අමානා බැංකුව ලෝක ළමා දිනය වෙනුවෙන් සිය ශාඛාවන් හරහා දිවයින පුරා පාසල්, පෙරපාසල්, ළමා නිවාස සහ පොදු ස්ථාන රැසක විවිධ උත්සව හා ක්‍රියාකාරකම් සංවිධානය කළේ ය. එම උත්සවවලට සහභාගී වූ දරුදැරියන්ට විවිධ ක්‍රීඩා හා ක්‍රියාකාරකම්වල යෙදෙමින් විනෝද වීමටත් තෑගි ලැබීමටත් අවස්ථාව උදා විය.
අනාගතය යහපත් වීමට නම් ශක්තිමත් මූල්‍ය පදනමක් තිබිය යුතු බව අමානා බැංකුව විශ්වාස කරයි. එම නිසාම ඉතිරි කිරීමේ වැදගත්කම මෙන්ම වගකීම්සහගත ලෙස මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීමේ වැදගත්කම දරුවන්ට පෙන්වා දීම සඳහා අමානා බැංකුව කැප වී සිටී. එම කැපවීමෙහි එක් පියවරක් වශයෙන්, මෙම ලෝක ළමා දින සැමරුම් උත්සවවලදීද දරුවන්ට ඉතිරි කිරීමේ වැදගත්කම පෙන්වා දීමට අමානා බැංකුව කටයුතු කළේ ය
“අපගේ ශාඛාවන් සමග එක් වී දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙවැනි උත්සව දරුවන් සතුටු කිරීමට මෙන්ම ඔවුන්ට වටිනා පාඩම් කියාදීමට ලැබෙන අගනා අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. රටේ දරුවන්ගේ මූල්‍ය යහපැවැත්ම තහවුරු කිරීමට අප සෑම විටම කැප වී සිටිනවා.’ අමානා බැංකුවේ අලෙවි හා ආයතනික සන්නිවේදන ප්‍රධානී අසීම් රාලි මහතා පැවසී ය.
අමානා බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් යනු, දරුවන්ට කුඩා කල සිටම ඉතිරි කිරීම පුරුදු කිරීම සඳහා භාවිතා කළ හැකි අගනා විසඳුමකි. මෙම ළමා ගිණුම් මගින් අලුත් උපන් දරුවන්ගේ දෙමාපියන්ට රු. 1,000/- ක් වටිනා තෑගි වවුචර, Daraz සමග එක් වී ශේෂය මත පිරිනමන තෑගි සහ ස්ථාවර නියෝග ප්‍රසාද දීමනා තෑගි මෙන්ම, දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණවලදී පිරිනමන තෑගි ඇතුළු තෑගි රැසක්ද හිමි වේ.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස පමණක් කටයුතු කරයි.