මූල්‍ය සේවාවන් සීමා වීම, ඉහළ පොලී අනුපාත අයකිරීම සහ ආපසු ගෙවීමේ කාලසීමාවන් ප්‍රමාණවත් නොවීම වැනි සාධක නිසා වර්තමානයේ බොහෝ දෙනෙකුට බැංකු සහ මූල්‍ය ආයතනවලින් මූල්‍ය පහසුකම් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට යමින් ගනුදෙනුකරුවන්ට සහනදායී මූල්‍ය සේවාවන් සැලසීමට අමානා බැංකුව ඉදිරිපත් වී සිටී.
මෙම මූල්‍ය සේවාවන් මෙන්ම අමානා බැංකුව අනුගමනය කරන, පොලිය මත පදනම් නොවූ මානව-හිතවාදී බැංකුකරණ ප්‍රවේශය ගනුදෙනුකරුවන්ට ඉමහත් සහනයක් වනු නො-අනුමාන ය.
විශේෂයෙන්ම වෙළඳපොළේ හොඳම අනුපාත සමගින් ආපසු ගෙවීම සඳහා වැඩි කාලයක් හිමි වන නිසා ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් තමන් ලබාගන්නා මූල්‍ය පහසුකම් කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබේ.
අමානා බැංකුව පිරිනමන රථවාහන කල්බදු සේවාවන්ට අදාළ මාසික ගාස්තුව රු. 100,000/- කට රු. 2,345/- ක් වැනි අවම මට්ටමක පවතින අතර, ආපසු ගෙවීම සඳහා වසර 7 ක් දක්වා කාලය හිමි වේ. එමෙන්ම ගනුදෙනුකරුවන්ට වඩාත් සහනදායී ලෙස පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීමට අවස්ථාව ලබාදීම සඳහා, වසර 8 ක කාලයක් සඳහා සූර්ය බලශක්ති මූල්‍ය පහසුකම් පිරිනැමීමටද අමානා බැංකුව පියවර ගෙන ඇත. තවද පෞද්ගලික වත්කම් සහ ගෘහෝපකරණ මිලදී ගැනීමට උනන්දුවක් දක්වන පුද්ගලයන්ට ඒ සඳහා අමානා බැංකුවේ පහසු ගෙවීමේ සැලසුම් භාවිතා කළ හැකි අතර, රජයේ සේවකයන්ට, වෛද්‍යවරුන්ට සහ කථිකාචාර්යවරුන්ට ඒ සඳහා වසර 10 ක් දක්වා කාලසීමාවක් හිමි වේ.
www.amanabank.lk/#financing-support යන වෙබ් පිටුව හරහා ඉතාමත් පහසුවෙන් මෙම මූල්‍ය සේවාවන් සඳහා අයදුම් කළ හැක. මෙහිදී ගනුදෙනුකරුවන් සඳහා වෙනම සම්බන්ධතා කළමනාකාරවරයෙකුද අනියුක්ත කරනු ලබන අතර, ගනුදෙනුකරුවන්ට එම කළමනාකරු සමග තම මූල්‍ය සේවාවන්ට අදාළ සම්බන්ධීකරණය පවත්වාගත හැකි වේ.
“ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකි වන ආකාරයට වෙළඳපොළේ හොඳම අනුපාත සමගින් ආපසු ගෙවීමට වැඩි කාලසීමාවක් ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්. පසුගිය වසර කිහිපය තුළ මුහුණ දීමට සිදු වූ ආර්ථික අභියෝග ජයගනිමින් අප ළඟා කරගත් ශක්තිය හා ස්ථාවරත්වය නිසා මෙවැනි ආකර්ෂණීය විසඳුම් පිරිනැමීමට අපට හැකියාව ලැබී තිබෙනවා. අපගේ සුවිශේෂී සහ මානව-හිතවාදී බැංකු ක්‍රමයේ වෙනස සහ ප්‍රතිලාභ අත්විඳින මෙන් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනා කිරීමට මා කැමතියි.” අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා පැවසී ය.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස පමණක් කටයුතු කරයි.