අමානා බැංකුව පසුගියදා පැවති 2024 ශ්‍රී ලංකා ඉස්ලාමීය බැංකුකරණ සහ මූල්‍ය සම්මාන උළෙලේදී (SLIBFI Awards 2024) ‘විශිෂ්ටතම ආයතනය’ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. UTO EduConsult මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්වුණු අතර, එහි විනිශ්චය කටයුතු සිදුකරන ලද්දේ KPMG මගිනි.
‘වසරේ විශිෂ්ටතම ආයතනය’ කාණ්ඩයේ රන් සම්මානයට අමතරව ‘වසරේ විශිෂ්ටතම ගනුදෙනුව’ කාණ්ඩයේ රන් සහ රිදී සම්මාන දිනාගැනීමටද අමානා බැංකුව සමත් විය. ඒ විදුල්ලංකා සමාගම ක්‍රියාවට නැංවූ, හොරණ ප්‍රදේශයේ සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ සහල් මෝලකට සූර්ය බලශක්ති ජනන පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතිය වෙනුවෙනි. මීට අමතරව ඉස්ලාමීය මූල්‍ය ආයතන වෙනුවෙන් අලුතින් හඳුන්වා දුන් පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (ESG) මූලධර්ම කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමටද අමානා බැංකුවට හැකියාව ලැබිණි.
අමානා බැංකුවට මෙලෙස SLIBFI සම්මාන හිමි වීම මගින් පෙනී යන්නේ, මූල්‍ය අන්තර්කරණය සහ තිරසාරත්වය ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ පොලිය පදනම් කර නොගත් මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ පෙරමුණ ගැනීම සඳහා අමානා බැංකුව දරන උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බවයි.
“මෙම සම්මාන අප වෙත හිමි වීම, ආර්ථික වර්ධනයට සහ තිරසාරත්වයට හිතකර වන සංවර්ධනය මූලික කරගත් මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියක් වෙනුවෙන් අප දක්වන කැපවීමට මනා සාක්ෂියක්. අප සෑම විටම උත්සාහ කරන්නේ අපගේ ප්‍රජාවන්ට යහපතක් සිදුවන ආකාරයේ බලපෑමක් ඇතිකිරීමටයි. මේ උත්සාහය තුළ අප වෙත ලබාදෙන නොසැලෙන සහයෝගය වෙනුවෙන් මා අපගේ ගනුදෙනුකරුවන්, සේවක සේවිකාවන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු සියලුම දෙනාට ස්තූතිවන්ත වනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වන මූල්‍යමය මූලධර්ම ආරක්ෂා කරගැනීමට අපට හැකි වී තිබෙන්නේ ඔවුන් ලබාදෙන මෙම සහයෝගය නිසයි.” අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
ඡායාරූප - වමේ සිට:
අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා, BPC හි අධ්‍යක්ෂ, ඉම්රාන් විල්කාසිම් මහතා අතින් සම්මානය ලබාගත් අවස්ථාව
අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා, BPC හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය අධ්‍යක්ෂ සුභාෂ් චන්ද්‍ර බෝස් මහතා අතින් සම්මානය පිළිගනිමින්
අමානා බැංකුවේ උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ශාඩ් ඉක්බාල් මහතා BPC හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය අධ්‍යක්ෂ සුභාෂ් චන්ද්‍ර බෝස් මහතා අතින් සම්මානය ලබාගත් අයුරු