A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ප‍්‍රවීණයින් සිවු දෙනෙක්

අමානා බැංකුව September 2, 2020

අමානා බැංකුවේ නව අධ්‍යක්ෂවරුන් ලෙස ප‍්‍රවීණ වරලත් ගණකාධිකාරී ටිශාන් සුබසිංහ, මූල්‍ය-තාක්ෂණ ව්‍යවසායක ඔමර් කාසිම්, ප‍්‍රවීණ නීතීඥ මොහොමඞ් ඇඩමලි සහ ඉස්ලාම් මූල්‍ය නීති වෘත්තික පෝල් මර්සර් යන මහත්වරුන් පත්කර තිබේ.

ඔමර් කාසිම් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත්තේ, මීට පෙර අමානා බැංකුවේ අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කළ ඔස්මාන් කාසිම් මහතා, ශ‍්‍රී ලංකා මහා බැංකුවේ නියමය අනුව එක් පුද්ගලයෙකුට මෙරට බලපත‍්‍රලාභී වාණිජ බැංකුවක අධ්‍යක්ෂ ධූරය දැරිය හැකි උපරිම කාලසීමාව වන වසර 9 සම්පූර්ණ කිරීමෙන් පසුව විශ‍්‍රාම යාම නිසා ය. ඔස්මාන් කාසිම් මහතා ඉදිරියටද අමානා බැංකුවේ ප‍්‍රමුඛතම කොටස්කරුවන් 10 දෙනාගෙන් එක් අයෙකු ලෙස කටයුතු කරනු ඇත. ජස්රි මැග්ඩන් ඉස්මයීල් මහතාද එලෙස වසර 9 ක කාලයක් අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් පසු එම තනතුරෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට ටිශාන් සුබසිංහ මහතා පත්කර තිබේ. ආරම්භයේ සිටම අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළ හර්ෂ අමරසේකර මහතා සිය විශ‍්‍රාම යාමේ කාලසීමාව එළඹීමත් සමග 2020 වර්ෂය ආරම්භයේදී අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම නිසා ඒ වෙනුවට මොහොමඞ් ඇඩමලි මහතා පත්කර ඇති අතර, අමානා බැංකුවේ ක‍්‍රමෝපායික කොටස් හිමිකරුවෙකු වන ෂක්‍ෘ මගින් නම්කරනු ලබන දෙවැනි අධ්‍යක්ෂවරයා සඳහා හිස්ව පැවති තනතුරට පෝල් මර්සර් මහතා පත්වී සිටී. මෙම නව අධ්‍යක්ෂවරුන් අතරින් ටිශාන් සුබසිංහ මහතා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ඇති අතර ඔමර් කාසිම්, මොහොමඞ් ඇඩමලි සහ පෝල් මර්සර් යන මහත්වරු විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනු ඇත.

නව පත්කිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසී ය. ”ටිශාන් සුබසිංහ, ඔමර් කාසිම්, මොහොමඞ් ඇඩමලි සහ පෝල් මර්සර් යන ප‍්‍රවීණ වෘත්තිකයන් මෙසේ අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වීම අපට ගෞරවයක්. ඔවුන්ගේ පළපුරුද්ද සහ තීක්ෂණ ව්‍යාපාරික ඥානයන් හි මිශ‍්‍රණය අමානා බැංකුව එහි ක‍්‍රමෝපායික ඉලක්ක කරා රැුගෙන යාමේදී අතිශයින් ප‍්‍රයෝජනවත් වේවි.”

ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු මෙන්ම එහි පාලන කමිටු සාමාජිකයෙකු වන ටිශාන් හරේන්ද්‍රනාත් සුබසිංහ මහතා මුවර් ස්ටීවන්ස් කන්සල්ටිං (පුද්.* සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද, මුවර් ස්ටීවන්ස් අයියර් සමාගමේ සම කළමනාකාර හවුල්කරු ලෙසද කටයුතු කරයි. ඊට පෙර ඒ මහතා බී.ඞී. ඕ. පාර්ට්නර්ස් :ඊෘධ ඡු්රඑබැරි* හි විගණන හා සහතිකකරණ ප‍්‍රධානී ලෙස කටයුතු කළේ ය. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපතිවරයාද වන ඒ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩල සාමාජිකයෙකුද වේ. විදේශ රටවලද වෘත්තීය අත්දැකීම් ලබා ඇති ඒ මහතා මීට පෙර වසර කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක්, ෆිලඩෙල්ෆියා සහ චිකාගෝ ප‍්‍රාන්ත වලත්, බොට්ස්වානා දේශයේත්ිප‍්‍රයිස්වෝටර්හවුස්කූපර්ස්’. (ඡුරසජැඅ්එැරයදමිැක්‍දදචැරි* සමාගම් වල සේවය කර ඇත. එමෙන්ම ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදය, හොංකොං, බැංකොක්, හයිද්‍රාබාද්, මුම්බායි, මැලේසියාව, ඉන්දුනීසියාව සහ රෝමය යන රටවල හා නගරවල විවිධ පුහුණු වැඩසටහන් වලට සහභාගී වී තිබේ. ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු ලෙස ඒ මහතා වාර්ෂික වාර්තා සම්මාන කමිටුව, ජාතික සම්මන්ත‍්‍රණ කමිටුව සහ විභාග කමිටුව යන කමිටු නියෝජනය කර ඇත. මීට පෙර ඒ මහතා තරුණ වරලත් ගණකාධිකාරී සංසංදයේ :ශදමබට ක්‍ය්රඑැරුා ්ජජදමබඒබඑි ත්‍දරමප - ශක්‍්ත්‍* උප සභාපති ධූරයද දැරී ය. සහතිකලත් තොරතුරු පද්ධති විගණන නිලධාරියෙකු :ක්‍ෂී්-ඹී්* වන ඒ මහතා රන් පදක්කමක් සමගින් කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ ඵඊ් උපාධිය ලබා ඇති අතර, බකිංහැම්ෂයර් නිව් විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී (ගෞරව* උපාධියක්ද ලබා ඇත. දැනට රාජ්‍ය විශ්ව විද්‍යාල කිහිපයක බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙසද කටයුතු කරන ඒ මහතා මාලදිවයිනේ සහ භූතානයේ ජාත්‍යන්තර පුහුණු වැඩසටහන්ද පවත්වා තිබේ.

මූල්‍ය-තාක්ෂණ සේවා කෙරෙහි විශේෂ උනන්දුවක් සහිත තාක්ෂණික ව්‍යවසායකයෙකු වන ඔමර් කාසිම් මහතා, තාක්ෂණික ව්‍යාපාර සංකල්ප, නිර්මාණය සහ නිර්ගමනය සම්බන්ධ විශේෂඥයෙකි. ලන්ඩනයේ ප‍්‍රධාන කාර්යාලය පිහිටා ඇති නවක සමාගමක් වන භදපදා හි සම නිර්මාතෘවරයෙකු වන ඒ මහතා එහි ප‍්‍රධාන විධායක නිලධාරී වරයා ලෙසද කටයුතු කරයි. නවමු ආකාරයේ ගෙවීම් හා බැංකුකරණ ක‍්‍රමවේද සමගින් ලොවපුරා ව්‍යවසායකයන්ට සහ ව්‍යාපාර වලට තම සමාගම් දියුණුව වෙත රැුගෙන යාම සඳහා උපකාරී වන අතිශය කාර්යක්ෂම හා නම්‍යශීලී ව්‍යාපාරික බැංකුකරණ පදනම් නිර්මාණය කිරීම එම සමාගමේ මූලික කාර්යභාරය වේ. තවද ඩුබායි පදනම් කරගත් වාණිජ, ආයෝජන හා තාක්ෂණික ව්‍යාපාරයක් වන ෑි්බවද හි සම නිර්මාතෘ හා ප‍්‍රධාන විධායක නිලධාරීවරයා වූ කාසිම් මහතා තවමත් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. මීට පෙර ඒ මහතා මැද පෙරදිග, උතුර අප‍්‍රිකාව සහ දකුණු ආසියාව යන කලාප ආවරණය කරන, ඉහළ පිළිගැනීමක් හිමි විද්‍යුත් වාණිජ තාක්ෂණ පදනමක් වන න්‍්ාදඡු්ාද නිර්මාණය කළ අතර, පසුව ඉන් ඉවත් විය. ඔමර් කාසිම් මහතා එක්සත් රාජධානියේ වොරික් විශ්ව විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා ඇත.

මොහොමඞ් ඇඩමලි මහතා වාණිජ නීතිය, කම්කරු නීතිය, රක්ෂණ නීතිය සහ බැංකු හා ණය සම්බන්ධ නීතිය පිළිබඳ විශේෂ පළපුරුද්දක් සහිත, මුල් අවස්ථා අධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිවිල් නීති කටයුතු සම්බන්ධ අත්දැකීම් හිමි ප‍්‍රමුඛ පෙළේ නීතිවේදියෙකි. එමෙන්ම ඒ මහතා ආයෝජන උපදේශන, ව්‍යාපාර ආරම්භ කිරීම් හා ප‍්‍රතිව්‍යුහගත කිරීම් සේවා සහ ආයතන පවරාගැනීම් සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් හිමි වෘත්තිකයෙකුද වේ. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් ගෞරව උපාධියක් සහ ශ‍්‍රී ලංකා නීති විද්‍යාලයෙන් ප‍්‍රථම පන්තියේ ගෞරව සම්මානය ලබාගනිමින් ඒ මහතා 1994 වසරේදී නීතීඥවරයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවයට ඇතුළත් විය. ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ සහ ශ‍්‍රී ලංකා නීති විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙසද සේවය කර තිබේ. එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමිකරගෙන ඇති මොහොමඞ් ඇඩමලි මහතා මේ වනවිට ශ‍්‍රී ලංකාවේ ක්‍ෂඵ පාඨමාලාව සඳහා ප‍්‍රමුඛ පෙළේ දේශකයෙකු ලෙස කටයුතු කරන අතර, මීට පෙර ක්‍ෂඵ් සඳහාද දේශකයෙකු ලෙස කටයුතු කර ඇත. නෛතික හා ව්‍යාපාරික අංශ සම්බන්ධයෙන් හිමිකරගෙන ඇති පුළුල් දැනුම හා පළපුරුද්ද නිසා ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරය, බෝගල ග‍්‍රැෆයිට් ලංකා සමාගම, ඇසට්ලයින් ලීසිං සමාගම සහ සින්වා හෝල්ඩින්ස් සමාගම යන සමාගම් වල අධ්‍යක්ෂ ධූර ඒ මහතා වෙත හිමිවී තිබේ. මෙරට ප‍්‍රමුඛ පෙළේ රංගධරයෙකුද වන ඒ මහතා මෙරට රංග කලාව සහ සාහිත්‍යය වෙනුවෙන් දක්වන ලද දායකත්වය වෙනුවෙන් භ්එසදබ්ක ඔධශඡු සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.

එංගලන්තයේ නීතිය සම්බන්ධයෙන් සුදුසුකම් ලත් නීතීඥයෙකු වන පෝල් මර්සර් මහතා විශේෂයෙන් ඉස්ලාම් මූල්‍ය සේවා ප‍්‍රමුඛව පොදුවේ බැංකු ක්ෂේත‍්‍රයේ වසර 20 කට වැඩි අත්දැකීම් හිමි ප‍්‍රවීණයෙකි. ආයතනික පාලනය සම්බන්ධයෙන් පුළුල් පළපුරුද්දක් ඇති ඒ මහතා කුවේට් ෆයිනෑන්ස් හවුස් සමූහ ව්‍යාපාරය නියෝජනය කරමින් අධ්‍යක්ෂ මණ්ඩල රැුසක සේවය කර තිබේ. බහරේන් ආයෝජන බැංකුවේ සහ ඉබ්ඩාර් බැංකුවේ සභාපති ලෙස සේවය කර ඇති ඒ මහතා අධ්‍යක්ෂ මණ්ඩල සභාපති ලෙස එලාෆ් බැංකුව, කැපිටල් මැනේජ්මන්ට් හවුස් සහ කැපිවෙස්ට් (ක්‍්චසඩැිඑ* යන ආයතන ඒකාබද්ධ වීමේ ක‍්‍රියාවලියද අධීක්ෂණය කළේ ය. මෑත කාලයේදී මර්සර් මහතා බහරේන්, සෞදි අරාබිය සහ කුවේට් යන රටවල ඉස්ලාම් බැංකුකරණ රෙගුලාසි සම්බන්ධයෙන් සක‍්‍රීය ලෙස සම්බන්ධ වී කටයුතු කළ අතර, ප‍්‍රාග්ධන හා ආයතනික පාලන අවශ්‍යතා ක‍්‍රියාත්මක කිරීමටද දායක විය. නීතීඥයෙකු ලෙස පෞද්ගලිකව මෙන්ම බහරේනයේ කුවේට් ෆයිනෑන්ස් හවුස් ආයතනයේද කටයුතු කරමින් ඒ මහතා ඉස්ලාම් මූල්‍ය සේවා සම්බන්ධ සියලූම අංශ වලට අදාළ ගැටලූ වලදී උපදෙස් ලබාදී ඇති අතර, ඉස්ලාම් නීතියට අනුකූල ගනුදෙනු ලිපිලේඛන පිළියෙල කිරීම සඳහා උපකාරී වී ඇත. වරලත් සමථකරු ආයතනයේ :ක්‍ය්රඑැරුා ෂබිඑසඑමඑැ දෙ ්රඉසඑර්එදර* සාමාජිකයෙකු වන ඒ මහතාිඨක්‍ක්‍ ක්‍දපපැරජස්ක ්රඉසඑර්එසදබ ක්‍ැබඑරු ඍදිඑැර දෙ ්රඉසඑර්එදරි’ හි ලියාපදිංචි සමථකරුවෙකි.

නව පත්වීම් සමග අමානා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අලි අස්ගර් (අස්ගි* අක්බරලි (සභාපති*, රජීව් නන්ද්ලාල් ද්විවේදි, ප‍්‍රදීප් ඩිල්ශාන් රජීව හෙට්ටිආරච්චි, ඇරන් රසල්-ඬේවිසන්, මොහොමඞ් අතාවුර් රහ්මාන් චෞද්රි, සයිඞ් මුහම්මද් අසීම් රාසා, ඛයිරුල් මුසමිල් පෙරේරා බින් අබ්දුල්ලා, ටිශාන් හරේන්ද්‍රනාත් සුබසිංහ, ඔමාර් කාසිම්, මොහොමඞ් ඇඩමලි සහ පෝල් මර්සර් යන මහත්වරුන්ගෙන් සමන්විත වේ. විශ‍්‍රාම ලත් අධ්‍යක්ෂවරුන් වන ඔස්මාන් කාසිම්, තයීබ් අක්බරලි, හර්ෂ අමරසේකර සහ ජස්රි මැග්ඩන් ඉස්මයීල් යන මහත්වරුන් අමානා බැංකුවේ සුවිශේෂී ප‍්‍රජා සත්කාර වැඩසටහන වනි ඕෆන්කෙයා’ භාරයේ (ධරචය්බක්‍්රු ඔරමිඑ* භාරකාරවරුන් ලෙස ඉදිරියටත් කටයුතු කරනු ඇත.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප‍්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් ෂිෘඊ සමූහය එහි කොටස් වලින් 29ග97‍්‍ර ක ප‍්‍රතිශතයකට හිමිකම් කියයි. ෂිෘඊ සමූහය යනුි්්්’ ශේණිය :ී*ඡුල ඵදදාහ’ි * ත්‍සඑජය* හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ජූනි මාසයේදී ත්‍සඑජය ඍ්එසබටි ීරස ඛ්බන් ආයතනය මගින් අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශේණිගත කිරීමිඊඊූ:කන්* අසඑය ් ීඒඉකැ ධමඑකදදන’ ලෙස ඉහළ නංවන ලදි.ි ඕෆන්කෙයා’ භාරය :ධරචය්බක්‍්රු ඔරමිඑ* හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

ටිශාන් සුබසිංහ

ඔමර් කාසිම්

මොහොමඞ් ඇඩමලි

පෝල් මර්සර්

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp