අලි අස්ගර් අස්ගි අක්බර් අලි මහතා අමානා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබේ. මෙම පත්වීම සිදුකර ඇත්තේ එම බැංකුවේ නිර්මාතෘ සහ හිටපු සභාපති ඔස්මාන් කාසිම් මහතා විශ‍්‍රාම ගැනීමත් සමගිනි. ශ‍්‍රී ලංකාව ඉස්ලාමිය බැංකුකරණ ක්ෂේත‍්‍රයේ පුරෝගාමියෙකු වූ කාසිම් මහතා, ශ‍්‍රී ලංකා මහා බැංකුවේ නිර්දේශ අනුව මෙරට බලපත‍්‍රලාභී වාණිජ බැංකුවක අධ්‍යක්ෂ ධූරයක් දැරිය හැකි උපරිම කාලසීමාව වන වසර 9 ක කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විශ‍්‍රාම ගත්තේ ය. මෙලෙස විශ‍්‍රාම ගත්තද ඒ මහතා අමානා බැංකුවේ ප‍්‍රමුඛතම කොටස් හිමිකරුවන් 10 දෙනාගෙන් එක් අයෙකු ලෙස දිගටම කටයුතු කරනු ඇත.
අස්ගි අක්බර්(අලි මහතා 2020 ජූලි මාසයේදී අක්බාර් බ‍්‍රදර්ස් සමාගම නියෝජනය කරමින් නම්කරන ලද අධ්‍යක්ෂවරයෙකු ලෙස අමානා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්විය. ඒ මහතා එලෙස පත්වූයේ, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ අනුව අදාළ වසර 9 ක කාලසීමාව සම්පූර්ණ කළ තයීබ් අක්බර්(අ*ලි මහතා තමන් දැරූ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් වීමත් සමගිනි.
අස්ගි අක්බර්(අ*ලි මහතා ශ‍්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් අතරින් එකක් වන, තේ අපනයනය සම්බන්ධයෙන් ලෝ ප‍්‍රකට අක්බාර් බ‍්‍රදර්ස් (පුද්.* සමාගමේ විධායක අධ්‍යක්ෂ වරයෙකි. ඒ මහතා එම සමූහ ව්‍යාපාරයට අනුබද්ධ නිෂ්පාදන, දේපළ සංවර්ධන, හෝටල් හා සංචාරක සේවා, සෞඛ්‍ය සේවා, බලශක්ති, ඇසුරුම් හා මුද්‍රණ, කාර්ය සම්පාදන සහ පාරිසරික සේවා යනාදී ක්ෂේත‍්‍ර ආවරණය කරන උප සමාගම් හා අනුබද්ධ සමාගම් රැුසක අධ්‍යක්ෂ ධූර දරයි. රිනිව්ජෙන් (පුද්.* සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඒ මහතා වින්ඞ්ෆෝර්ස් (පුද්.* සමාගම, හර්මිටෙජ් රිසොර්ට්ස් (පුද්.* සමාගම, මාලදිවයිනේ උතුරුමාෆරු හෝල්ඩිං (පුද්.* සමාගම, මාලදිවයිනේ ලාවියන් හෝල්ඩිංස් (පුද්.* සමාගම සහ කොකූන් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්.* සමාගම යන සමාගම් වල සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, ඇලූමෙක්ස් පී.එල්.සී. හි අධ්‍යක්ෂවරයෙකුද වේ.
එමෙන්ම අස්ගි අක්බර්(අ*ලි මහතා දැනට ජෝර්දාන් හෂීමයිටි රාජධානියේ ගරු කොන්සල් ධූරයද දරයි. කැලිෆෝනියා ස්ටේට් විශ්ව විද්‍යාලයෙන් කාර්මික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් හිමිකරගත් ඒ මහතා සහතිකලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ :ක්‍ඡුඵ* ගරු සාමාජිකයෙකි. පැරණි මෝටර් රථ ලෝලියෙකු වන ඒ මහතාික්ලැසික් කාර් ක්ලබ් ඕෆ් සිලෝන්ී සංගමයේ මුල් පෙළේ සාමජිකයෙකු වන අතරිශ‍්‍රී ලංකාවේ පැරණි හා ඉපැරණි මෝටර් රථ’:ක්‍ක්ිිසජ ්බා ඪසබඒටැ ්මඑදපදඉසකැි දෙ ක්‍ැහකදබ* නමින් ග‍්‍රන්ථයක්ද රචනා කර තිබේ.
තමන් විශ‍්‍රාම යාම හා නව සභාපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු සභාපති ඔස්මාන් කාසිම් මහතා මෙසේ පැවසී ය. ”ආරම්භයේ සිටම අමානා බැංකුවේ සභාපති ලෙස කටයුතු කිරීමට හැකිවීමත්, විශේෂයෙන්ම විවිධ බාධක ජයගනිමින් බැංකුව අද තිබෙන තත්ත්වය දක්වා වර්ධනය වූ ආකාරය සියැසින් දැකගැනීමට හැකිවීමත් මා ලද සුවිශාල ගෞරවයක්. 2020 වසරේදී සිය වසර 9 ක ධූර කාලය සම්පූර්ණ කරමින් මාත් සමගම විශ‍්‍රාම ගන්නා අනෙකුත් අධ්‍යක්ෂවරුන් වන තයීබ් අක්බර්(අ*ලි , හර්ෂ අමරසේකර සහ ජස්රි මැග්ඩන් ඉස්මයීල් යන මහත්වරුන්ට මගේ කෘතඥතාව හිමිවිය යුතුයි. බැංකුවේ ආරම්භයේ සිටම ඔවුන් එහි ගමනට නොමඳ ශක්තියක් ලබාදුන්නා. එමෙන්ම බැංකුවේ නව සභාපති ධූරයට අස්ගි අක්බර්(අ*ලි මහතා සාදරයෙන් පිළිගැනීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. දේශීය සමාගමක් ජාත්‍යන්තරය ජයගත් තේ සන්නාමයක් බවට පත්කිරීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ අතිදක්ෂ හා අත්දැකීම් බහුල ප‍්‍රවීණයෙකු අමානා බැංකුව අනාගත දියුණුව වෙත රැුගෙන යාමේ මෙහෙවර සඳහා උරදීමට සූදානමින් සිටීම මට ඉමහත් සතුටක්. ඒ වගේම මේ අවස්ථාවේදී අපගේ අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ප‍්‍රධාන විධායක නිලධාරී මොහොමඞ් අස්මීර් මහතා, කළමනාකරණ කමිටුව සහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ සියලූම දෙනා වෙත මගේ ස්තූතිය පළකිරීමට මා කැමතියි. බැංකුවේ දියුණුවට ඔවුන් ලබාදුන් දායකත්වය හා කැපවීම අතිවිශිෂ්ටයි. අමානා බැංකුව දියුණුවෙන් දියුණුව කරා රැුගෙන යාමේ මෙහෙවරේදී මා ඔවුන්ට හදවතින්ම සුභ ප‍්‍රාර්ථනා කරනවා.”
නව සභාපති අස්ගි අක්බර්(අ*ලි මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. ”අමානා බැංකුවේ නිර්මාතෘ-සභාපති ඔස්මාන් කාසිම් මහතාගේ ¥රදර්ශී චින්තනයට සහ මගපෙන්වීමට බැංකුව සැබැවින්ම ණයගැතියි. එතුමාගේ ඉවත්වීමෙන් ඇතිවන අඩුව පිරවීම පහසු වන්නේ නැහැ. එහෙත් එතුමා අප වෙනුවෙන් දැමූ අඩිතාලමට මා ස්තූතිවන්ත වනවා. මෙතැන් සිට ඉදිරියට යමින්, බැංකුවේ ක‍්‍රමෝපායික ඉලක්ක ළඟා කරගනිමින්, අපගේ මානුෂ හිතවාදී බැංකුකරණ සම්ප‍්‍රදාය සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් අත්විඳීමට අවස්ථාව සලසා දීම අපගේ ඉලක්කයයි.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප‍්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් ෂිෘඊ සමූහය එහි කොටස් වලින් 29.97% ක ප‍්‍රතිශතයකට හිමිකම් කියයි. ෂිෘඊ සමූහය යනුි්්්’ ශේණිය :ී*ඡුල ඵදදාහ’ි * ත්‍සඑජය* හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ජූනි මාසයේදී ත්‍සඑජය ඍ්එසබටි ීරස ඛ්බන් ආයතනය මගින් අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශේණිගත කිරීමිඊඊූ:කන්* අසඑය ් ීඒඉකැ ධමඑකදදන’ ලෙස ඉහළ නංවන ලදි.
‘ඕෆන්කෙයා’ භාරය (ධරචය්බක්‍්රු ඔරමිඑ* හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත. විශ‍්‍රාම ලත් අධ්‍යක්ෂවරුන් වන ඔස්මාන් කාසිම්, ටයාබ් අක්බරලි, හර්ෂ අමරසේකර සහ ජස්රි මැග්ඩන් යන මහත්වරුන් අමානා බැංකුවේ සුවිශේෂී ප‍්‍රජා සත්කාර වැඩසටහන වන ි ඕෆන්කෙයා’ භාරයේ (ධරචය්බක්‍්රු ඔරමිඑ* භාරකාරවරුන් ලෙස දිගින් දිගටම කටයුතු කිරීමට නියමිත ය.