නියමයන් හා කොන්දේසි
- හඳුන්වා දෙනු ලබන (අලුතෙන් ගිණුම විවෘත කරන) පුද්ගලයාට අදාළ කොන්දේසි
- හඳුන්වා දෙනු ලබන පුද්ගලයාගේ ගිණුම ශ්‍රී ලාංකික නේවාසික ගිණුමක් හෝ විදේශ ගිණුමක් විය හැක.
- දිනුම් ඇදීමට සුදුසුකම් ලැබීමට නම් හඳුන්වා දෙනු ලබන ගනුදෙනුකරුගේ ගිණුම බැංකුවට අලුත් (නව පාරිභෝගික තොරතුරු ගොනුවක් සහිත) ගිණුමක් විය යුතුය.
- නව ගනුදෙනුකරු හඳුන්වා දෙන පුද්ගලයාට අදාළ කොන්දේසි
- නව ගනුදෙනුකරු හඳුන්වා දෙන පුද්ගලයා අමානා බැංකුවේ ගිණුමක් හිමි පුද්ගලයෙකු හෝ, ප්‍රවර්ධන කාලසීමාව තුළ අමානා බැංකුවේ ගිණුමක් විවෘත කළ පුද්ගලයෙකු විය යුතුය.
- සම්බන්ධ කරගැනීමේ අවසරය
- නව ගනුදෙනුකරු හඳුන්වා දෙන්නා විසින්, අමානා බැංකුවේ ප්‍රවර්ධන කටයුතු සඳහා හඳුන්වා දෙනු ලබන්නා සම්බන්ධ කරගැනීමටත්, එහිදී තම නම සඳහන් කිරීමටත් අමානා බැංකුවට අවසරය ලබාදෙනු ලැබේ.
- පොදු කොන්දේසි
- දිනුම් ඇදීමට සුදුසුකම් ලැබීම සඳහා අවම තැන්පතු සීමාවක් නොමැත.
- මෙම ප්‍රවර්ධන වැඩසටහන දැනට ක්‍රියාත්මක වන වෙනත් ප්‍රවර්ධන වැඩසටහන් හෝ ත්‍යාග ක්‍රම සමග ඒකාබද්ධ කළ නොහැක.
- නව ගනුදෙනුකරුවෙකු හඳුන්වා දීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමය
- නව ගනුදෙනුකරුවන් හඳුන්වා දීම සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහනට අදාළ නිල ආකෘති පත්‍රය භාවිතා කළ යුතුය. ඒ සඳහා මෙම සබැඳිය භාවිතා කරන්න:bit.ly/ABExpat




