අමානා බැංකුව විසින් මෙරට දරු දැරියන්ගේ නිර්මාණශීලී රචනා හැකියාවන් ඔප්නැංවීමේ අරමුණින් ‘මගේ අනාගතය, මගේ සිහිනය’ යන මැයෙන් සංවිධානය කර ඇති සමස්ථ ලංකා රචනා තරගයට නිර්මාණ භාරගැනීම මේ දිනවල ආරම්භ වී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහිතව පවත්වනු ලබන මෙම රචනා තරගය සඳහා වයස අවුරුදු 8 ත් 16 ත් අතර දරුවන්ට තම නිර්මාණ ඉදිරිපත් කළ හැක.
මේ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන තරගකරුවන්ට තම අනාගත සිහින හා බලාපොරොත්තු පිළිබඳ නිර්මාණශීලි අයුරින් විස්තර කර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම රචනා නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර, වයස් කාණ්ඩ 2 ක් යටතේ තරගය පැවැත්වේ. ඒ අනුව වයස අවුරුදු 8 ත් 12 ත් අතර කාණ්ඩයේ රචනා වචන 250 කට නොවැඩි විය යුතු අතර, වයස අවුරුදු 13 ත් 16 ත් අතර කාණ්ඩයේ රචනා වචන 400 කට නොවැඩි විය යුතු ය.
මෙහිදී භාෂා මාධ්‍යය සහ වයස් කාණ්ඩය අනුව ප්‍රථම ස්ථාන දිනාගන්නා ජයග්‍රාහකයන් 6 දෙනෙකු සඳහා රු. 50,000 බැගින් වූ මුදල් ත්‍යාග හිමි වන අතර, දෙවන ස්ථාන දිනාගන්නා 6 දෙනෙකු සඳහා රු. 30,000 බැගින් හිමි වේ. මීට අමතරව තෝරාගනු ලබන තවත් නිර්මාණ 5 ක් සඳහා රු. 10,000 බැගින් වූ සැනසිලි ත්‍යාග පිරිනැමීමටද අමානා බැංකුව කටයුතු සූදානම් කර ඇත. තරඟයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගනු ලැබීම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් සහ පාසල් ගුරුවරුන්ගෙන් සමන්විත ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබේ.
මේ වන විටත් නිර්මාණ භාර ගැනීම ආරම්භ කර ඇති මෙම රචනා තරඟය පිළිබඳව අදහස් දක්වමින් අමානා බැංකුවේ අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන ප්‍රධානී ආසීම් රාලි මහතා මෙසේ තම අදහස් දැක්වී ය. “දැයේ නිර්මාණශීලී ලේඛන හැකියාවකින් යුක්ත දරු දැරියන්ට තම පරිකල්පනය ශක්තිය අවදි කරමින්, තම සිහින පිළිබඳව මුළු ලොවටම කියා පාන්නට ලැබුණු අගනා අවස්ථාවක් ලෙස ‘මගේ අනාගතය, මගේ සිහිනය’ සමස්ථ ලංකා රචනා තරගය හඳුන්වා දිය හැක. එමගින් ළමා ලොව සිහින පිළිබඳ අපූරු අදහස් ඔවුන්ටම අනන්‍ය වූ හඬකින් යුතුව ප්‍රකාශ කිමට සහ ඔවුන්ගේ නිර්මාණාත්මක කුසලතා ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් සැපයේ. එබැවින් මෙම තරගයට සහභාගී වීමට ඔබේ දරුවන් දිරිගන්වන මෙන් මා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් අප වෙත යොමු කරන ඒ රචනා කියවීමට අප මග බලා සිටින්නේ ඉතාමත් උනන්දුවෙන්.”
ඒ අනුව සියලු තරඟකරුවන්ගේ නිර්මාණ [email protected] යන ඊමේල් ලිපිනයට හෝ අංක 486, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට තැපැල් කළ හැකිය. නැතහොත් 0711756756 යන WhatsApp අංකය වෙත රචනා යොමු කළ හැකි අතර, අමානා බැංකුවේ ශාඛා වෙත ද ඔබගේ රචනා නිර්මාණ ගෙනැවිත් භාරදීමද සිදුකළ හැක. සියලුම රචනා 2023 ජූලි 31 දිනට පෙර යොමු කළ යුතු අතර, තරගකරු හෝ තරගකාරියගේ සම්පූර්ණ නම, පාසල, උපන්දිනය, දුරකථන අංකය සහ ලිපිනය යන තොරතුරු සමග මව, පියා හෝ භාරකරුගේ අත්සන සහිතව නිර්මාණ යොමු කළ යුතු ය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0117 756 756 ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ ළඟම පිහිටි අමානා බැංකු ශාඛාවෙන් ලබාගත හැක.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජිද්දා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස පමණක් කටයුතු කරයි.