A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව සහ විකල්ප මූල්‍ය ආයතන සංගමය එක්ව වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වයි

අමානා බැංකුව September 4, 2023

අමානා බැංකුව සහ විකල්ප මූල්‍ය ආයතන සංගමය (Association of Alternative Financial Institutions - AAFI) එක් වී, පොලිය පදනම් කර නොගත් ඉස්ලාමීය මූල්‍ය සේවාවන් හෙවත් විකල්ප මූල්‍ය විසඳුම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. AAFI විසින් දියත් කරන ලද සම්මන්ත්‍රණ මාලාවක පළමුවැන්න වූ මෙය, ඉස්ලාමීය මූල්‍ය සේවාවන්හි මූලධර්ම, ක්‍රමවේදයන් සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් ජනතාව සහ ආයතන නිසි පරිදි දැනුවත් කිරීම සඳහා දරනු ලැබූ උත්සාහයක පළමු පියවරයි.

‘හවුල්කාරීත්වය පදනම් කරගත් මූල්‍ය පහසුකම්’ (‘Partnership based Financing’) යන තේමාව යටතේ පැවති මෙම ප්‍රථම සම්මන්ත්‍රණය සංවාදමය වැඩසටහනක් ලෙස පැවැත්වුණු අතර, මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් ඊට එක්වූහ. AAFI හි ලේකම් මෙන්ම KPMG Sri Lanka හි බදු හා නියාමන ප්‍රධානී රිෆ්කා සියාර්ඩ් විසින් මෙහෙයවන ලද මෙම සංවාදයට, AAFI හි සභාපති මෙන්ම මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සමාගම් කිහිපයක් ආරම්භ කිරීමට දායක වූ රවී අබේසූරිය මහතාද සහභාගී විය. මෙහිදී අමානා බැංකුව නියෝජනය කරන ලද්දේ එහි කළමනාකරු (දැනුම් අලෙවිකරණය සහ මූල්‍ය අන්තර්කරණය) මුආත් මුබාරක් මහතා විසිනි.

සංවාදයේදී අදහස් දැක්වූ මුආත් මුබාරක් මහතා, හවුල්කාරීත්වය පදනම් කරගත් මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් සරලව හා සවිස්තරව අදහස් දැක්වීමක් සිදු කළහ. හවුල්කාරීත්වය පදනම් කරගත් මූල්‍ය පහසුකම් යනු කුමක්ද, එය ක්‍රියාත්මක වන්නේ කෙසේද, පොලිය මත පදනම් නොවන බැංකු සේවා ක්ෂේත්‍රය තුළ එය නම්‍යශීලී විසඳුමක් වන්නේ කෙසේද යනාදී මාතෘකා මෙහිදී සාකච්ඡාවට ලක්කරන ලදි. එමෙන්ම විවිධාකාර වූ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මෙම මූල්‍ය සේවා ආකෘතිය සතු හැකියාව පිළිබඳව මෙහිදී පුළුල් ලෙස ගවේෂණය කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් AAFI සභාපති සභාපති රවී අබේසූරිය මහතා මෙසේ පැවසී ය. “විකල්ප මූල්‍ය සේවා ආකෘතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පවත්වන සම්මන්ත්‍රණ මාලාවක පළමු සම්මන්ත්‍රණය වෙනුවෙන් මේ ආකාරයට අමානා බැංකුව සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට මෙන්ම මෙම සුවිශේෂී බැංකු හා මූල්‍ය සේවා ආකෘතිය පිළිබඳව පවතින වැරදි අදහස් පිටුදැකීමට අපට හැකියාව ලැබෙනවා. එමගින් ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාට ප්‍රතිලාභ රැසක් සැලසේවි.”

Featured

Open Online Account
My Hajj
2026
අයදුම් කරන්න
Chat on WhatsApp