අමානා බැංකුව, මෑතකදී පැවති Asia Best Employer Brand සම්මාන උළෙලේදී ආසියානු කලාපයේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම අතරින් එකක් ලෙස ඇගයීමට ලක්වීමට සමත් විය. World HRD Congress මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. මීට පෙර එම ආයතනය වෙතින්ම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාමයක් ලෙස ඇගයීමට ලක්වීමට අමානා බැංකුව සමත් විය. මෙම සම්මාන සඳහා ආසියානු කලාපයේ ප්‍රධාන පෙළේ සමාගම් හා ආයතන රැසක් යෝජනා වී තිබූ අතර, ඒ අතරින් ඉදිරියට පැමිණෙමින් මෙම සම්මානය දිනාගැනීමට අමානා බැංකුවට හැකියාව ලැබිණි. දුරස්ථ ක්‍රමයට පැවති උත්සවයකදී, අමානා බැංකුවේ උප සභාපති (මෙහෙයුම්) ඉම්තියාස් ඉක්බාල් මහතා විසින් එම සම්මානය පිළිගන්නා ලදි.
“ජනප්‍රියම සේවායෝජකයෙකු ලෙස අප සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කර ගනිමින් මෙලෙස ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාමයක් ලෙස ඇගයීමට ලක්වීම අප ලැබූ විශාල ගෞරවයක්. අපගේ සාර්ථකත්වයට හා ජයග්‍රහණ වලට නිරන්තරයෙන් උරදෙන අපගේ කණ්ඩායමට කෘතඥතාව පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” අමානා බැංකුවේ මානව සම්පත් ප්‍රධානී ෆර්හාන් රිෆායි මහතා පැවසී ය.
“World HRD Congress වෙතින් මේ ආකාරයට ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාමයක් ලෙස ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. බෙහෙවින් අභියෝගකාරී වාතාවරණයක් පවතින පසුබිමක් තුළ, අපගේ 800 කට අධික සාමාජික සාමාජිකාවන් පිරිසගේ දායකත්වය සමගින් ශක්තිමත් ලෙස එම අභියෝග වලට මුහුණ දෙමින්, ‘සංවර්ධනයට අත්වැලක්, ඉසුරුමත් ජීවිතයක්’ යන මෙහෙවර වෙනුවෙන් කැපවීමට අපට හැකියාව ලැබුණා. එම නිසා, මෙම සම්මානයේ ගෞරවය අපගේ සාමාජික සාමාජිකාවන් වෙත හිමි විය යුතුයි.” අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2021 නොවැම්බර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.
ඡායාරූපය: අමානා බැංකුවේ මානව සම්පත් ප්‍රධානී ෆර්හාන් රෙෆායි මහතා ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාමය සඳහා වන සම්මානය හා සහතිකය එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා වෙත භාරදුන් අවස්ථාව. උප සභාපති (මෙහෙයුම්) ඉම්තියාස් ඉක්බාල් මහතාද ඡායාරූපයෙහි සිටී.