• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව මෙරට වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික බැංකුව ලෙස ඇගයීමට ලක්වේ

Amãna Bank October 8, 2021

එක්සත් රාජධානියේ Global Banking and Finance Review සඟරාව මගින් අමානා බැංකුව ‘ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික බැංකුව’ ලෙස නම්කර ඇත. 2020 වසරේදී තම සමස්ත වත්කම් වටිනාකම 16% කින් වර්ධනය කරගනිමින් වාර්තාගත කාලයක් තුළ රු. බිලියන 100 සීමාව පසුකිරීමට අමානා බැංකුව සමත් විය. බැංකුවේ 2021 මධ්‍ය වාර්ෂික මූල්‍ය ප්‍රතිඵල අනුව, සමස්ත වත්කම් වල 9% ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ අනුව දැන් සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 108.7 කි. 2020 ප්‍රථම මාස 6 තුළ රු. මිලියන 250.5 ක් වූ බදු-පෙර ලාභය මෙම වසරේ මුල් මාස 6 තුළ 100% කට වැඩි ප්‍රතිශතයකින් වර්ධනය වී, රු. මිලියන 506.8 ක් ලෙස වාර්තා වී තිබේ.

මීට අමතරව, විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හඳුන්වා දෙන ලද ‘Expat Gold’ සේවාව වෙනුවෙන් ‘විදේශගත පුද්ගලයන්ට සේවාවන් සලසන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව’ ලෙසද, බැංකුවේ ප්‍රධානතම ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘OrphanCare’ වැඩසටහන වෙනුවෙන් ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික ප්‍රජා සත්කාර බැංකුව’ ලෙසද අමානා බැංකුව මෙවර Global Banking and Finance Review සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර විය.

අමානා බැංකුව යනු ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින, පොලී රහිත සහ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට පූර්ණ වශයෙන් අනුගතව මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙරට තුළ බලපත්‍ර හිමි ප්‍රථම සහ එකම පෞද්ගලික බැංකුවයි. ‘සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක්’’ ඉලක්ක කරගත් එම බැංකුව මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වන ශාඛා හා ස්වයං බැංකුකරණ සේවා ජාලයක් ඔස්සේ ජනතාවට සේවය සලසන අතර එහි ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර 4500 කට අධික සංඛ්‍යාවක් සහ, ක්ෂණික තැන්පතු සඳහා Pay&Go යන්ත්‍ර 850 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වී තිබේ. තවද අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ පහසුකම්, පැය 24 පුරා ක්‍රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ කාන්තාවන් සඳහා වෙනම බැංකුකරණ ඒකක වැනි පහසුකම්ද පිරිනැමීමට අමානා බැංකුව මේ වනවිට පියවර ගෙන ඇත.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ඔක්තෝබර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo