• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව SLIBFI සම්මාන උළෙලේ ‘Spirit of Islamic Finance’රන් සම්මානයෙන් පිදුම් ලබයි

අමානා බැංකුව December 29, 2023

අමානා බැංකුව පසුගියදා පැවති SLIBFI සම්මාන උළෙලේදී ‘Spirit of Islamic Finance’ කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. පොලිය පදනම් කර නොගත් බැංකුකරණ සම්ප්‍රදායේ මෙහෙයුම් වෙනුවෙන් දැක්වූ කැපවීම උදෙසා අමානා බැංකුවට මෙම සම්මාන හිමි විය. UTO EduConsult මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී ස්වාධීන විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කරමින් ජයග්‍රාහකයන් තීරණය කරන ලද්දේ KPMG Sri Lanka විසිනි.

මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියක් අනුගමනය කරන අමානා බැංකුව, ආචාරධාර්මික බැංකුකරණයේ සැබෑ පුරෝගාමියෙකු ලෙස සැලකේ. මූල්‍ය අන්තර්කරණය හා තිරසාරත්වය ඔස්සේ ගනුදෙනුකරුවන්ගේ හා සමාජයේ සුභසිද්ධිය වෙනුවෙන් කැපවෙමින්, ඉස්ලාමීය බැංකුකරණයේ සැබෑ හරය ලොවට පෙන්වා දෙන අතරතුර, මෙරට බැංකු ක්ෂේත්‍රයේ ඉදිරියටම පැමිණීමට අමානා බැංකුවට හැකි වී ඇත.

" ප්‍රථමයෙන්ම ‘Spirit of Islamic Finance’ සම්මානයෙන් පිදුම් ලැබීමට හැකි වීම අපට මහත් ගෞරවයක්. බැංකුකරණ ආකෘතියේ මූලධර්මයන් නිවැරදිව අනුගමනය කරමින් සියලු දෙනාගේ මූල්‍යමය යහපැවැත්ම තහවුරු කිරීම සඳහා අප දක්වන කැපවීම මෙමගින් මනාව තහවුරු වනවා. බැංකුකරණයේ සැබෑ සාර්ථකත්වය මැනිය හැක්කේ හුදෙක් මූල්‍ය ප්‍රතිඵලවලින් නොව, ඉන් ජනතාවගේ ජීවිතවලට සිදුවන යහපත් බලපෑම අනුව බව අපගේ විශ්වාසයයි. මෙම සම්මානය, සමස්ත අමානා බැංකු කාර්ය මණ්ඩලයේ උනන්දුවට හා කැපවීමට මනා සාක්ෂියක්. එමෙන්ම එය අපගේ වගකීම්සහගත සහ ආචාරධාර්මික බැංකුකරණ ක්‍රමවේදය ඔස්සේ ක්ෂේත්‍රයටත් සමස්ත සමාජයටත් යහපත් සිදුකිරීමේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා අප දිරිගන්වනවා.” අමානා බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.

අමානා බැංකුව සිය සිය පාරිභෝගිකයන්ගෙන් ප්‍රමාද ගාස්තු හෝ දඩ මුදල් අය නොකරයි. මූල්‍ය අභියෝගයන් බහුල කාලවලදී සිය ගනුදෙනුකරුවන්ට එමගින් අත්වැලක් වීම සඳහා අමානා බැංකුව සැබැවින්ම උත්සාහ දරන බවට මෙය මනා සාක්ෂියකි. එමෙන්ම රන් සහතිකපත් ආශ්‍රිත මූල්‍ය ක්‍රම ඔස්සේ, අපගේ බැංකු සේවාවන් නොලබන සහ සීමිතව බැංකු සේවාවන් ලබන බොහෝ පිරිසක් වෙත විධිමත් බැංකු සේවාවන් සමීප කරවීමට අමානා බැංකුවට හැකි වී ඇත.

මෙම සුවිශේෂී බැංකුකරණ ආකෘතිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අමානා බැංකුව නිරන්තරයෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරයි. මේ සම්බන්ධයෙන් ජනතාව අතර ඇති දුර්මත ඉවත් කරමින්, සාම්ප්‍රදායික බැංකුකරණ ක්‍රමවේදයන්ට සාපේක්ෂව මෙම ආකෘතියෙහි ඇති සුවිශේෂී ලක්ෂණ හා ප්‍රතිලාභ පෙන්වා දීම සඳහා බැංකුව විසින් විශේෂ ‘දැනුම් අලෙවිකරණ (Knowledge Marketing) අංශයක්ද ස්ථාපිත කර ඇත. එමෙන්ම විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් ඔස්සේ ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීමටද අමානා බැංකුව පියවර ගෙන තිබේ. මෙහි එක් පියවරක් වශයෙන් ජනතාවට වැදගත් වන තොරතුරු රාශියක් ඇතුළත් සජීවීකරණ වීඩියෝ මාලාවක් භාෂා තුනෙන්ම නිෂ්පාදනය කර, ඒවා ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රවර්ධනය කිරීමටද අමානා බැංකුව කටයුතු කර ඇත. මේ ආකාරයට කිසිදු භේදයකින් තොරව දැනුම බෙදාදීම හා සේවාවන් සැපයීම තුළින්, අමානා බැංකුව ඉස්ලාමික මූල්‍ය සේවාවන්ගේ සැබෑ හරය අනුව කටයුතු කරන ආකාරය මැනැවින් නිරූපණය වේ.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූපය:අමානා බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා, KPMG ආයතනයේ බදු සහ නියාමන ප්‍රධානී සුරේෂ් පෙරේරා මහතා අතින් සම්මානය ලබාගත් අවස්ථාව

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo