• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ නවතම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ විවෘත වේ.

Amana Bank February 10, 2026

අමානා බැංකුවේ නවතම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ විවෘත වේ.

අමානා බැංකුවේ 42 වැනි ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා පරගහදෙණිය ප්‍රදේශයේදී විවෘත විය. පරගහදෙණිය යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි, කෘෂිකාර්මික, වෙළඳ සහ නේවාසික ප්‍රජාවන් නිතර පැමිණෙන නගරයකි. මෙම ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක පටන් ප්‍රමාණවත් තරම් බැංකු පහසුකම් නොතිබීමේ ගැටලුවට මුහුණ දීමට සිදු වී තිබිණි. මෙම ගැටලුවට විසඳුමක් වශයෙන් අමානා බැංකුව විවෘත කළ මෙම නව ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය අංක 192, නුවර පාර, පරගහදෙණිය යන ස්ථානයේ පිහිටා තිබේ. මෙමඟින් ගනුදෙනුකරුවන්ට සෑම දිනකම පැය 24 පුරා අත්‍යවශ්‍ය බැංකු සේවා ලබාගත හැකි අතර, එය ප්‍රදේශයේ ජනතාවට මෙන්ම ව්‍යාපාරිකයන්ටද ඉමහත් සහනයක් වනු ඇත. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම සම්බන්ධයෙන් පරගහදෙණිය ජනතාව වෙතින් අමානා බැංකුවට උණුසුම් ප්‍රතිචාර හිමි වූ අතර, එය අමානා බැංකුව දැනටමත් පරගහදෙණිය ප්‍රදේශයේ ජනතාව සහ ව්‍යාපාර සමඟ සමීප සම්බන්ධතා ගොඩනංවාගෙන ඇති බවට මනා සාක්ෂියකි.

මෙම නව ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය මඟින් ගනුදෙනුකරුවන්ට පැය 24 පුරා ස්වයංක්‍රීය බැංකු සේවා යන්ත්‍ර භාවිතා කරමින් මුදල් ආපසු ගැනීම, මුදල් තැන්පත් කිරීම, චෙක්පත් තැන්පත් කිරීම සහ ගිණුම්වල ශේෂය පරීක්ෂා කිරීම ඇතුළු ප්‍රධාන බැංකු සේවාවන් රැසක් ලබාගත හැක. මේ නිසා බැංකු විවෘතව පවතින වේලාවන්ට සීමා නොවී තමන්ට පහසු ඕනෑම වෙලාවක තම බැංකු සේවා අවශ්‍යතා පහසුවෙන් සහ සුරක්ෂිත ලෙස ඉටු කර ගැනීමට පරගහදෙණිය ප්‍රදේශයේ ජනතාවට දැන් හැකියාව ලැබී තිබේ.

මෙම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයට අමානා බැංකුව නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති (ව්‍යාපාර බැංකුකරණ) ඉර්ෂාඩ් ඉක්බාල්, සහකාර උප සභාපති (මධ්‍යම කලාප සහ ව්‍යාපාර ප්‍රස්තුත) අසාම් අමීර්, පාරිභෝගික විකුණුම් සහ Acquisition Channels ප්‍රධානී මොහොමඩ් අස්මිල් සහ කුරුණෑගල ශාඛා කළමනාකරු රිනෝස් කලාම් යන මහත්වරු සහභාගී වූහ. එමෙන්ම මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. තුෂාර විජේසේකර, මාවතගම ප්‍රාදේශීය ලේකම් ඩී. පී. එස්. කුමාර, මාවතගම පොලිස් ස්ථානාධිපතිතුමන් සහ ප්‍රදේශයේ ව්‍යාපාර නියෝජිතයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමානා බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඉර්ෂාඩ් ඉක්බාල් මහතා මෙසේ පැවසීය: “පරගහදෙණිය ප්‍රදේශයේ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානයක් විවෘත කිරීම යනු රටේ විවිධ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව උදාකර දීම සඳහා අමානා බැංකුව දරන උත්සාහයේ තවත් එක් පියවරක්. මෙය මෙම ප්‍රදේශයේ ගොවි මහතුන්, වෙළඳ මහතුන්, ව්‍යවසායකයින් සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන් ඇතුළු බොහෝ දෙනෙකුට සුවිශාල පහසුවක් වේවි. එමෙන්ම එය සමස්තයක් ලෙස මෙම ප්‍රදේශයේ ආර්ථික ක්‍රියාකාරකම් දිරිගැන්වීමටද දායක වනු ඇතැයි කියා අප සිතනවා. මෙවැනි පියවර ඔස්සේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අමානා බැංකුව සෑම විටම සූදානම්.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

Image 1, Caption:අමානා බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඉර්ෂාඩ් ඉක්බාල් මහතා සහ සහකාර උප සභාපති අසාම් අමීර් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පරගහදෙණිය ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කරමින්.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo