• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේි ඕෆන්කෙයා’ වැඩසටහන 4 වන වරටත් ප‍්‍රතිලාභී දරුවන්ට අරමුදල් බැර කරයි

අමානා බැංකුව September 3, 2020

දෙමාපිය රැුකවරණ අහිමි දරුවන් 2,700 කට අධික පිරිසක් ප‍්‍රතිලාභ ලබයි

අමානා බැංකුවේ ජාත්‍යන්තර සම්මාන හිමිි ඕෆන්කෙයා’ (ධරචය්බක්‍්රු* ප‍්‍රජා සත්කාර වැඩසටහන පසුගියදා තවත් කාර්තුවක අරමුදල් බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණ කළේ ය. ඒ අනුව, 2019 වසරේ එම වැඩසටහන ආරම්භ කිරීමේ සිට මේ දක්වා කාර්තු 4 ක් පුරා එමගින් ප‍්‍රතිලාභීන් අතර අරමුදල් බෙදාදීම සිදුකර ඇති අතර, 2020 ජූලි මාසය වන විට එයින් ප‍්‍රතිලාභ ලද දරුවන් සංඛ්‍යාව 2,700 ඉක්මවයි.

ස්වාධීන භාර අරමුදලක් ලෙස අමානා බැංකුවේ ප‍්‍රමුඛතම ප‍්‍රජා සත්කාර වැඩසටහන වනි ඕෆන්කෙයා’ වැඩසටහන ආරම්භ කරන ලද්දේ, දෙමාපිය රැුකවරණය අහිමි දරුවන්ගේ අනාගත යහපත සම්බන්ධයෙන් ගත්විට අතිශයින් වැදගත්, එහෙත් ප‍්‍රමාණවත් අවධානයක් යොමු වී නොතිබුණු ගැටලූවක් සඳහා පිළියමක් වශයෙනි. එම ගැටලූව නම්, වයස අවුරුදු 18 පිරී ළමා නිවාස වලින් නික්ම යාමට සිදුවන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අභියෝගයයි. ළමා කාලයේදී රැුකවරණය අහිමි වීමෙන් අනතුරුව ළමා නිවාස වලට පැමිණ, ඉන්පසු වැඩි වියට පත්වූ විට එම ආයතනික රැුකවරණය මගින්ද ඔවුන් අත්හරිනු ලැබීම නිසා යුනිසෙෆ් සංවිධානය විසින්ිදෙවන අත්හැරීම’ (ඔයැ ීැජදබා ්ඉ්බාදබපැබඑ* වශයෙන් හඳුන්වනු ලබන මෙම තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ගැටලූවකි. අමානා බැංකුව තම ප‍්‍රජා සත්කාර වැඩසටහන හරහා උත්සාහ කරන්නේ, මෙම ගැටලූව විසඳීමේ එක් වැදගත් පියවරක් වන, එම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන ආකාරයට අරමුදල් සම්පාදනය කිරීමට ය. ඒ සඳහා ඕෆන්කෙයා භාරය ප‍්‍රතිලාභී දරුවන්ට අවුරුදු 18 සපිරෙන තුරු ඔවුන්ගේ ගිණුම් වලට වරින් වර මුදල් බැරකරන අතර, ඉන්පසුව එම දරුවන්ට අවුරුදු 18 සපිරීමෙන් එම මුදල් ලබාගත හැකි වේ.

මෙම වැඩසටහනට අදාළ සියලූම පරිපාලන හා මෙහෙයුම් වියදම් බැංකුව මගින් දරනු ලබන නිසා, වැඩසටහනට පරිත්‍යාග කරනු ලබන සියලූම මුදල් සම්පූර්ණයෙන්ම ප‍්‍රතිලාභී දරුවන් වෙත යොමු වේ.

මෙම ප‍්‍රජා සත්කාරය පිළිබඳව අදහස් දක්වමින් ඕෆන්කෙයා අරමුදලේ ප‍්‍රධානී අසාද් සහීඞ් මහතා මෙසේ පැවසුවේ. ”ක්‍දඩසා-19 වසංගතය නිසා ඇතිවූ අභියෝග හමුවේ පවා අඛණ්ඩව 4 වන වරටත් මෙසේ අදාළ ප‍්‍රතිලාභී දරුවන්ගේ ගිණුම් වලට මුදල් බැරකිරීමට හැකිවීම අපට මහත් සතුටක්. මේ උතුම් ක‍්‍රියාවට සම්බන්ධ වීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකන අතරම, සියලූම භාරකරුවන් හා පරිත්‍යාගශීලීන් වෙත මගේ කෘතඥතාව පළකිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

මේ වනවිට ශ‍්‍රී ලංකාව තුළ සිටින ලියාපදිංචි වූ රැුකවරණය අහිමි දරුවන් සංඛ්‍යාව 14,000 ඉක්මවයි. ඕෆන්කෙයා වැඩසටහන මේ වනවිට අනාථ නිවාස 79 ක දරුවන් 2,700 කට අධික පිරිසක් ආවරණය කරන අතර, ඉදිරියේදී දිවයිනේ සියලූම අනාථ දරුවන්ට යහපත සැලසීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇත. අමානා බැංකුවේ ඕෆන්කෙයා වැඩසටහනට දරුවන් ඇතුළත් කරගැනීමේදී, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ දෙවන වගන්තිය අනුව, දරුවන්ගේ, දෙමාපියන්ගේ හෝ නෛතික භාරකරුවන්ගේ ජාතිය, වර්ණය, ස්ත‍්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම, දේශපාලන හෝ වෙනත් මතවාද, ජාතික හෝ සමාජයීය පදනම, දේපළ, ආබාධිත බව, උපත හෝ වෙනත් කිසිදු තත්ත්වයක් සැලකිල්ලට නොගැනේ.

සමාජ සේවාවන් සම්බන්ධයෙන් ඉමහත් උනන්දුවක් හා පළපුරුද්දක් සහිත ප‍්‍රවීණයන් පිරිසක් ඕෆන්කෙයා අරමුදලේ පරිපාලනය භාරව කටයුතු කරති. එම ප‍්‍රවීණයන් වන්නේ සභාපති රුස්ලි හුසේන් මහතා (ශ‍්‍රී ලංකා රොටරැුක්ට් ව්‍යාපාරයේ නිර්මාතෘ*, ඔස්මාන් කාසිම් මහතා (අමානා බැංකුවේ නිර්මාතෘ- හිටපු සභාපති*, කේ. ආර්. රවීන්ද්‍රන් මහතා (රොටරි පදනමේ භාරකාර මණ්ඩලයේ සභාපති සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති*, අරමුදලේ භාණ්ඩාගාරික රොහාන් තුඩාවේ මහතා (තුඩාවේ බ‍්‍රදර්ස් හි සභාපති*, ශරාඞ් අමලියන් මහතා (මාස් හෝල්ඩින්ස් සමාගමේ සම නිර්මාතෘ*, තයීබ් අක්බර්(අ*ලි මහතා (අක්බාර් බ‍්‍රදර්ස් හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ*, හර්ෂ අමරසේකර මහතා (ජනාධිපති නීතීඥ*, ජස්රි මැග්ඩන් ඉස්මයීල් මහතා (්්ඔ හි හිටපු සභාපති* සහ මොහොමඞ් අස්මීර් මහතා (අමානා බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී* යන මහත්වරුන් ය. ඕෆන්කෙයා වැඩසටහන විශ්වාසනීයත්වය අතින් ඉහළම මට්ටමින් පවත්වා ගැනීම සහ එහි දිගුකාලීන තිරසාරත්වය සහතික කිරීම උදෙසා වැඩසටහනේ භාරකරුවන් විසින් ශක්තිමත් පාලන රාමුවක් ස්ථාපිත කර තිබේ.

”දෙමාපිය රැුකවරණය අහිමි දරුවන්ගේ අනාගතය යහපත් කිරීමට කැමති සියලූම දෙනාට මෙම සත්කාරය සමග එක්වන මෙන් මා ආරාධනා කරනවා. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට, ඕෆන්කෙයා වැඩසටහනේ ප‍්‍රකාශ පත‍්‍රය සහ අනෙකුත් තොරතුරු අඅඅග්ප්බ්ඉ්බනගකනරැුදරචය්බ-ජ්රු වෙත පිවිසීමෙන් හෝ 011 775 6 775 අංකය ඇමතීමෙන් ලබාගැනීමට පුළුවන්. එමෙන්ම www.amanabank.lk/orphan-care වෙත පිවිසී ඕෆන්කෙයා වැඩසටහන හා එහි පසුබිම පිළිබඳ වීඩියෝව නරඹන මෙන් මා සැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.” අසාද් සහීඞ් මහතා වැඩිදුරටත් පැවසී ය.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo