A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ 60 වැනි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අටුලුගමදී විවෘත කෙරේ

අමානා බැංකුව March 25, 2024

අමානා බැංකුවේ 60 වැනි පාරිභෝගික සේවා ස්ථානය වශයෙන් අටුලුගම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. අමානා බැංකුවේ මානුෂ හිතවාදී සංවර්ධන බැංකුකරණ ආකෘතිය වැඩි පිරිසක් වෙත සමීප කරවීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. නව ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අංක 14, සමීස් මහල්, බෝගහවත්ත, අටලුගම, බණ්ඩාරගම යන ස්ථානයේ පිහිටා තිබේ. මෙය මීට පෙර බැංකු සේවාවන් ලබාගැනීම දුෂ්කර වූ බොහෝ පිරිසක් වෙත එම සේවාවන් සමීප කරවන පියවරක් වනු නිසැක ය.

අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා විසින් අටුලුගම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කරන ලදි. එම බැංකුවේ සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් නවෝත්පාදන) අර්ෂාඩ් ජමාල්දීන් සහ පානදුර ශාඛාවේ කළමනාකරු ඩිශාන් සුබුහාන් යන මහත්වරුන් මෙන්ම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ. මෙම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය මගින් ප්‍රදේශවාසීන්ට මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම සහ චෙක්පත් තැන්පත් කිරීම යන සේවාවන් සතියේ සෑම දිනකම පැය 24 පුරා ලබාගත හැකි වේ.

“මූල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කරමින් අපගේ වටිනා ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම දෙනාට පුළුල් පරාසයක පැතිරුණු බැංකු සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙමින් මේ ආකාරයට අටුලුගම ප්‍රදේශයේ අපගේ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්.” අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූප - අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා අටුලුගම ප්‍රදේශයේ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාව.
ගනුදෙනුකරුවන් අමානා බැංකුවේ අටුලුගම නව ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය භාවිතා කළ අයුරු

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp