A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ පිහිටි සිය ATM යන්ත්‍රය ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථානයක් බවට වැඩිදියුණු කරයි.

අමානා බැංකුව December 15, 2023

අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අමානා බැංකු ATM යන්ත්‍රයක් පාරිභෝගිකයන්ගේ පහසුව තකා ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථානයක් බවට වැඩිදියුණු කිරීම පසුගියදා සිදු විය. ඒ අනුව දැන් එම ප්‍රදේශයේ අමානා බැංකු ගනුදෙනුකරුවන්ට එම මධ්‍යස්ථානය භාවිතා කරමින් මුදල් ලබාගැනීමට අමතරව මුදල් හා චෙක්පත් තැන්පත් කිරීමද සිදුකළ හැකි අතර, එහි සිටින පාරිභෝගික සේවා නියෝජිතයන් වෙතින් තවත් සේවාවන් රාශියක් ලබාගැනීමටද හැකි වනු ඇත. මේ වනවිට අමානා බැංකුවේ පාරිභෝගික සේවා ස්ථාන ජාලය, එහි ශාඛා සහ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන ඇතුළුව, සේවා සැපයුම් ස්ථාන 57 ක් රට පුරා ව්‍යාප්තව ඇත.

මෙම ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථානය අඩ්ඩාලච්චේන නව ප්‍රාදේශීය සභා ගොඩනැගිලි පරිශ්‍රයේ පිහිටා තිබේ. අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා විසින් එය විවෘත කරන ලද අතර, අමානා බැංකුව වෙනුවෙන් එහි සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් නවෝත්පාදන) අර්ශාඩ් ජමාල්ඩීන් සහ අක්කරේපත්තු ශාඛා කළමනාකරු වන සහීර් හමීඩ් යන මහත්වරුන්ද, ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද එම අවස්ථාවට සහභාගී විය. AB Securitas (පුද්.) සමාගම සමග එක් ව, අමානා බැංකුවේ අක්කරේපත්තු ශාඛාවේ නිරීක්ෂණය යටතේ මෙම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.

“අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින් අපගේ ATM යන්ත්‍රයක් මෙලෙස ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අපට හැකි විය ඒ සමගම මෙහි සේවයෙහි නිරත වන පාරිභෝගික සේවා නියෝජිතයන් හරහා, අප ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතාවන්ට ගැළපෙන තවත් සේවාවන් රාශියක් මේ හරහා ලබාදීමට අප බලාපොරොත්තු වනවා.” අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායා රූප -

ඡායා රූප 1 - අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා අඩ්ඩාලච්චේනෙයි ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථානය විවෘත කරමින්

ඡායා රූප 2 - ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් විසින් අඩ්ඩාලච්චේන ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථාන භාවිතා කරමින්

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp