• Amãna Bank PLC Blog Detail - Main Visual

ව්‍යාපාරික මංපෙත් පුළුල් කරමින් අමානා බැංකුව වෙළෙඳපොළ නව්‍යකරණයන් වෙත අවතීර්ණ වේ

අමානා බැංකුව June 22, 2023

අමානා බැංකු සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින් ගල්හින්න සහ මඩවල යන ප්‍රදේශවලදී ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථාන දෙකක් පසුගියදා විවෘත විය. ඒ අනුව මේ වනවිට අමානා බැංකුවේ සේවා සැපයුම් ස්ථාන ජාලය පූර්ණ පහසුකම් සහිත ශාඛා 33 ක් සහ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන 22 ක් ඇතුළුව ස්ථාන 55 ක් දක්වා ව්‍යාප්ත වී තිබේ.

නව ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන දෙක විවෘත කිරීමේ අවස්ථාව සඳහා අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, ප්‍රධාන විධායක නිලධාරී ඉම්තියාස් ඉක්බාල් සහ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් යන මහත්වරුන් ඇතුළුව එම බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන්, ව්‍යාපාරිකයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

මේ අතරින් ගල්හින්න ප්‍රදේශයේ ස්ථාපිත කළ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අංක 226/3, පල්ලිය පාර, ගල්හින්න යන ස්ථානයෙහි පිහිටා ඇති අතර මෙමගින් ගනුදෙනුකරුවන්ට මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ලබාගැනීම සහ චෙක්පත් තැන්පත් කිරීම යන සේවාවන් ලබාගත හැකි අතර, ඔවුන්ට අවශ්‍ය වෙනත් බැංකු සේවාවන් සම්බන්ධයෙන් ඔවුන්ට සහය වීම සඳහා පාරිභෝගික සේවා මඩවල මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාව ගල්හින්න මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාව

නියෝජිතයන් කණ්ඩායමක්ද දැනට එහි සේවයේ නියුක්ත කොට ඇත. මඩවල ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය තුළින් ද මෙම සේවාවන් ලබාගත හැකි අතර එය අංක 227/2/2, නුවර පාර, මඩවල යන ස්ථානයෙහි ස්ථාපිත කර ඇත. මෙම මධ්‍යස්ථාන මගින් ගනුදෙනුකරුවන්ට ලබා දෙන සේවාවේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා, අමානා බැංකුවේ අකුරණ සහ කටුගස්තොට යන ශාඛා මගින් අනියුක්ත කරන ලද, මැනැවින් පුහුණුවලත් කණ්ඩායම් ද්විත්වයක් මෙම මධ්‍යස්ථාන කළමනාකරණය කරනු ලබයි. එමෙන්ම මෙම මධ්‍යස්ථාන දෙකම, AB Securitas (පුද්.) සමාගම සමග ඇතිකරගත් ‘Brown Label Self Service Device’ හවුල්කාරීත්වය යටතේ ස්ථාපිත කර තිබේ.

“අපගේ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන ජාලය තවදුරටත් පුළුල් කර, සමස්තයක් ලෙස අපගේ සේවා ස්ථාන සංඛ්‍යාව 55 දක්වා වැඩි කරගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය ඔස්සේ ගල්හින්න සහ මඩවල ප්‍රදේශවල ජනතාවටත් වඩාත් හොඳ සේවාවක් ලබාදීමට දැන් අපට හැකියාව ලැබී තිබෙනවා. දුරබැහැර ප්‍රදේශවල ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන විවෘත කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමත් සමග අපට එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. එම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට අප තීරණය කළේ ඒ නිසයි. මෙම වසර තුළ තවත් ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන කිහිපයක් රටේ විවිධ ප්‍රදේශ වල විවෘත කිරීමට අප බලාපොරොත්තු වනවා.” මෙම අවස්ථාවට සහභාගී වූ අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා අදහස් දැක්වී ය.

“මේ ආකාරයට අපගේ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන ජාලය පුළුල් කිරීම මගින් දෛනික මුල්‍ය සේවාවන් ලබාගැනීම දුෂ්කර වූ විශාල පිරිසකට වඩාත් පහසුවෙන් තම මූල්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාවක් උදා වෙනවා. මේ අතරින් ඇතැම් ප්‍රදේශවල ජනතාවට මීට පෙර ATM යන්ත්‍ර වැනි මූලික මට්ටමේ බැංකු සේවාවන් ලබාගැනීමට පවා සැලකිය යුතු දුරක් ගමන් කිරීමට සිදු වී තිබුණා. මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ලබාගැනීම සහ චෙක්පත් තැන්පත් කිරීම වැනි සේවාවන්ට අමතරව, ගනුදෙනුකරුවන්ට වෙනත් බැංකු සේවාවන් ලබාගැනීමට සහය වීම සඳහාම වෙන් කළ පාරිභෝගික සේවා නිලධාරී කණ්ඩායමක් මෙම මධ්‍යස්ථාන තුළ සේවයෙහි යොදවා තිබෙනවා. එමගින් අපගේ ගනුදෙනුකරුවන් වෙත වඩාත් හොඳ සේවාවක් ලබාදීමට අපට හැකියාව ලැබේ යන්න අපගේ විශ්වාසයයි.” අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා එළෙස තම අදහස් දැක්වී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජිද්දා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත

බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස පමණක් කටයුතු කරයි.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo