A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

නොමිළේ ලැබෙන හිරු එළියෙන් පාරිභෝගිකයන් හට සහනයක් ගෙන දීමට අමානා බැංකුව සිංගර් (ශ්‍රී ලංකා) සමූහය සමග අත්වැල් බැඳගනී

අමානා බැංකුව December 20, 2023

අමානා බැංකුව සහ සිංගර් සමාගම එක් වී, සූර්ය බලශක්ති පද්ධති සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය වඩාත් තිරසාර හා පරිසර හිතකාමී අනාගතයක් උදෙසා තබන ලද වැදගත් ඉදිරි පියවරකි. මේ යටතේ සිංගර් සමාගමේ විශ්වාසනීයත්වය සහ උසස් ප්‍රමිතිය සහිත සූර්ය බලශක්ති පද්ධති, අමානා බැංකුවේ මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් සමගින් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

සිංගර් (ශ්‍රී ලංකා) සමූහ ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සහ අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා විසින් පසුගියදා මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදි. එම අවස්ථාවට අමානා බැංකුව වෙනුවෙන් එහි උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් සහ පාරිභෝගික මූල්‍ය ප්‍රධානී රියාස් නූර් යන මහත්වරුන්ද, සිංගර් පීඑල්සී වෙනුවෙන් එහි විකුණුම් අධ්‍යක්ෂ වජිර තෙන්නකෝන්, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ කපිල පෙරේරා, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු වරුණ වික්‍රමසිංහ, අලෙවි කළමනාකරු පියුම් ජයතිලක සහ සහකාර මෙහෙයුම් කළමනාකරු මනෝජ් රූපසිංහ යන මහත්වරුද සහභාගී වූහ.

මේ සම්බන්ධයෙන් අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා මෙසේ තම අදහස් දැක්වී ය. “සිංගර් යනු ශ්‍රී ලංකාවේ සැම දෙනාගේම විශ්වාසය දිනූ සන්නාමයක් බැවින් සමග ඇති කරගත් මෙම හවුල්කාරීත්වය පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙම හවුල්කාරීත්වය ඔස්සේ, අපගේ මෙහෙවර වන ‘සංවර්ධනයට අත්වැලක්, ඉසුරුමත් ජීවිතයක්’ යන්නට සමගාමීව, සැම දෙනාටම තිරසාර බලශක්ති විසඳුම් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීමට අපට හැකියාව ලැබේවි. මේ ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන්ට තම බලශක්ති පරිභෝජනය සඳහා වැය වන වියදම් අවම කරගනිමින්, වඩාත් තිරසාර ලෝකයක් බිහිකිරීම සඳහා දායක වීමට අවස්ථාව ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්.”

සිංගර් (ශ්‍රී ලංකා) සමූහ ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “පරිසර හිතකාමී බලශක්ති විසඳුම් වෙත යොමුවෙමින් තම වියදම් කළමනාකරණය කරගැනීමට පාරිභෝගිකයන්ට අත්වැලක් වීම සඳහා මේ ආකාරයට අමානා බැංකුව සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට සතුටක්. ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළඳපොළ තුළ උසස් ප්‍රමිතිය සම්බන්ධයෙන් දිනාගත් ජනතා විශ්වාසය තුළින් පන්නරය ලබමින්, අමානා බැංකුවේ පොලිය පදනම් කර නොගත් සුවිශේෂී මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය යටතේ පිරිනමන මූල්‍ය පහසුකම් සමගින් අපගේ සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමට අප බලාපොරොත්තු වෙනවා.”

අමානා බැංකුව පිළිබඳව

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන, IsDB සමූහය ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක දැවැන්ත සාමාජිකත්වයකින් යුතු බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී පිළිබඳව

මෙරට වෙළඳපොළ ප්‍රමුඛයෙකු වන සිංගර් ශ්‍රී ලංකා සාමාගම, මිලියන 5.7 කට අධික දැවැන්ත පාරිභෝගික පදනමක් සහිත, දිවයිනේ සමස්ත ජනගහනයෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කර ඇති දැවැන්ත සමාගමකි. වසර 145 කට අධික ඉතිහාසයක් සහිත සිංගර් සමූහය මෙරට තුළ විශ්වාසය, ප්‍රමිතිය සහ කල්පැවැත්ම සම්බන්ධයෙන් සුවිශාල පිළිගැනීමක් හිමිකරගෙන තිබේ. එමෙන්ම සිංගර් සන්නාමය නිරන්තරයෙන් මෙරට වඩාත්ම ආදරය දිනූ සන්නාම අතරට එක්වීමට සමත් වී ඇත. සිංගර් සමූහය ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ වඩාත්ම ගෞරවය දිනූ සමූහ ව්‍යාපාරයක් වන හේලීස් පීඑල්සී (Hayleys PLC) හි අනුබද්ධ සමාගමකි.

ඡායාරූපය:

සිංගර් (ශ්‍රී ලංකා) සමූහ ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සහ අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්. දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක්ද ඡායාරූපයෙහි වෙති.

Featured

Open Online Account
My Hajj
2026
අයදුම් කරන්න
Chat on WhatsApp