A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ ඕෆන්කෙයාර්( OrphanCare) ව්‍යාපෘතිය තවත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

Amãna Bank February 15, 2021

අමානා බැංකුවේ ප්‍රමුඛතම සහ ජනාදරයට පාත්‍ර වූ ප්‍රජා සත්කාර වැඩසටහනක් වන ඕෆන්කෙයාර් ව්‍යාපෘතිය, කලාපීය සම්මාන උළෙලක් වන 2020 IFFSA සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. මෙම සම්මාන උළෙල, දකුණු ආසියානු කලාපයේ පොලී රහිත බැංකු සහ මූල්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය හා ව්‍යාපෘති ඇගයීමට ලක්කරන සම්මාන උළෙලකි.

2020 වසරේදී මුහුණ දීමට සිදුවූ අභියෝග හමුවේ පවා අඛණ්ඩව සාර්ථක ලෙස පෙරට යමින්, ප්‍රතිලාභී දරුවන්ගේ ගිණුම් වෙතට අරමුදල් බැරකිරීමට ඕෆන්කෙයාර් වැඩසටහන සමත් විය. මේ වනවිට එම වැඩසටහන මගින් ආවරණය වන, රැකවරණය අහිමි දරුවන් සංඛ්‍යාව 2,800 ඉක්මවයි. මේ ආකාරයට IFFSA 2020 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය ලෙස ඇගයීමට ලක්වීමට අමතරව ඕෆන්කෙයාර් වැඩසටහන 2020 SLIBFI සම්මාන උළෙලේදී වසරේ සමාජ අභිවෘද්ධි ව්‍යාපෘතිය සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 2019 වසරේ ඕමානයේදී පැවති IRB සම්මාන උළෙලේදී වසරේ සමාජයීය වශයෙන් වගකීම්සහගත බැංකුව ලෙස අමානා බැංකුවට සම්මාන හිමිවීම සඳහාද එම ව්‍යාපෘතිය එක් ප්‍රධාන හේතුවක් විය. මේ සියලු සම්මාන, ඕෆන්කෙයාර් ව්‍යාපෘතියේ සාර්ථකත්වයට මනා සාක්ෂි ලෙස පෙන්වා දිය හැකි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ඕෆන්කෙයාර් භාරයේ සභාපති රුස්ලි හුසේන් මහතා මෙසේ පැවසී ය. “අපගේ ඕෆන්කෙයාර් ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය වෙනුවෙන් මෙලෙස යළිත් වරක් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමට හැකිවීමට අපට මහත් සතුටක්. මෙවැනි ඇගයුම් මගින්, රැකවරණය අහිමි දරුවන්ට තම අනාගතය සම්බන්ධයෙන් යහපත් තීරණ ගැනීමේ හැකියාව උදාකර දීම සඳහා වන අපගේ මෙහෙවර තවතවත් දිරිමත් කරනවා. ඕෆන්කෙයාර් අරමුදලේ අනෙකුත් භාරකරුවන් සියලුම දෙනා වෙනුවෙන් මේ මොහොතේදී, අපට අරමුදල් ප්‍රදානය කරන්නන්, බැංකුවේ කාර්ය මණ්ඩලය, අනාථ නිවාස වල කළමනාකාරීත්වය, හවුල්කරුවන් සහ නන් අයුරින් සහයෝගය දෙන අනෙකුත් සියලුම දෙනාට, ඕෆන්කෙයාර් ව්‍යාපෘතිය මෙලෙස සාර්ථක කරගැනීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස්තූතිය පළකිරීමට මා කැමතියි.”

ස්වාධීන භාර අරමුදලක් ලෙස අමානා බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන ඕෆන්කෙයාර් වැඩසටහන ආරම්භ කරන ලද්දේ, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ අනාගත යහපත සම්බන්ධයෙන් ගත්විට අතිශයින් වැදගත්, එහෙත් ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොතිබුණු ගැටලුවක් සඳහා පිළියමක් වශයෙනි. එම ගැටලුව නම්, වයස අවුරුදු 18 පිරී ළමා නිවාස වලින් නික්ම යාමට සිදුවන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අභියෝගයයි. ළමා කාලයේදී රැකවරණය අහිමි වීමෙන් අනතුරුව ළමා නිවාස වලට පැමිණ, ඉන්පසු වැඩි වියට පත්වූ විට එම ආයතනික රැකවරණය මගින්ද ඔවුන් අත්හරිනු ලැබීම නිසා යුනිසෙෆ් සංවිධානය විසින් ‘දෙවන අත්හැරීම’ (The Second Abandonment) වශයෙන් හඳුන්වනු ලබන මෙම තත්ත්වය, දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ගැටලුවකි. අමානා බැංකුව තම ප්‍රජා සත්කාර වැඩසටහන හරහා උත්සාහ කරන්නේ, මෙම ගැටලුව විසඳීමේ එක් වැදගත් පියවරක් වන, එම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන ආකාරයට අරමුදල් සම්පාදනය කිරීමට ය. ඒ සඳහා ඕෆන්කෙයාර් භාරය ප්‍රතිලාභී දරුවන්ට අවුරුදු 18 සපිරෙන තුරු ඔවුන්ගේ ගිණුම් වලට වරින් වර මුදල් බැරකරන අතර, ඉන්පසුව එම දරුවන්ට එම මුදල් ලබාගත හැකි වේ.

මෙම වැඩසටහනට අදාළ සියලුම පරිපාලන හා මෙහෙයුම් වියදම් බැංකුව මගින් දරනු ලබන නිසා, පරිත්‍යාග කරනු ලබන සියලුම මුදල් කිසිදු අඩුවකින් තොරව ප්‍රතිලාභී දරුවන් වෙත යොමු වීම මෙහි ඇති සුවිශේෂීම ලක්ෂණයකි. එමෙන්ම ඕෆන්කෙයාර් වැඩසටහන යටතේ දරුවන්ට ප්‍රතිලාභ සැලසීමේදී, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ දෙවන වගන්තිය අනුව, දරුවන්ගේ, දෙමාපියන්ගේ හෝ නෛතික භාරකරුවන්ගේ ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම, දේශපාලන හෝ වෙනත් මතවාද, ජාතික හෝ සමාජයීය පදනම, දේපළ, ආබාධිත බව, උපත හෝ වෙනත් කිසිදු තත්ත්වයක් සැලකිල්ලට නොගැනේ.

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp