ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 68 වැනි වාර්ෂික සමුළුව පසුගිය නොවැම්බර් 01 දින ගරු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනේසියානු තානාපතිනිය දේවි ගස්ටිනා ටොබින්ග් මැතිනියගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. අමානා බැංකුවේ අනුග්‍රහය සමගින් සංවිධානය වු එම සමුළුව සඳහා දේශීය හා විදේශීය ජනමාධ්‍යවේදීන්, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්වතුන් හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාහී විය. එහිදී මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකළ කරුණාරත්න අමරසිංහ මහතා, ඇස් කනේෂන් මහතා, ටියුලින් ජයරත්න මහතා, ශාන් වික්‍රමසිංහ මහතා, පුෂ්පා රොවෙල් මහත්මිය, ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා, මොහොමඩ් තාජුඩීන් මහතා, ලැම්බට් පෙම්මාවඩු මහතා, කමල් ලියනාරච්චි මහතා සහ පුෂ්පකුමාර මතුගම යන මාධ්‍යවේදීන් ඩී. එෆ්. කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
“පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය යනු ජනතාවගේ හඬ නියෝජනය කරමින් දැනුවත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරන ආයතන වේ. ඒ අනුව මානුෂ හිතවාදී අගයන් වලට ප්‍රමුඛතාවක් ලබා දෙන අප, ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 68 වැනි වාර්ෂික සමුළුව සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම සහ ක්ෂේත්‍රය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ ජනමාධ්‍යවේදීන් පිරිසකට උපහාර පිදීමට දායක වීමට ලැබීම අපට ඉමහත් සතුටක්.” අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා පැවසී ය.
“ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 68 වැනි වාර්ෂික සමුළුව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අප අමානා බැංකුවට ස්තූතිවන්ත වනවා. මෙම හවුල්කාරීත්වය, ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් වගකීම්සහගත ජනමාධ්‍ය කලාවක් සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා අප දරන උත්සාහය තවදුරත් ශක්තිමත් කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.” ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ ලේකම් කුරුලු කාරියකරවන මහතා පැවසී ය.
ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය මෙරට මුද්‍රිත, විද්‍යුත් හා ඩිජිටල් ජනමාධ්‍ය ක්ෂේත්‍රවල මාධ්‍යවේදීන් නියෝජනය කරන පොදු සංවිධානයක් ලෙස කටයුතු කරන අතර, 1955 වර්ෂයේදී පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමියන් සහ ප්‍රවීණ ජනමාධ්‍යවේදීන් වූ ඩී. එෆ්. කාරියකරවන සහ හේම ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ විය.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
ඡායාරූපය - අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා අනුග්‍රාහකත්ව චෙක්පත ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ ලේකම් කුරුලු කාරියකරවන මහතා වෙත භාරදෙමින්. අමානා බැංකුවේ අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන ප්‍රධානී අසීම් රාලි සහ ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ ක්‍රිෂ්ණා එදිරිසිංහ සහ තිලංක කනකරත්න යන මහත්ම මහත්මීහුද ඡායාරූපයෙහි වෙති.