• Amãna Bank PLC Blog Detail - Main Visual

සා.පෙළ විභාගයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිඵල වාර්තා කළ අමානා බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමි සිසුවාට විශේෂ ඇගයීමක්

Amãna Bank January 5, 2022

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වූ, අමානා බැංකුවේ ළමා ඉතුරුම් ගිණුමක් හිමි එම්. එන්. ඒ. ආබීඩ් සිසුවා විශේෂ ඇගයීමකට ලක්කිරීමට එම බැංකුව පසුගියදා කටයුතු කළේ ය. මාවනැල්ල සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන මේ සිසුවා, දෙමළ මාධ්‍යයෙන් ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් අතරින් සමස්ත ලංකා දෙවැනි ස්ථානය හිමිකර ගැනීමටද සමත් වී ඇත. මෙම ඇගයීමෙහි කොටසක් වශයෙන්, ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු තවදුරටත් සාර්ථක කරගැනීමට අත්වැලක් වීම සඳහා ලැප්ටොප් පරිගණයක් ප්‍රදානය කිරීමටද අමානා බැංකුව කටයුතු කළේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවි) සිද්දීක් අක්බාර් මහතා මෙසේ පැවසී ය. “අපගේ ළමා ඉතුරුම් ගිණුම් හිමි සිසුවෙකු මේ ජයග්‍රහණය වාර්තා කිරීම අපට මහත් සතුටක්. දරුවන්ට තම ජීවිතයේ උපරිම සාර්ථකත්වය ළඟා කරගැනීමට හැකිවීමට නම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු දිරිමත් කිරීමත්, ඔවුන් නිසි ඇගයීමකට ලක්කිරීමත් අවශ්‍ය බව අප දැඩි සේ විශ්වාස කරනවා. මින් ඉදිරියටත් මෙවැනි සුවිශේෂී ජයග්‍රහණ අත්කර ගන්නා දරු දැරියන් ඇගයීමට ලක්කිරීම අපගේ බලාපොරොත්තුවයි.”

කුඩා අවධියේ සිටම දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇතිකරවමින්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමට දෙමාපියන්ට අත්වැලක් වීම සඳහා, අලුත උපන් දරුවන් වෙනුවෙන් විවෘත කරනු ලබන සෑම ඉතුරුම් ගිණුමක් සඳහාම රු. 1,000/- ක මුදලක් බැරකිරීමට අමානා බැංකුවක් කටයුතු කරයි. එමෙන්ම ස්ථාවර නියෝග ඔස්සේ ළමා ගිණුම් වලට මුදල් බැරකිරීමට දෙමාපියන් දිරිමත් කිරීමේ පියවරක් වශයෙන්, වසර අවසානයේදී එම ස්ථාවර නියෝගයේ වටිනාකමට සමාන මුදලක් එම ළමා ගිණුමට බැරකිරීමටද අමානා බැංකුව පියවර ගෙන තිබේ.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ඔක්තෝබර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo