A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ස් සමාගම කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා මූල්‍ය පහසුකම් පිරිනමයි

අමානා බැංකුව July 18, 2023

අමානා බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ස් සමාගම එක්ව මෙරට ගොවීන් ඇතුළු සහල් මෝල් හිමියන් වෙනුවෙන් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා මූල්‍ය පහසුකම් රැසක් හඳුන්වා දී තිබේ. හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ස් යනු මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ නවෝත්පාදන හා තිරසාරත්වය වෙනුවෙන් කැප වී සිටින පුරෝගාමී සමාගමකි. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සවිබල ගැන්වීමත් සමගම, රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා අමානා බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් එක් පියවරක් වශයෙන් මෙම මූල්‍ය පහසුකම් මාලාව හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පිළිබඳව පුළුල් දැනුමක් හා අවබෝධයක් ඇති අමානා බැංකුව මෙරට කෘෂිකර්මාන්තයට වඩාත් හොඳින් ගැළපෙන පරිදි මෙම මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට කටයුතු කර ඇත. කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී ගොවීන් මුහුණ දෙන දුෂ්කරතාවන් මගහරවමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් සහ ආර්ථික හැකියාවන්ට ගැළපෙන පරිදී ඔවුන් වෙත මූල්‍යමය විසඳුම් පිරිනැමීම අමානා බැංකුවේ අරමුණයි.

මෙම හවුල්කාරීත්වය තුළින් ගොවීන් සඳහා හේලීස් ඇග්‍රිකල්චර් සමාගම විසින් මෙරටට හඳුන්වා දී ඇති, Kubota, Agrotech, Shizuoka සහ Kawashima වැනි ලොව පිළිගත් සන්නාමවලින් පැමිණෙන උසස්ම තත්ත්වයේ Combine Harvesters, ට්‍රැක්ටර්, වියළන යන්ත්‍ර, ඇඹරුම් යන්ත්‍ර සහ Colour Sorters යන්ත්‍ර ඇතුළු යන්ත්‍රෝපකරණ වර්ග රාශියක් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව හිමි වී ඇත. මෙම යන්ත්‍රෝපකරණ සඳහා ඔවුන්ට හේලීස් ඇග්‍රිකල්චර් සමාගම පිරිනමන අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවද හිමි වීම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා මෙසේ තම අදහස් දැක්වීය . “හේලීස් ඇග්‍රිකල්චර් සමාගම සමග එක් වී කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂී මූල්‍ය පහසුකම් පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ මානව හිතවාදී බැංකුකරණ ආකෘතිය ඔස්සේ මෙවැනි නම්‍යශීලී මූල්‍ය විසඳුම් පිරිනැමීම තුළින් අප උත්සාහ කරන්නේ, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගන්වමින් ඔවුන්ට නවීන පන්නයේ යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණයන් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීමයි. එමගින් ඔවුන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගනිමින් තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීමට හැකියාව ලැබෙනවා.”

හේලීස් ඇග්‍රිකල්චර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන මහත්මිය මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් මෙසේ තම අදහස් පළකළා ය. “කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අප සතු විශේෂඥ දැනුම සහ අමානා බැංකුවේ මානව හිතවාදී බැංකුකරණ ආකෘතිය එකිනෙක සම්බන්ධ කිරීම මගින් අප මේ උත්සාහ කරන්නේ, මෙරට ගොවීන්ගේ ඵලදායීතාව සහ නවෝත්පාදනය ඉහළ නංවාලීමට අවශ්‍ය සම්පත් ඔවුන් වෙත ලබාදීමටයි. ඒ ඔස්සේ තිරසාර කෘෂිකාර්මික ක්‍රමවේද භාවිතය සහ ආර්ථික වර්ධනය එකිනෙකට සමපාතව සිදුවන අනාගතයක් නිර්මාණය කිරීම අපගේ ඉලක්කය වී තිබෙනවා.”

අමානා බැංකුව මගින් මෙම කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා පිරිනමනු ලබන මූල්‍ය පහසුකම් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් හඳුන්වා දී ඇති විශේෂ මූල්‍ය පහසුකම් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා www.amanabank.lk වෙත පිවිසීම හෝ 0774315900 හෝ 0752233844 යන දුරකථන අංක ඔස්සේ අමානා බැංකුවේ ලීසිං සේවා අංශය ඇමතීම මගින් ලබා ගත හැක.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය, එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

Featured

Open Online Account
My Hajj
2026
අයදුම් කරන්න
Chat on WhatsApp