• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානයක් කැකිරාවේදී විවෘත වේ

අමානා බැංකුව April 29, 2024

අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කැකිරාවේදී විවෘත කරන ලදි. ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් සිය බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් අමානා බැංකුව මෙලෙස තම පාරිභෝගික සේවා ජාලය පුළුල් කිරීමේ කටයුතු වල නිරත වේ. අංක 15, ECD ආකේඩ්, තලාව පාර, කැකිරාව යන ස්ථානයේ විවෘත වූ මෙම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අමානා බැංකුවේ 62 වැනි පාරිභෝගික සේවා ස්ථානයයි.

මෙම නව ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් සහ අමානා බැංකු අනුරාධපුර ශාඛා කළමනාකරු ශාන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමග ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය මගින් ගනුදෙනුකරුවන්ට සතියේ සෑම දිනකම පැය 24 පුරා මුදල් ආපසු ගැනීම, මුදල් තැන්පත් කිරීම සහ චෙක්පත් තැන්පත් කිරීම යන සේවාවන් ලබාගත හැකි වේ.

“අපගේ පාරිභෝගික සේවා ස්ථාන ජාලය පුළුල් කරමින් කැකිරාව ප්‍රදේශය ද ආවරණය කරමින් මෙලෙස ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය රටේ සියලුම දෙනා වෙත අපගේ සේවාවන් සමීප කරවීමට අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම මෙය අපගේ මානුෂ-හිතවාදී මූල්‍ය සේවාවන් තුළින් රටේ ප්‍රජාවන් සවිබල ගැන්වීමේ මෙහෙවරෙහි තවත් එක් පියවරක් ලෙසද හැඳින්වීමට පුළුවන්.” අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූපය:අමානා බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා, KPMG ආයතනයේ බදු සහ නියාමන ප්‍රධානී සුරේෂ් පෙරේරා මහතා අතින් සම්මානය ලබාගත් අවස්ථාව
ගනුදෙනුකරුවෙකු අමානා බැංකුවේ කැකිරාව ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය භාවිතා කරමින්

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo