Asian Banker විසින් නම්කරන ලද 2023 වසරේ ලොව ශක්තිමත්ම ඉස්ලාමීය බැංකු අතර කැපීපෙනෙන වර්ධනයක් සමගින් ඉදිරියට පැමිණීමට අමානා බැංකුව සමත් වී ඇත. 2022 වසරේ එම ලැයිස්තුවේ 82 වන ස්ථානයෙහි පසු වූ අමානා බැංකුව 2023 වසරේ එහි 37 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම මගින් මැද පෙරදිග සහ නැගෙනහිර ආසියාවේ ක්‍රියාත්මක වන, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඉස්ලාමීය බැංකු රැසක් අභිභවා ඉදිරියට පැමිණීමට අමානා බැංකුවට හැකි වී ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා ලොව පුරා විසිරී ඇති පොලිය පදනම් කර නොගත් මූල්‍ය ආයතනවල මූල්‍ය කාර්ය සාධනය සහ ශේෂ පත්‍ර ඇගයීමට ලක් කරමින් The Asian Banker විසින් සපයන ලද සවිස්තරාත්මක ශ්‍රේණිගත කිරීම් තුළ අමානා බැංකුවේ ශක්තිමත් කාර්ය සාධනය මැනැවින් පිළිබිඹු විය. එහිදී කළ ශේෂ පත්‍ර ඇගයීම තුළ ගණනය කිරීමේ හැකියාව, ශේෂ පත්‍ර වර්ධනය, අවදානම් පැතිකඩ, ලාභදායීත්වය, වත්කම්වල ගුණාත්මකභාවය සහ ද්‍රවශීලතාව යන අංශ 6 ක් සහ නිශ්චිත සාධක 14 ක තක්සේරුවක් සිදුකරමින්, පුළුල් සහ විනිවිදභාවය සහිත ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් අනුව මෙම ඇගයීම සිදු කර තිබේ.
2023 වසරේ 3 වැනි කාර්තුවේ මූල්‍ය වාර්තා අනුව අමානා බැංකුව තම ඉතිහාසය තුළ කාර්තුවකදී පෙන්නුම් කළ විශිෂ්ටතම කාර්ය සාධනය වාර්තා කරගැනීමට සමත් වී ඇත. එමෙන්ම වසරේ මුල් මාස 9 තුළ එහි බදු-පෙර ලාභය සහ බදු-පසු ලාභය පිළිවෙළින් 78% ක සහ 98% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. අමානා බැංකුවේ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය ජනතාව අතර තවදුරටත් ජනප්‍රිය වෙමින් පවතින බව තහවුරු කරමින් එහි සමස්ත තැන්පතු පදනම 14% කින් වර්ධනය වී රු. බිලියන 128 ක් ලෙස වාර්තා වූ අතර, නිකුත් කරන ලද මූල්‍ය පහසුකම් ප්‍රමාණයද 5% කින් වර්ධනය විය. එමෙන්ම බැංකුවේ තුන්වන පෙළ අක්‍රීය ණය අනුපාතය වෙළඳපොළේ අවම මට්ටමක, එනම් 1.6% ලෙස පවතී. තවද මෑතකදී සාර්ථක ලෙස අවසන් කරන ලද හිමිකම් නිකුතුව හේතුවෙන් අමානා බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 150 සීමාව ඉක්මවා ගියේ ය.
“අමානා බැංකුව මෙලෙස Asian Banker ශ්‍රේණිගත කිරීම්වල දිගින් දිගටම ඉදිරියට පැමිණීම අපට මහත් සතුටක් ගෙන එනවා. එය අපගේ මූල්‍ය ශක්තිය, අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සහ පාරිභෝගික-කේන්ද්‍රීය වටිනාකම් පවත්වාගැනීම සඳහා අප දක්වන කැපවීම සඳහා මනා සාක්ෂියකි. එමෙන්ම Asian Banker මගින් මෙලෙස අප ලොව ශක්තිමත්ම ඉස්ලාමීය බැංකු අතර නම්කරනු ලැබීම, අප අත්කරගෙන ඇති සාර්ථකත්වය තවදුරටත් තහවුරු වේ. අපගේ කණ්ඩායමේ කැපවීම සහ ක්‍රමෝපායික මුලපිරීම් නිසා, අභියෝගකාරී ආර්ථික තත්ත්වයන් හමුවේ පවා නොසැලී ඉදිරියට ගමන් කිරීමට අපට හැකි වී තිබෙනවා. ඉදිරියටත් මේ ජයග්‍රාහී ප්‍රවණතාව පවත්වා ගනිමින් විශිෂ්ටත්වය කරා ගමන් කිරීම අපගේ ඉලක්කයයි.” අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
ඡායාරූප - අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා