• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව විසින් Havelock City සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීම සඳහා මූල්‍ය පහසුකම් හඳුන්වා දෙයි

අමානා බැංකුව January 23, 2025

අමානා බැංකුව සහ Havelock City එක් වී පසුගියදා මහනුවර ප්‍රදේශයේ පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේ ය. එහිදී Havelock City නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාස මෙන්ම ඒවා මිලදී ගැනීම සඳහා අමානා බැංකුව වෙතින් ලබාගත හැකි මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් එම ජනතාව දැනුවත් කරන ලදි. Havelock City නිවාස සංකීර්ණයේ දේපළ සංවර්ධන සමාගම වන Mireka Homes (පුද්.) සමාගම සහ අමානා බැංකුව අතර ඇතිකරගෙන ඇති හවුල්කාරීත්වයේ එක් අදියරක් වශයෙන් මෙම වැඩසටහන පවත්වන ලද අතර, අමනා බැංකුවේ මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් සමගින් පාරිභෝගිකයන් සඳහා කොළඹ නගරයේ සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට අවස්ථාව උදාකර දීම මෙහි මූලික අරමුණ විය.

මානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර්, එම බැංකුවේ පාරිභෝගික මූල්‍ය ප්‍රධානී රියාස් නූර්, හවුල්කාරීත්ව සම්බන්ධතා සහකාර නිලධාරිනී හර්ෂිනී මෝහන් සහ Mireka Homes (පුද්.) සමාගමේ සාමාන්‍යාධිකාරී (විකුණුම්) නිරූපා පීරිස් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛව දෙපාර්ශ්වය නියෝජනය කළ තවත් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. වැඩසටහනට සහභාගී වූවන්ට අමානා බැංකුවේ මූල්‍ය පහසුකම් පිළිබඳව පූර්ණ මගපෙන්වීමක් ලබාදෙන ලද අතර, එහිදී දින 3 ක් ඇතුළත අනුමැතිය හිමි වන කඩිනම් ක්‍රමවේදය මෙන්ම තම ආදායම් මට්ටම් අනුව සැලසුම් කරගත හැකි නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රමවේදයන් ආදිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය.

“Havelock City සමග අප ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, උසස් තත්වයේ නිවාස සඳහා ශ්‍රී ලාංකිකයන් අතර ක්‍රමයෙන් ඉහළ යමින් පවතින ඉල්ලුම සපුරාලීමට දායක වීම සඳහා අප දක්වන උනන්දුව මැනැවින් සංකේතවත් කරනවා. මෙම වැඩසටහන, අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට අනුව සැලසුම් කළ කාර්යක්ෂම මූල්‍ය විසඳුම් පිරිනමමින්, ඔවුන්ට සුරක්ෂිත ලෙස දේපළවල ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දීම සඳහා අප දරන උත්සාහයේ එක් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූප :අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා ප්‍රමුඛව එම බැංකුවේ නිලධාරීන් සහ Mireka Homes (පුද්.) සමාගමේ සාමාන්‍යාධිකාරී (විකුණුම්) නිරූපා පීරිස් මහත්මිය ප්‍රමුඛව එම සමාගමේ නියෝජිතයන් මහනුවරදී පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ වැඩසටහන අතරතුර

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo