අමානා බැංකුව පසුගියදා පැවති ‘Brands Review Magazine Awards 2024’ හිදී දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම ඉස්ලාමීය බැංකුව ලෙස ඇගයීමට ලක් විය. මෙය අමානා බැංකුව මෙම කලාපයේ ඉස්ලාමීය බැංකු අතර ඉදිරියෙන්ම සිටින බවට මෙන්ම, කලාපය තුළ පොලිය පදනම් කර නොගත් බැංකුකරණ මෙහෙයුම් සඳහා අමානා බැංකුව දරන උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බවට මනා සාක්ෂියකි.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ අදහස් දැක්වී ය. “පසුගිය වසර කිහිපය පුරාම කැපීපෙනෙන සාර්ථකත්වයක් අත්පත් කරගැනීමෙන් අනතුරුව මේ ආකාරයට ‘Best Islamic Bank in South Asia 2024’ හිදී කලාපයේ විශිෂ්ටතම ඉස්ලාමීය බැංකුව ලෙස ඇගයීමට ලක්වීමට අපට හැකි වුණා. තිරසාර ක්‍රමවේදයන් අනුගමනය කරන අතරම ආර්ථික වර්ධනය බලගැන්වීමේ හැකියාව ඇති අපගේ මානුෂ-හිතවාදී සහ සංවර්ධනය ඉලක්ක කරගත් බැංකුකරණ ආකෘතිය ප්‍රවර්ධනය කිරීමට අප ගන්නා උත්සාහය සාර්ථක වී ඇති බවට මෙය මනා සාක්ෂියක්. අපගේ දැක්ම කෙරෙහි විශ්වාසය තබමින් අඛණ්ඩව අප වෙත සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් අපගේ ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු සියලුම දෙනාට අපගේ ස්තූතිය හිමි විය යුතුයි. එමෙන්ම ශ්‍රී ලංකාව ඉස්ලාමීය බැංකුකරණ සේවාවන් සම්බන්ධයෙන් කලාපයේ අප ඉදිරියෙන්ම සිටින බවට මෙන්ම, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කලාපීය කේන්ද්‍රයක් බවට පත්වීමට මෙරටට හැකියාව තිබෙන බවට මෙම සම්මානය සාක්ෂි දරනවා. අමානා බැංකුව දැනටමත් ඒ සඳහා හොඳ ආරම්භයක් ලබාගෙන තිබීම සතුටට කරුණක්.”
ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදෙමින් ඔවුන්ට උපරිම වටිනාකම් තිළිණ කිරීම සඳහා අමානා බැංකුව නිරන්තරයෙන් කැප වී සිටී. විශේෂයෙන්ම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා පාරිභෝගික විකුණුම් කාණ්ඩවලට අත්වැලක් වෙමින්, ඒ ඔස්සේ මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ දියුණුවට සුවිශාල දායකත්වයක් දැක්වීමටද බැංකුව සමත් වී තිබේ. එමෙන්ම ඩිජිටල් බැංකුකරණ අවකාශය තුළ නව අවස්ථා ගවේෂණය කරමින් සිය ආවරණ පරාසය පුළුල් කරගැනීම සහ සංවර්ධනය ඉලක්ක කරගත් මානුෂ හිතවාදී නව්‍ය විසඳුම් හඳුන්වා දීමට කටයුතු කිරීම හේතුවෙන් කලාපය තුළ විශිෂ්ටත්වය හා නවෝත්පාදනය සම්බන්ධයෙන් කීර්තියක් දිනාගැනීමට අමානා බැංකුවට හැකි වී තිබේ.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.