ශ්‍රී ලංකාව තුළ පොලී රහිත බැංකුකරණ මූලධර්ම යටතේ ක්‍රියාත්මක වන එකම බලපත්‍රලාභී වාණිජ බැංකුව වන අමානා බැංකුව, සිය මානුෂ හිතවාදී බැංකුකරණයේ දස වසක් සම්පූර්ණ කිරීමට පසුගියදා සමත් විය.
2011 වසරේ අගෝස්තු 01 දින ආරම්භ වූ අමානා බැංකුව, එහි ගනුදෙනුකරුවන්ගේ නොමඳ සහයෝගය හා විශ්වාසය සමගින්, සුවිශාල ප්‍රගතියක් අත්පත් කරගැනීමට සමත් වී ඇත. අද වනවිට ගනුදෙනුකරුවන් 380,000 කට අධික පිරිසක් බැංකුව සමග එක්වී සිටින අතර, වසර 10 ක් තුළ බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 100 ඉක්මවා තිබේ. මේ වනවිට අමනා බැංකුවේ ශාඛා 32 ක් සහ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන 19 ක් පිහිටුවා ඇති අතර, LankaPay සහ Pay&Go යන සේවාදායකයන් සමග එක්වී ATM යන්ත්‍ර 5,400 කට අධික සංඛ්‍යාවක් සහ මුදල් තැන්පත් කිරීමේ ස්ථාන 850 කට අධික සංඛ්‍යාවක් හරහා ගනුදෙනුකරුවන්ට සේවා සලසනු ලබයි.
දිගින් දිගටම සාර්ථක ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට සමත් වීම නිසා, ඉහළ ලාභදායීත්වයක් සහ ලාභාංශ මට්ටමක් වාර්තා කිරීමට අමානා බැංකුවට හැකි වී තිබේ. මෙම ප්‍රගතිය හේතුවෙන්, ඇමරිකා එක්සත් ජනපදයේ Global Finance සඟරාව මගින් ‘ලොව විශිෂ්ටතම නැගී එන ඉස්ලාමීය බැංකුව’ සම්මානය මෙන්ම, එක්සත් රාජධානියේ Global Banking and Finance සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික බැංකුව’ සම්මානයද අමානා බැංකුව වෙත හිමි විය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය ලෙස සැලකෙන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයට අත්වැලක් වීමට අමානා බැංකුව සෑම විටම කටයුතු කර ඇත. අමානා බැංකුවේ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය, එම ක්ෂේත්‍රයට සේවාවන් සැලසීම සඳහා ක්‍රමෝපායික වශයෙන් ගැළපෙන බැංකු ආකෘතියකි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක(UNSDG) වලට සමගාමී වන පරිදි සිය මූලික ව්‍යාපාර කටයුතු සහ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති පවත්වාගෙන යාමටද අමානා බැංකුව පියවර ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 10 වන ඉලක්කය වන ‘අසමානකම් අවම කිරීම’ යන්නෙන් පන්නරය ලබන අමානා බැංකුවේ ප්‍රමුඛතම ආයතනික සමාජීය වගකීම් වැඩසටහන වන ඕෆන්කෙයාර් (OrphanCare) වැඩසටහන මේ වනවිට දිවයින පුරා ළමා නිවාස 80 කට වැඩි සංඛ්‍යාවක වෙසෙන, දෙමාපිය රැකවරණය අහිමි දරුවන් 3,000 කට අධික පිරිසකට සෙත සලසයි. එය එම දරුවන්ට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසුව මූල්‍ය ස්වාධීනත්වය ළඟා කරගැනීමට මහඟු අත්වැලක් වනු ඇත. එමෙන්ම ඕෆන්කෙයාර් වැඩසටහනට දරුවන් ඇතුළත් කරගැනීමේදී, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ දෙවන වගන්තිය අනුව, ජාතිය, කුලය, හා ආගම ඇතුළුව කිසිදු ආකාරයක භේදයක් සැලකිල්ලට නොගැනේ. සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත ස්වාධීන භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන මෙම වැඩසටහන දැනටමත් අරමුදල් බෙදාහැරීම් වාර 7 ක් සම්පූර්ණ කර ඇති අතර, අවුරුදු 18 ට වැඩි, රැකවරණය අහිමි පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් වෙනත් ගුණාත්මක පියවර රැසක්ද ගෙන තිබේ (www.amanabank.lk/orphan-care).
