මාලදිවයින් ඉස්ලාමික බැංකුව දැන් ශ්‍රී ලංකාවේ අමානා බැංකුව සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රේෂණ සේවාවන් ලබාදෙයි. එරට ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථාන වල පිහිටුවා ඇති ශාඛා 6 ක් ඔස්සේ එරට වැසියන්ටත්, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත් සුරක්ෂිත ලෙස මුදල් ශ්‍රී ලංකාවට එවිය හැකි වේ.
ඇමරිකානු ඩොලර් සහ ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රේෂණ සිදුකළ හැක. එම මුදල් ක්ෂණිකව අමානා බැංකුවේ ගිණුම් වලට බැර වන අතර, ශ්‍රී ලංකාවේ අනෙකුත් බැංකු වල පිහිටි ගිණුම් වලටද එදිනම මුදල් බැර වනු ඇත. අමානා බැංකුව ශ්‍රී ලංකාවේ ගනුදෙනුකරුවන්ට වඩාත් වේගවත් සේවාවක් ලබාදීම සඳහා ඔවුන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථාන 31 ක සිය ශාඛාවන් පිහිටුවා තිබේ. මේ අතරින් ඇතැම් ශාඛා දවසේ වැඩි කාලයක් විවෘතව පවතින අතර, තෝරාගත් ශාඛා වසරේ දින 365 පුරාම විවෘතව පවතී. එමෙන්ම 4000 කට අධික ATM යන්ත්‍ර ජාලයක් මගින් ගනුදෙනුකරවන්ට සෑම දිනකම පැය 24 පුරා ගනුදෙනු සිදුකළ හැකි වේ.
මාලදිවයිනේ ශාඛා පිහිටි ස්ථාන:
For more details
Male, Maldives
Tel : +960 3011184
Tel : +960 3325555