුකරු වෙත ඇමතුමක් ලබාදෙනු ඇත. 

    3. රාජකාරි දින 1 ක කාලය තුළ බිල්පත් ගෙවීම සම්පූර්ණ වේ. 

    4. ගෙවීම සම්පූර්ණ වූ පසු ඒ බව තහවුරු කරමින්, ගනුදෙනුකරුගේ ලියාපදිංචි දුරකථන අංකය වෙත කෙටිපණිවිඩයක් ලැබෙනු ඇත. 

    5. බිල්පත් ගෙවීම් සඳහා නාමික ගාස්තුවක් අයකෙරේ. 
බිල්පත් වටිනාකම් පරාසය ගාස්තුව
(රු )  
ශ්‍රී ලංකා ටෙලිකොම්, එටිසලාට්, හච්, ලංකාබෙල්, මොබිටෙල්, එයාර්ටෙල්  20 - 250,000 0
ලංකා විදුලිබල මණ්ඩලය  20 - 200 10
ලංකා විදුලිබල මණ්ඩලය  200 - 1,000 15
ලංකා විදුලිබල මණ්ඩලය  1,000 - 250,000 20
සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගම  20 - 250,000 20
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය  20 - 250,000 20

*ආයතනික ගෙවීම් සඳහා උපරිම වශයෙන් රු. 90 ක මුදලක් අයකෙරෙනු ඇත (ගෙවීම් මට්ටම් අනුව). 

**නියමයන් හා කොන්දේසි අදාළ වේ. 

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo