• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව IFN සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලබයි

අමානා බැංකුව July 26, 2023

පසුගියදා පැවති IFN සම්මාන උළෙලේදී සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට අමානා බැංකුව සමත් විය. IFN සම්මාන උළෙල යනු ගෝලීය ඉස්ලාමීය බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමට ලක්කරන අන්තර්ජාතික සම්මාන උළෙලකි. මැලේසියාවේ ‘RedMoney Group’ විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී අමානා බැංකුවට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉස්ලාමීය බැංකුවට හිමි සම්මානයට අමතරව ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික බැංකුව’, ‘විශිෂ්ටතම ඩිජිටල් සේවාව’, ‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’ සහ ‘විශිෂ්ටතම නවෝත්පාදක බැංකුව’ යන සම්මානයන්ද හිමි විය..

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සහ පාරිභෝගික බැංකුකරණ ක්ෂේත්‍රය නංවාලීමට දායක වෙමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම තලයේ බැංකු සේවාවන් රැසක් පිරිනැමීම වෙනුවෙන් අමානා බැංකුව වෙත මෙම සම්මාන හිමි විය. එමෙන්ම ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව ඉදිරියට යමින්, නවතම ආකාරයේ මානුශ හිතවාදී මූල්‍ය සේවාවන් හඳුන්වා දීම මෙන්ම විශිෂ්ටතම තලයේ පාරිභෝගික සේවාවක් සැපයීමද මෙම සම්මානයන් අමානා බැංකුව වෙත හිමි වීමට තුඩුදුන් තවත් හේතුවක් විය.

“IFN සම්මාන උළෙලේදී නැවත වරක් අප ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉස්ලාමීය බැංකුව ලෙස තහවුරු වීමට අමතරව ඩිජිටල් සේවාවන්, පාරිභෝගික බැංකුකරණය, ආයතනික බැංකුකරණ සහ නවෝත්පාදනය වෙනුවෙන් මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. අප සතු කීර්ති නාමය අඛණ්ඩව පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වීමට අප දක්වන උනන්දුව හා කැපවීම මෙමගින් නැවත වරක් සනාථ වනවා. මෙම ජයග්‍රහණයන් හිමිකර ගැනීමට අපට ශක්තියක් වූ අපගේ කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් සහ ආයතනික පාර්ශවකරුවන් ඇතුළු සියලුම දෙනාට අපගේ ස්තූතිය හිමි විය යුතුයි.” අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා එසේ තම අදහස් දැක්වී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන, IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

Featured

My Hajj
2026
අයදුම් කරන්න
Chat on WhatsApp
govpay