A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව රියාද් නුවර පැවති IsDB වාර්ෂික සමුළුවට සහභාගී වෙයි

අමානා බැංකුව July 29, 2024

අමානා බැංකුව පසුගියදා සෞදි අරාබියේ රියාද් නුවර King Faisal Conference Centre පරිශ්‍රයේ පැවති ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ (IsDB) වාර්ෂික සමුළුවට සහභාගී විය. IsDB හි 50 වන සංවත්සරයට සමගාමීව මෙය පැවැත්වුණු අතර, දශක 5 ක කාලයක් පුරා සිය සාමාජික රටවල සහ ඉන් පරිබාහිරව සමාජ-ආර්ථික සංවර්ධනය වෙනුවෙන් IsDB ඉටුකළ මෙහෙවර මෙහිදී සමරන ලදි. අමානා බැංකුව වෙනුවෙන් එහි කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී එම්. එම්. එස්. කුවයිලිද් සහ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් යන මහත්වරු මෙම සමුළුවට සහභාගී වූහ.

මෙවර IsDB වාර්ෂික සමුළුවේ තේමාව වූයේ “Cherishing Our Past, Charting Our Future: Originality, Solidarity, and Prosperity” යන්නයි. දින 4 ක් පුරා සැසි 30 ක් වශයෙන් පැවති මෙම සමුළුවට 4,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර, 100 කට අධික දේශකයන් පිරිසක් එහිදී අදහස් දැක්වූහ. තිරසාර හා ශක්තිමත් ලෙස යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉස්ලාමීය මූල්‍ය සේවාවන් භාවිතා කිරීම සහ බහුවිධ දරිද්‍රතාවන් පිටුදැකීම සඳහා ක්‍රමවේද සෙවීම ඇතුළු මාතෘකා රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්විය. එමෙන්ම පාරිසරික අභියෝග ජයගැනීම සහ ජාතික සංවර්ධන න්‍යායපත්‍රයන් තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉටුකරන භූමිකාව යනාදී මාතෘකා මූලික කරගත් සංවාදමය වැඩසටහන් පෙළක්ද මෙහිදී පැවැත්විණි.

IsDB සමුළුවට සමගාමීව පැවැත්වුණු ‘IsDP Private Sector Forum’ වැඩසටහනටද අමානා බැංකුව සහභාගී වූහ. මෙය පෞද්ගලික අංශයේ අත්දැකීම්, සාර්ථකත්වයන් සහ විශිෂ්ටතම ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම අරමුණු කරගත් සුවිශේෂී වැඩසටහනක් විය. මෙහිදී පැවති සාකච්ඡා හා සංවාදවලට එක්වෙමින් අමානා බැංකුවේ නියෝජිතයන් තමන් තිරසාරත්වය උදෙසා ලබාදෙන දායකත්වය විස්තර කළහ. අමානා බැංකුව ක්‍රියාවට නංවා ඇති තිරසාර මූල්‍ය ව්‍යාපෘති, මූල්‍ය අන්තර්කරණ ක්‍රියාකාරකම්, මූල්‍ය සාක්ෂරතාව නැංවීමේ වැඩසටහන්, කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් සහ ප්‍රජා සත්කාර වැඩසටහන් පිළිබඳව මෙහිදී තොරතුරු ඉදිරිපත් කරන ලද අතර, අමානා බැංකුව ආරම්භක-අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන OrphanCare වැඩසටහන සමබන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමුකෙරිණි

මෙම සමුළුව සහ Private Sector Forum වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “ගෝලීය අභියෝග ජයගැනීම සඳහා සමාජ සංවර්ධනය පදනම් කරගත් සංවාද, හවුල්කාරීත්වයන් සහ නවෝත්පාදන විසඳුම් දිරිගන්වන IsDB වාර්ෂික සමුළුවට සහ Private Sector Forum වැඩසටහනට සහභාගී වීමට ලැබීම අප ලැබූ ගෞරවයක්. ශ්‍රී ලංකාව IsDB සාමාජික රටක් නොවූවත්, IsDB සමූහය අමානා බැංකුවේ ආයෝජනය කර ප්‍රධාන කොටස් හිමිකරු බවට පත් වී සිටිනවා. මෙම වැඩසටහන්වලට සහභාගී වී, අපගේ සාර්ථකත්වය පිළිබඳ පුවත ලොවට පැවසීමට අපට හැකි වී තිබෙන්නේ ඒ නිසයි. මෙම සම්මන්ත්‍රණයේ තේමාවට සමගාමීව තිරසාර සංවර්ධනයට උරදෙමින්, දිගින් දිගටම සමාජයේ යහපත වෙනුවෙන් කැපවීමට අප බලාපොරොත්තු වනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp