• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව තම CDM යන්ත්‍ර ජාලය තවදුරටත් පුළුල් කරයි

අමානා බැංකුව December 18, 2023

අමානා බැංකුව තම CDM යන්ත්‍ර ජාලය තවදුරටත් පුළුල් කරමින් රට පුරා විසිරී ඇති තම ශාඛාවන්හි නව CDM යන්ත්‍ර 8 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අක්කරෙයිපත්තු (අංක 102, ප්‍රධාන වීදිය, අක්කරෙයිපත්තු), බදුල්ල (අංක 18/1, පහළ රජ වීදිය, බදුල්ල), දෙමටගොඩ (අංක 7, කෙන්ට් පාර, දෙමටගොඩ, කොළඹ 9), සමන්තුරේ (හාජියාර් පෙදෙස, හිජ්රා මංසන්ධිය, අම්පාර, සමන්තුරේ), නින්දවුර් (අංක 40/5, ප්‍රධාන වීදිය, නින්දවුර්), එරාවුර් (අංක 108/5, පුන්නකුඩා මාවත, එරාවුර්), කින්නියා (අංක 264, ප්‍රධාන වීදිය, කින්නියා) සහ කදුරුවෙල (අංක 379, ප්‍රධාන වීදිය, කදුරුවෙල) යන ශාඛාවල මෙම නව CDM යන්ත්‍ර ස්ථාපිත කර ඇත.

මේ හේතුවෙන් දැන් තම ශාඛාවන් සහ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන ඇතුළු සේවා ස්ථාන 55 ම ඔස්සේ පැය 24 පුරා මුදල් තැන්පත් කිරීමේ පහසුකම් සැලසීමට අමානා බැංකුවට හැකියාව ලැබී තිබේ.

මෙම නව පියවර සම්බන්ධයෙන් අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා මෙසේ අදහස් දැක්වී ය. “අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස අපගේ සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මේ ආකාරයට අපගේ CDM යන්ත්‍ර ජාලය තවදුරටත් පුළුල් කිරීමට අප පියවර ගත්තා. මේ ඔස්සේ අපගේ සේවාවන් භාවිතා කරන ජනතාවට සහ ව්‍යාපාරවලට පැය 24 පුරාම මුදල් තැන්පත් කිරීමේ පහසුකම සලසා දීමට හැකි වීම අපට විශාල සතුටක්.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූපය - නින්දවුර් ශාඛාවේ ගනුදෙනුකරුවෙකු CDM යන්ත්‍රය භාවිතා කරමින්

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo