• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව නව ATM යන්ත්‍ර 5 ක් විවෘත කරයි

අමානා බැංකුව June 10, 2022

අමානා බැංකුවේ නව ATM යන්ත්‍ර 5 ක් පසුගියදා විවෘත කරන ලදි. රාජගිරිය, වත්තල, කළුතර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වල පිහිටි අමානා බැංකුවේ ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථාන තුළ මෙම ATM යන්ත්‍ර ස්ථාපිත කර ඇති අතර, මෙම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන වලදී ගනුදෙනුකරුවන්ට මුදල් ආපසු ගැනීමට අමතරව මුදල් තැන්පත් කිරීමටත්, චෙක්පත් තැන්පත් කිරීමටත් අවස්ථාව ලැබේ.

මේ වනවිට දිවයින පුරා අමානා බැංකුවේ ශාඛා 33 ක් සහ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන 20 ක් පිහිටුවා ඇත. කොම්පඤ්ඤවීදිය, මාලිගාවත්ත, මට්ටක්කුලිය, කළුබෝවිල, දෙහිවල, රාජගිරිය, කොලොන්නාව, රත්මලාන, වත්තල, කළුතර, දර්ගා නගරය, මල්වාන, තිහාරිය, පුලිච්චකුලම්, සියඹලාගස්කොටුව, හෙම්මාතගම, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුතූර් සහ තෝප්පූර් යනාදී ප්‍රදේශ වල මෙම මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. මීට අමතරව LankaPay ජාලයට සම්බන්ධ ATM යන්ත්‍ර 5400 කට වැඩි සංඛ්‍යාවක් භාවිතා කිරීමටද අමානා බැංකුවේ ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමි වී ඇත.

“මීට පෙර මෙම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන වලදී සිදුකළ හැකි වූයේ මුදල් තැන්පත් කිරීම පමණයි. එහෙත් කාලයත් සමග මෙම ප්‍රදේශ වල අපගේ ජනතා හිතවාදී බැංකුකරණ ආකෘතිය බෙහෙවින් ජනප්‍රිය වෙමින් තිබෙන බව අපට පෙනී ගියා. නව ATM යන්ත්‍ර ස්ථාපිත කරමින් එම ප්‍රදේශ වල වෙසෙන අපගේ ගනුදෙනුකරුවන්ට මුදල් ආපසු ගැනීමේ පහසුකම්ද සලසා දීමට අප කටයුතු කළේ ඒ නිසයි.” අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo