දැනටමත් අමානා බැංකුවේ ගිණුමක් හිමි ගනුදෙනුකරු, 0761 828 731 අංකයෙන් ප්‍රේෂණ මධ්‍යස්ථානය වෙත ඇමතුමක් හෝ මගහැරුණු ඇමතුමක් (Missed call) ලබාදිය යුතු අතර, එවිට ප්‍රේෂණ මධ්‍යස්ථානය ගනුදෙනුකරුගෙන් අදාළ තොරතුරු විමසා තහවුරු කරගනු ඇත.
ගනුදෙනුකරු විසින් ප්‍රේෂණ මධ්‍යස්ථානයට වෙස්ටර්න් යුනියන් ගනුදෙනුව සම්බන්ධ පහත සඳහන් තොරතුරු ලබාදිය යුතු වේ.
අ) MTCN අංකය:
ආ) එවූ තැනැත්තාගේ නම:
ඇ) එවූ තැනැත්තා සිටින රට:
ඈ) මුදල් ලබන්නාගේ නම:
ඉ) අපේක්ෂිත මුදල ශ්‍රී ලංකා රුපියල් වලින්:
ඊ) ලබන්නාගේ ගිණුම් අංකය:
උ) ලබන්නාගේ ඊමේල් ලිපිනය:
අන්තර්ජාල බැංකුකරණ ද්වාරය
'Messages' පිටුව වෙත ගොස් 'New Message’ තෝරාගන්න


ජංගම බැංකුකරණ යෙදුම
නව පණිවිඩයක් ටයිප් කිරීම සඳහා, ප්‍රධාන මෙනුවේ ‘Inbox’ වෙත ගොස් ‘Plus' සලකුණ ක්ලික් කරන්න.


පණිවිඩයේ පහත සඳහන් තොරතුරු ටයිප් කර ‘Send’ කොටස ක්ලික් කරන්න.
*කරුණාවෙන් සලකන්න - දැනට ඔබට පහත සදහන් තොරතුරු යැවිය හැක්කේ ඉංග්‍රීසියෙන් පමණි
Message type : Request approval
Subject: : Western Union Remittance
Message :
h). MTCN Number :
i). Sender’s Name :
j). Sender’s Country :
k). Recipient’s Name :
l). Expected Amount in LKR :
m). Recipient account to be credited :
n). Recipient e mail address
සැලකිය යුතුයි:
1. මෙම සේවාව ලබාගත හැක්කේ බැංකු කටයුතු සිදුකෙරෙන කාලසීමාවන් තුළදී පමණි. බැංකු සේවා කාල වලින් පිටතදී (පස්වරු 3.00 න් පසුව) ලැබෙන ඉල්ලීම් වලට අදාළ කටයුතු ඊළඟ රාජකාරි දිනය තුළ සිදුකෙරෙනු ඇත.
2. අන්තර්ජාල බැංකුකරණ පදනම හරහා පණිවිඩයක් යොමුකළ අවස්ථාවකදී, ගනුදෙනුව සම්පූර්ණ කිරීමට පෙර, කරුණු තහවුරු කරගැනීම සඳහා අපගේ ඇමතුම් මධ්‍යස්ථාන විසින් අදාළ ගනුදෙනුකරුගේ ලියාපදිංචි දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙනු ඇත.
3. අදාළ මුදල ගිණුමට බැර වූ පසුව ඒ බව තහවුරු කරමින් ගනුදෙනුකරුගේ ලියාපදිංචි දුරකථන අංකයට/ ඊමේල් ලිපිනයට පණිවිඩයක් ලැබෙනු ඇත.