‘සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක්’යන බැංකුවේ තේමා පාඨයට අනුව යමින් රන් භාණ්ඩ ආරක්ෂණ සහතිකපත් මූල්‍ය පහසුකම’’ ආරම්භ කිරීමට අමානා බැංකුව කටයුතු කළේ ය. එම වැඩසටහන මේ වනවිට 50,000 කට අධික පිරිසකට ජීවිතයේ දුෂ්කර අවස්ථා වලදී සහනය සලසා තිබේ. එමෙන්ම අමානා බැංකුවේ සේවය කරන සාමාජික සාමාජිකාවන් සිය රාජකාරි කටයුතු වලදී පෙන්නුම් කරන උනන්දුව හා කැපවීමට උපහාරයක් ලෙස, ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනය මගින් අමානා බැංකුව ‘ශ්‍රී ලංකාවේ හොඳම සේවායෝජක සන්නාමයක්’ ලෙස නම් කරන ලදි.
මෙම ඓතිහාසික සන්ධිස්ථානය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අමානා බැංකුවේ වත්මන් සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසී ය. “2011 වසරේදී ආරම්භ වූ අමානා බැංකුව මේ වනවිට මෙරට වේගයෙන් වර්ධනය වන බැංකුවක් ලෙස ස්ථාවර ප්‍රගතියක් අත්පත් කරගනිමින්, ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාට විවෘත වූ සේවාවක් සලසමින්, රටේ බැංකු ක්ෂේත්‍රය තුළ පැහැදිලි, යහපත් බලපෑමක් ඇතිකිරීමට සමත් වී තිබෙනවා. මෙම සාර්ථකත්වය අත්පත් කරගැනීමට හැකිවූයේ අප සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම හවුල්කරුවන්ගේ සහයෝගය නිසයි. ඒ වෙනුවෙන් ක්ෂේත්‍රයේ නියාමන ආයතන, ක්‍රමෝපායික කොටස්කරුවන්, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්, ප්‍රධාන විධායක නිලධාරී තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය, කළමනාකරණ කමිටුව මෙන්ම අපගේ වටිනා ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම දෙනා වෙත මගේ කෘතඥතාව පළකිරීමට මා කැමතියි.”
බලපත්‍රලාභී වාණිජ බැංකුවක අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ හැකි උපරිම කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී විශ්‍රාම ගිය, අමානා බැංකුවේ නිර්මාතෘ- හිටපු සභාපති ඔස්මාන් කාසිම් මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “අමානා බැංකුව කවදත් මාගේ සිහිනයක් මෙන්ම මාගේ පරමාර්ථයක්ද වූ අතර, එය සදාකල් මාගේ හදවතෙහි රැඳී පවතීවි. මගේ සතළිස් වසරකට අධික ව්‍යවසායකත්ව ඉතිහාසය තුළ මා හඹා ගිය නොයෙකුත් ඉලක්කයන් අතරින් අමානා බැංකුව වඩාත්ම අභියෝගකාරී ව්‍යාපෘතියක් මෙන්ම මට ඉහලම සතුටක් හා තෘප්තියක් රැගෙන ආ ව්‍යාපෘතියක්ද වූවා. අපගේ මෙහෙවර ප්‍රවර්ධනය කිරීමට දායක වූවන්ටත්, අපගේ දැක්ම කෙරෙහි විශ්වාසය තබමින් ආයෝජනයන් සිදුකළ ක්‍රමෝපායික හවුල්කරුවන්ටත් මගේ ස්තූතිය හිමිවෙනවා. එමෙන්ම අපගේ විශාලම ශක්තිය මෙන්ම අප සෑම විටම දිරිගන්වන්නා වූ අපගේ ගනුදෙනුකරුවන්ට මගේ කෘතඥතාව පිරිනැමිය යුතුයි. විශේෂයෙන්ම මුල් අවධියේදී ඔවුන්ගෙන් ලද සහයෝගය නොතිබුණා නම්, මෙම බැංකුකරණ ආකෘතිය මෙතරම් ජනප්‍රිය නොවීමට ඉඩ තිබුණා.”
අමානා බැංකුවට දස වසරක් සපිරීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “අමානා බැංකුව අති-සාර්ථක දස වසරක් සපුරන මේ මොහොත, අපගේ ගමන් මගේ අනිවාර්ය කොටසක් ලෙසින් අප සමග එක්වී සිටින ගනුදෙනුකරුවන්ට මගේ හදපිරි ස්තූතිය පිරිනැමීම සඳහා අවස්ථාවක් කරගැනීමට මා කැමතියි. ඔවුන් අපගේ ගනුදෙනුකරුවන් පමණක් නොව, අපගේ සුවිශේෂී මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය ජනප්‍රිය කරවීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටුකළ පිරිසක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම IsDB Group, Akbar Brothers සහ Bank Islam Malaysia වැනි ආයෝජකයන් අප කෙරෙහි තැබූ විශ්වාසය නොවන්නට අපට මෙවැනි සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට නොහැකි වීමට ඉඩ තිබුණා. ඒ සහයෝගය වෙනුවෙන් අප ඔවුන්ට සැබැවින්ම ණයගැතියි. එමෙන්ම අප වෙත මෙතෙක් ලබාදුන් වටිනා මගපෙන්වීම් වෙනුවෙන් අපගේ නිර්මාතෘ- හිටපු සභාපති ඔස්මාන් කාසිම් මහතා, නිර්මාතෘ-අධ්‍යක්ෂවරුන්, වර්තමාන සභාපති අස්ගි අක්බරලි මහතා, වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය, සහ ශාරියා අධීක්ෂණ කවුන්සිලය වෙත මාගේ ස්තූතිය හිමි වෙනවා. එපමණක් නොව, අමානා බැංකුවේ සියලුම ජයග්‍රහණ වෙනුවෙන් උරදුන් බැංකුවේ සේවය කරන අපගේ 800 කට අධික සාමාජික සාමාජිකාවන් පිරිසටද මාගේ කෘතඥතාව මෙසේ පළ කර සිටිමි.
අමානා බැංකුවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් අස්මීර් මහතා මෙසේ අදහස් පළකළේ ය. අපගේ ඩිජිටල් සේවාවන් සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ගේ උනන්දුව ඉහළ යාමත් සමඟ, ඔවුන්ට වඩාත් විශිෂ්ට තලයේ අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින්, බැංකුවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීමට අපගේ අවධානය යොමු වී තිබෙනවා. අමානා බැංකුව එහි වර්ධනයේ ඊළඟ අදියර වෙත රැගෙන යන මෙම ඉදිරි පියවර සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර අවසන්. මේ තීරණාත්මක මොහොතේ, දෙවියන්ගේ ආශීර්වාදය පෙරටුව, උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කරමින් වඩාත් විශිෂ්ට තලයේ සේවාවක් සැලසීම අපගේ බලාපොරොත්තුව වන අතර, ඒ වෙනුවෙන් අපගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ අදහස්, යෝජනා හා ප්‍රතිචාර පිළිගැනීමට අප ඉමහත් උනන්දුවෙන් යුතුව බලා සිටිනවා.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ඔක්තෝබර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයාර්’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.