• Amãna Bank PLC Blog Detail - Main Visual

Euromoney Islamic Finance Awards සම්මාන උළෙලේ දී අමානා බැංකුව යළිත් වරක් සම්මානයට පාත්‍ර විය

අමානා බැංකුව August 12, 2024

පසුගියදා පැවැත්වුණු ‘Euromoney Islamic Finance Awards’ සම්මාන උළෙලේ දී අමානා බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉස්ලාමීය බැංකුවට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. මෙය ශ්‍රී ලංකාවේ පොලිය පදනම් කර නොගත් බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස අමානා බැංකුව සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරන සුවිශේෂී ජයග්‍රහණයකි. අමානා බැංකුව පසුගිය වසර තුළ අත්කරගත් විශිෂ්ට වර්ධනය, නවෝත්පාදනය සහ මානුෂ-හිතවාදී බැංකුකරණය උදෙසා දක්වන නොසැලෙන කැපවීම යන සාධක, මෙම සම්මානය හිමි වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

Euromoney Islamic Finance Awards යනු ලොව පිළිගත් Euromoney සම්මාන වැඩසටහන් අතර තවත් එක් ප්‍රමුඛ පෙළේ වැඩසටහනකි. මාස 12 ක කාලයක් තුළ විශිෂ්ට කාර්ය සාධනයක් වාර්තා කරමින් අදාළ වෙළඳපොළවල්වලට සාධනීය බලපෑමක් ඇතිකරන විශේෂයෙන්ම සමස්ත මූල්‍ය වෙළඳපොළේ වර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් දක්වන, පොලිය පදනම් කර නොගත් මූල්‍ය ආයතනවලට මෙම සම්මාන පිරිනැමේ. විද්වතුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින්, කාර්යසාධනය පදනම් කරගත්, අතිශය විධිමත් හා දැඩි ඇගයුම් ක්‍රියාවලියකින් පසුව Euromoney සම්මාන සඳහා සුදුස්ස්සන් තෝරාගනු ලබයි.

2023 වසරේදී අමානා බැංකුව තම ඉතිහාසයේ විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් විය. බැංකුවේ බදු-පසු ලාභය 76% කින් වර්ධනය වී රු. බිලියන 1.4 ක් ලෙස වාර්තා වූ අතර, රු. බිලියන 20 ක ප්‍රාග්ධන ආගමනය හේතුවෙන් ප්‍රාග්ධන පදනමද අතිශයින් ශක්තිමත් විය. මේ නිසා ඉදිරියේදී එළඹෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් අඛණ්ඩව දියුණුව කරා ගමන් කිරීමට අමානා බැංකුවට හැකියාව ලැබී තිබේ.

මෙම සම්මානය හිමි වීම සම්බන්ධයෙන් අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ අදහස් දැක්වී ය. “අමානා බැංකුව යනු පොලිය පදනම් කර නොගත් බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බව නැවත වරක් තහවුරු කරමින් මේ ආකාරයට යළිත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මානුෂ-හිතවාදී බැංකුකරණය ඔස්සේ රටේ ආර්ථික වර්ධනය බලගන්වන අතරම ශ්‍රී ලංකාවාසීන්ට සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක් උදාකර දීම සඳහා අප දරන උත්සාහය සාර්ථක වී ඇති බවට මෙය මනා සාක්ෂියක්.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූපය: මොහොමඩ් අස්මීර් මහතා - කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo