• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව කොටස් ලාභාංශ ගෙවන දිනයන් ප්‍රකාශයට පත්කරයි

අමානා බැංකුව October 1, 2021

අමානා බැංකුව රු. මිලියන 260 ක් වටිනා අන්තර්වාර කොටස් ලාභාංශ ගෙවීමක් සිදුකිරීමට තීරණය කර ඇති බව පසුගිය සතියේ නිවේදනය කළේ ය. මෙහි ලාභාංශ නොගෙවන දිනය (XD Date) සහ වාර්තා දිනය (Record date) ලෙස පිළිවෙළින් 2021 ඔක්තෝබර් 04 සහ 2021 ඔක්තෝබර් 06 දිනයන් යොදා ඇති බව, එම බැංකුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වේ. 

මුදල් වලින් ලාභාංශ ගෙවීමෙන් වළකින ලෙස දන්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු වෙත නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුකූලව අමානා බැංකුව විසින් 2021 කොටස් ලාභාංශ ගෙවීම ප්‍රකාශයට පත්කරන ලදි. සෑම සාමාන්‍ය කොටස් 29.0000002675 කටම එක් සාමාන්‍ය කොටසක් ලෙස නිකුත් කෙරෙන මෙම කොටස් ලාභාංශ ගෙවීමේ එක් කොටසක මිල රු. 2.90 ක් ලෙස නියම කර ඇත. මෙම කොටස් ලාභාංශ ගෙවීම අවසන් වූ පසුව, බැංකුව මෙතෙක් නිකුත් කළ කොටස් ප්‍රමාණය 89,705,039 කින් වැඩිවී, කොටස් 2,691,151,194 ක් බවට පත්වනු ඇත. අමානා බැංකුව මෙවර සිදුකරන ලාභාංශ ගෙවීම, 2020 වසරේ සිදුකළ කොටස් ලාභාංශ ගෙවීමේ වටිනාකමට වඩා රු. මිලියන 200 ක් වැඩි අගයක් ගනී. මීට පෙර 2018, 2019 සහ 2020 වසර වලදීද අමානා බැංකුව ලාභාංශ ගෙවා ඇති අතර, ඒ අනුව එම බැංකුව අඛණ්ඩව ලාභාංශ ගෙවන 4 වැනි වසර මෙය වේ. 

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo