A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන ජාලය තවදුරටත් පුළුල් කෙරේ

අමානා බැංකුව September 9, 2024

අමානා බැංකුව සිය නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කාත්තන්කුඩි ප්‍රදේශයේ විවෘත කරන ලදි. මෙමගින් එම ප්‍රදේශයේ ජනතාවට පැය විසි හතර පුරා සිය දෛනික මුදල් තැන්පත් කිරීම්, මුදල් ආපසු ලබාගැනීම් සහ චෙක්පත් තැන්පත් කිරීමේ සේවාවන් ලබාගත හැකි වේ.

මෙම නව ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග පූර්ණ පහසුකම් සහිත බැංකු ශාඛා 33 ක් සහ ස්වයංක්‍රීය ස්වයං බැංකුකරණ සේවා මධ්‍යස්ථාන 31 කින් සමන්විත අමානා බැංකුවේ දීපව්‍යාප්ත සේවා මධ්‍යස්ථාන සංඛ්‍යාව 64 ක් දක්වා වර්ධනය වී ඇත.

විවෘත කෙරන ලද නව කාත්තන්කුඩි ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය අල්-අක්සා දේවස්ථාන සංකීර්ණය, වෙරළ පාර, නව කාත්තන්කුඩි 03 යන ස්ථානයේ පිහිටා ඇත. අවම බැංකු සේවාවන් සහිත ප්‍රදේශවල ජනතාවට වඩාත් පහසුවෙන් එම සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමණින් අමානා බැංකුව මේ ආකාරයට තම ස්වයං බැංකුකරණ සේවා මධ්‍යස්ථාන ජාලය පුළුල් කිරීම සිදුකරයි.

අමානා බැංකුවේ ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී එම්. එම්. එස්. කුවයිලිද් මහතා විසින් මෙම නව ස්වයං බැංකුකරණ සේවා මධ්‍යස්ථානය විවෘත කළ අතර ඒ සඳහා අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව, ප්‍රාදේශීය බලධාරීන් සහ තවත් විශේෂ ආරාධිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

“කාත්තන්කුඩි ප්‍රදේශයේ ජනතාවගේ පහසුව වෙනුවෙන් මේ ආකාරයට තවත් ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. වසර ගණනාවක සිට අප මේ ප්‍රදේශයට අපගේ බැංකුකරණ සේවාවන් ලබාදෙමින් සිටිනවා. අප කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය වෙනුවෙන් කාත්තන්කුඩි ප්‍රදේශයේ ජනතාවට අපගේ ස්තූතිය හිමි විය යුතුයි. ඔවුන්ට පෙරටත් වඩා වැඩි පහසුවක් ලබාදීමේ අරමුණින් මෙම නව මධ්‍යස්ථානය විවෘත කිරීමට අප පියවර ගත්තා.” අමානා බැංකුවේ ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී එම්. එම්. එස්. කුවයිලිද් මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූපය: එම්. එම්. එස්. කුවයිලිද් ජ්‍යෙෂ්ඨ උප සභාපති - අමානා බැංකුවේ ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී

Featured

Open Online Account
My Hajj
2026
අයදුම් කරන්න
Chat on WhatsApp