• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාම 100 අතර තවත් ඉදිරියට

අමානා බැංකුව July 31, 2023

අමානා බැංකුව LMD Brand Finance විශිෂ්ටතම සන්නාම 100 ලයිස්තුවේ (Top 100 Most Valuable Brands in Sri Lanka) 81 වැනි ස්ථානයේ සිට 67 වැනි ස්ථානය දක්වා ස්ථාන 14 ක් ඉදිරියට පැමිණීමට සමත් වේ. වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙම ප්‍රගතිය අත්කර ගැනීමට සමත් වීම, අමානා බැංකුව මෙරට ජනතාව අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින බවට මනා සාක්ෂියකි.

අභියෝගකාරී වර්ෂයක් තුළ, වෙළඳපොළේ සිදුවන පරිවර්තනයන්ට සාර්ථක ලෙස අනුගත වෙමින් විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කළ සන්නාම කිහිපය අතරින් එකක් බවට පත්වීමට අමානා බැංකුවට හැකියාව ලැබී තිබේ. මෙම ප්‍රතිඵල තුළින් තම බැංකු සන්නාමයේ වටිනාකම මෙන්ම, වෙළඳපොළ තුළ තමන් සතු ස්ථානයද ඉහළ නංවා ගැනීමට බැංකුවට හැකි වී ඇත.

LMD විසින් සුප්‍රකට සන්නාම ඇගයුම් ආයතනයක් වන Brand Finance සමග එක් වී ‘LMD Brand Finance Most Valuable Brands’ ලැයිස්තුව ප්‍රකාශයට පත්කරනු ලබයි. මෙහිදී කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වී ඇති සමාගම්වල මූල්‍ය දත්ත මෙන්ම පෞද්ගලික සමාගම්වල තොරතුරු විශ්ලේෂණය කිරීම මගින්, මෙම ලැයිස්තුවට ඇතුළත් වන සමාගම් මොනවාද යන්න තීරණය කෙරේ. මෙහිදී Bloomberg Data භාවිතයෙන් වෙළඳපොළ ප්‍රවණතා පරීක්ෂාවට ලක්කෙරෙන අතර, 2,500 කට අධික පිරිසකගේ ප්‍රතිචාර විමසීම මගින් පාරිභෝගික අදහස් හඳුනාගනු ලබයි. මීට අමතරව, ආයතනික තීරණ ගන්නන්ගේ ව්‍යාපාරික හැඟීම් අවබෝධ කරගැනීම සඳහා, බැංකු සහ දුරකථන සන්නිවේදන යන ක්ෂේත්‍රවලට අදාළව Business to Business (B2B) අවකාශය පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදුකෙරේ.

<p“අමානා බැංකුව මේ ආකාරයට LMD Brand Finance විශිෂ්ටතම සන්නාම 100 ලයිස්තුවේ ඉදිරියට පැමිණීම අපට මහත් සතුටක්. මෙය ශක්තිමත් සන්නාමයක් ගොඩනැංවීම සඳහා ඉතාමත් උනන්දුවෙන් කටයුතු කළ අපගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස මා දකිනවා.” අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා එසේ තම අදහස් දැක්වී ය.

“අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි රඳවා ඇති විශ්වාසය වෙනුවෙන් අප ඔවුන්ට ස්තූතිවන්ත වනවා. නවීන මෙන්ම මානුශ හිතවාදී මූල්‍ය පහසුකම් තවදුරටත් ඔවුන් වෙත පිරිනැමීම අපගේ අරමුණ වන අතර, අපගේ සන්නාම ක්‍රමෝපාය වන්නේ, එවැනි මූල්‍ය පහසුකම් ඔස්සේ සංවර්ධනයට අත්වැලක් වෙමින්, ජීවිත ඉසුරුමත් කිරීමයි.” අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා එසේ තම අදහස් දැක්වී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය, එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo